ප්‍රවීණ රංගන ශිල්පී විමල් කුමාර ද කොස්තා පසුගිය 20 වැනිදා පස්වරුවේ ජීවිතයෙන් සමුගෙන තිබුණා.
ඔහුගේ මරණයට කලාකරුවන් සහභාගී වුණේ නැහැ කියලා ඔහුගේ බිරිඳ වන රේණුකා ද කොස්තා මහත්මිය පවසා තිබෙනවා.
ඇය වැඩිදුරටත් පවසා තිබුණේ 21 වැනිදා දහවල් වනතුරුත් කිසිම කලාකරුවෙක් නොපැමිණි බවයි.
විමල් කුමාර මහතාගේ පුතණුවන් වන කවීන් කුමාර ද කොස්තාද මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙවැන්නක්.
“තාත්තාගේ හදිසි අසනීපය ගැන ආරංචි වෙලා මම කළුබෝවිල රෝහලට ගියා.
එහි බාහිර රෝගී අංශයේ ට්‍රොලියක තාත්තාගේ සිරුර සුදු රෙද්දකින් වසා තිබුණා.
මම දැනගත්තා තාත්තා මිය ගිහින් කියලා.
මම ඒ වෙලාවේ ඉඳලා මේ වන තුරු කළුබෝවිල මෘත ශරීරාගාරය අසල ඉන්නවා.
රසිකයෝ හැරෙන්නට කිසිම කලා ශිල්පියෙක් මෙතෙන්ට ආවේ නෑ. අපේ තාත්තා කලා ශිල්පියෙක් වුණාට මුදල් හම්බ කෙළේ නෑ.
මුදල් තියෙන අලුතින් නැඟී එන නළු නිළියන්ට පමණයි ප්‍රවීණ ශිල්පීන් වුවත් උදවු කරන්නේ.
අපි දැන් ඉන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ලැබුණු නිවෙසකයි. එහෙත් දැන් මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් ඇගැයීමට ලක් කරනවා අඩුයි.
ඒ ගැන නම් දැනෙනවා ලොකු වේදනාවක්.”