ලෝකයේම අවදානය දිනාගත්ත කැනඩා වෙඩිතැබීමේ සිද්ධියෙන් පස්සේ මේ ඇසෙන්නේ තවත් වෙනස් කතාවක්.
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා හි පුද්ගලයන් අට දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් රැසකට තුවාල සිදු කරමින් සිදු වූ වෙඩි තැබීමේ සැකකරු ලෙස 18 හැවිරිදි තරුණයෙකු නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පොලිසිය පැවසුවේ, ජෙසී වෑන් රූට්සෙලාර් (Jesse Van Rootselaar) නමැති මෙම සැකකරු තමාටම වෙඩි තබාගෙන මියගොස් සිටියදී හමු වූ බවයි.
මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ටම්බ්ලර් රිජ් ද්විතීයික පාසලේදී (Tumbler Ridge Secondary School) පුද්ගලයන් හය දෙනෙකු මියගොස් අවම වශයෙන් තවත් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අනෙක් දෙදෙනා වන සැකකරුගේ 39 හැවිරිදි මව සහ 11 හැවිරිදි සහෝදරයා අසල නිවසක මියගොස් සිටියදීයි සොයා ගෙන ඇත්තේ.
බලධාරීන් පැවසුවේ, වෑන් රූට්සෙලාර් ජීව විද්‍යාත්මකව පිරිමියෙකු ලෙස උපත ලැබුවද, පසුව තමන් කාන්තාවක ලෙස හඳුන්වා දී ඇති බවයි.
"ජෙසී උපතින් පිරිමියෙකු වුවද මීට වසර හයකට පමණ පෙර කාන්තාවක ලෙස පරිවර්තනය වීමට පටන් ගත් බව මට කිව හැකියි," යැයි රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසියේ (RCMP) නියෝජ්‍ය කොමසාරිස් ඩ්වේන් මැක්ඩොනල්ඩ් පැවසීය.
මුලින්ම නිවසේ වෙඩි තැබීම සිදු කර ඇති අතර, පසුව සැකකරු පාසලට ගොස් ඇති බව රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසියේ (RCMP) නියෝජ්‍ය කොමසාරිස්වරයා සඳහන් කළා.
පාසලේදී මියගිය පිරිස අතර 39 හැවිරිදි ගුරුවරියක, 12 හැවිරිදි සිසුවියන් තිදෙනෙකු සහ 12 සහ 13 හැවිරිදි සිසුන් දෙදෙනෙකු වෙනවා.