දත් මැදීම කියන්නේ අපිට අතිශය සරල කාර්යයක්. හැබැයි ඒ සරල දේ පවා අපේ ජීවිතය උදුරාගන්න පුළුවන් මාරකයක් වෙන්න පුළුවන් කියලා ඔබ කවදාහරි හිතුවද?
මාතර පදිංචි 63 හැවිරිදි විශ්‍රාමික රාජ්‍ය සේවකයෙකු වන U.H. ප්‍රේමලාල් මහතා පසුගියදා මුහුණ දුන් අත්දැකීම ඇසෙන ඕනෑම කෙනෙකුගේ ඇඟ කිළිපොලා යනවා නොඅනුමානයි.
මොහොතක නොසැලකිල්ලෙන් සිදුවූ මාරක විපත පසුගිය ජනවාරි 23 වැනිදා උදෑසන දත් මදිමින් සිටි ප්‍රේමලාල් මහතා, නිවසේ නාන කාමරය වෙත යද්දී එකවරම ලිස්සා වැටී තිබෙනවා.
අවාසනාවකට ඔහු වැටී ඇත්තේ මුහුණ බිමට හැරෙන සේ "මුණින් අතටයි". ඒ අවස්ථාවේ ඔහුගේ මුඛය තුළ තිබූ දත් බුරුසුව දෙකට කැඩී ගොස්, එහි හිස කොටස උගුර පසාරු කරගෙන ඇතුළටම ගිහින් තිබුණා.
"උදේට හැමෝම ඉන්නේ හදිස්සියක.." සුවය ලබා නිවසට පැමිණි පසු ප්‍රේමලාල් මහතා රටටම දෙන ආදර්ශවත් පණිවිඩය ඉතාමත් වැදගත්..
"මේක හැම කෙනෙකුට ම ආදර්ශයක් වෙන්න මම කියන්නේ. මොක ද හැම කෙනෙකු ම උදේට කාර්යබහුල යි. ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකයේ හැම තැන ම කාර්යබහුල යි. මට මේ වෙච්ච දේ ගැන ඒ නිසා හැම කෙනෙකු ම දැනුවත් වෙන්න ඕනේ."
ලේ නහරය අසල සිරවුණු 'ප්ලාස්ටික්' මාරයා මුලදී රෝහල් කිහිපයකදීම X-ray පරීක්ෂණවලින් දත් බුරුසු කොටස සොයා ගැනීමට නොහැකි වුණත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම නිසා පසුව ගාල්ල ජාතික රෝහල වෙත යොමු කෙරුණා.
එහිදී සිදුකළ CT පරීක්ෂණයකදී හෙළිවුණේ අතිශය භයානක කරුණක්! දත් බුරුසු කොටස ගොස් තිබුණේ ඔහුගේ ගෙළේ ඇති ප්‍රධානම ලේ නහරය (Common Carotid) අසලටමයි.
වෛද්‍ය ඉතිහාසයේ දුර්ලභ සැත්කමක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදුකළ අතිශය අභියෝගාත්මක ශල්‍යකර්මයකින් පසු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට සමත් වුණා.
වෛද්‍යවරුන් පවසන්නේ මෙවැනි සිදුවීමක් ලෝකයේ වෙනත් කොහේවත් වාර්තා වී නොමැති තරම් අතිශය දුර්ලභ එකක් බවයි.
ජීවිතයට පාඩමක් ප්‍රේමලාල් මහතා අපට පවසන්නේ අපේ කාර්යබහුල ජීවිතය තුළ අපිට අමතක වන "පරෙස්සම" ගැන නැවත සිතා බැලිය යුතු බවයි.
"දැන් එහෙම දෙයක් වුණේ නැහැ වගේ" ඔහු සිනාසෙමින් පැවසුවත්, ඔහුගේ ඒ සිනහව පිටුපස ඇත්තේ මරණය පරාජය කළ මහා අත්දැකීමක්..
උපුටා ගැනීම - බිබිසී සිංහල