බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වූ ඒ සුන්දර මිදුල අතුගාමින් ඉතාමත් පිළිවෙළකට තබාගත් ඒ ආදරණීය මව මෙලොව හැර ගොස් ඇති බව වාර්තා වනවා.
ඉතාමත් චාම්, ගැමි සිරියාවෙන් පිරි ඒ නිවසත්, ඇසට ප්‍රිය වූ වැලි මිදුලත් කාලයක් තිස්සේම අන්තර්ජාලය තුළ ඡායාරූප මගින් ප්‍රසිද්ධ වී තිබුණා. එම මිදුලේ ලස්සනට වඩා ඒ පිටුපස තිබූ ඇයගේ අප්‍රතිහත ධෛර්යය සහ පිරිසිදුකම බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුණා.
ඇයගේ අභාවයත් සමඟ එම සුන්දර මිදුල යළිත් පෙර පරිදි දැක ගැනීමට නොලැබෙනු ඇති බව පවසමින් බොහෝ දෙනා සමාජ මාධ්‍ය ඔස්සේ සිය ශෝකය පළ කර සිටිනවා.
"ඉරණවිල ඒ ලස්සන මිදුලේ ලස්සන ආයේ කවදාවත් බලාගන්න බැරි වේවි.. ඇය යන්නම ගිහින්" යනුවෙන් සටහන් කරමින් බොහෝ දෙනා ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කර තිබුණා.