ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමය මහජනතාවට කියලා තියෙන්නේ ගංවතුරට හසුවෙලා තිබුණ ගෙවල්වල විදුලිය භාවිත කරද්දී උපරිම සැලකිල්ලෙන් ඉන්න කියලා.
විදුලි කාන්දු වීම් (Leakages) නිසා ඕනෑම වෙලාවක ජීවිත අවදානමක් ඇතිවෙන්න පුළුවන්. වතුරට යටවෙලා තිබුණ ප්ලග්, ස්විච් සහ වයර් භාවිතයට කලින් දෙපාරක් හිතන්න.
අපේ රටේ ආපදා තත්ත්වය පාලනය කරන්න ත්‍රිවිධ හමුදාව කරපු මෙහෙයුම ගැන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රුද්‍රිගෝ කළ ප්‍රකාශය දැන් රටේම කතාබහට ලක්වෙලා තියෙනවා.
තවමත් 38,800ක් වන ත්‍රිවිධ හමුදා සෙබළුන් ආපදා සහන සේවාවල නිරත වෙමින් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. සති ගණනක් තිස්සේ මේ වීරයෝ තමන්ගේ ජීවිත පරදුවට තියලා කරපු සේවය ඇත්තටම ගොඩක් වටිනවා.
හානි වෙච්ච පාරවල් ගැනත් දැන් උණුසුම් ආරංචියක් තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විමල් කණ්ඩම්බි දීලා තියෙන නිවේදනය හැමෝම සතුටු කරලා.
හානි වූ මාර්ග 185කට වැඩි සංඛ්‍යාවක් වාහන ගමනාගමනයට විවෘත කරලා තියෙනවා. ඒ වගේම හානි වෙච්ච පාලම් 7ක් වෙනුවෙන් තාවකාලික පාලම් 7ක් හදලා කියලා තමයි දැන ගන්න ලැබුණේ.