තම විවාහක පෙම්වතා තවමත් නීත්‍යානුකූල බිරිඳ සමඟ සම්බන්ධතා පවත්වන බවට චෝදනා කරමින් අනියම් බිරිඳ විසින් ඔහුගේ ලිංගය කපාදැමූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.
මෙම සිදුවීමෙන් පසු නිරුවත් පෙම්වතා වීදිවල ලේ ගලමින් කෑගසනු දක්නට ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කළා.
විවාහක පෙම්වතා සමඟ ලිංගිකව හැසිරෙන අතරතුර අනියම් බිරිඳ විසින් පෙම්වතාගේ ලිංගය කපා ඉවත් කර ඇති බව සඳහන්.
අපරාධය සිදුකළ කාන්තාව වන වින්ඩි සින්තියා 28 හැවිරිදි වන අතර ඇය පසුව පවසා ඇත්තේ මෙවැන්නක් කළේ ‘ඔහුට පාඩමක් ඉගැන්වීමට’ අවශ්‍ය වූ නිසා බවයි.
සිය විවාහක පෙම්වතා වන 32 හැවිරිදි කර්සිලාන් උටාමිගේ ලිංගික අවයව කපා දැමූ බවට වින්ඩි පාපොච්චාරණය කර තිබෙනවා.
මෙම යුවළ 2019 මුල් භාගයේදී පෙම් සබඳතාවක් ආරම්භ කර ඇති අතර, කර්සිලාන් 2019 අගභාගයේදී වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී තිබුණා.
එහෙත් ඔහු වින්ඩි සමඟ අනියම් සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් තිබෙනවා.
කර්සිලාන් විසින් වින්ඩිට සතිපතා ලබාදුන් ඉන්දුනීසියානු රුපියාහ් 200,000ක මුදල් ගෙවීම් අඩුවීමට පටන් ගැනීම ඇය තුළ කෝපසහගත සිතුවිලි ඇතිවීමට මූලික වූ බවයි පැවසෙන්නේ.
කර්සිලාන් ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට නව යතුරුපැදියක් මිල දී ගැනීම සහ බිරිඳ ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල පළකිරීමෙන් වින්ඩිට ඊර්ෂ්‍යාව ඇති වූ බව ද මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
වින්ඩි සතියක් පුරා මෙම ප්‍රහාරය සඳහා සැලසුම් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.
ඔක්තෝබර් 19 වන දින, ඇය කර්සිලාන්ව සුමාත්‍රා හි බණ්ඩර් ලම්පුං හි පිහිටි හුදකලා බිමකට රවටාගෙන ගොස් ඇති බව සඳහන්.
ඔවුන් ලිංගිකව හැසිරෙන අතරතුරදී වින්ඩි තම බෑගයේ තිබූ ඉතා කුඩා මුවහත් පිහියක් භාවිතා කරමින් ඔහුගේ ලිංගය කපා ඉවත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ලිංගය කපා ඉවත් කිරීමෙන් පසු, කර්සිලාන් ලේ ගලමින් සහ කෑගසමින් නිරුවතින් වීදිවලට දිවයාමේදී ප්‍රදේශවාසීන්ගේ උපකාරයෙන් ඔහු වහාම රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
ශල්‍ය වෛද්‍යවරුන් විසින් කපා දැමූ කොටස නැවත බද්ධ කිරීමට සමත් වී ඇති බවද සඳහන්.
ප්‍රහාරයෙන් පසු වින්ඩි පිහිය ඉවත දමා නිවසට ගොස් තිබෙනවා.
ඇයව පසුගිය ඔක්තෝබර් 21 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔක්තෝබර් 22 වන දින පැවති මාධ්‍ය හමුවකදී වින්ඩි මෙම අපරාධය පාපොච්චාරණය කළා.
ඇයගේ ප්‍රකාශය වූයේ "මම කළ දේ ගැන මට ටිකක් පසුතැවීමක් දැනුණා, නමුත් බොහෝ දුරට දැනුණේ තෘප්තියක්. කොහොමනමුත් අවසානයේ මම සෑහීමකට පත්වෙනවා." යනුවෙන්.
ඇය කියා සිටියේ ඔවුන්ගේ සම්බන්ධතාවය සැමියා සහ බිරිඳ වැනි වූ නමුත් ඔහු දිගින් දිගටම බොරු කී බවත්, ඔහු තම බිරිඳට සහ ඇයට වෙනත් කාන්තාවන් සමඟ සබඳතා පවත්වා වංචා කළ බවයි.
එය තමාට දැඩි වේදනාවක් සහ කෝපයක් ඇති කළ බවත් සැකකාරිය පවසා තිබෙනවා.
බරපතල ශාරීරික තුවාල සිදුකිරීම, හිතාමතා පහරදීම් සම්බන්ධයෙන් වින්ඩිට චෝදනා එල්ල වී ඇති අතර ඉන්දුනීසියානු නීතිය යටතේ මෙම චෝදනාවට උපරිම වශයෙන් වසර හතක සිර දඬුවමක් නියම කළ හැකියි.
වින්ඩිට වයස අවුරුදු අටක දරුවෙකු සිටිනවා.
එබැවින් ඇගේ මව සහ ආරක්ෂක අංශ විසින් සිරගත කිරීම කල්දමන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඇගේ මව සඳහන් කළේ, තම දියණිය සාමාන්‍යයෙන් මිත්‍රශීලී සහ හොඳ හැසිරීමක් ඇති අයෙකු බවයි.
