මහ පොළොවේ ජීවිත අහස උසට ඔසවා තබන, ගැයුම් උන්මාදයේ පස්වැනි විප්ලවය හිරු ස්ටාර් සීසන් 5, SHOPPING MALL AUDITION දෙවැනි අදියරෙන් ඉදිරියට යාමට පිළියන්දලින් පැමිණි කළිඳු ද සිල්වා වරම් හිමිකරගත්තා.
හිරු ස්ටාර් සීසන් 5, SHOPPING MALL AUDITION දෙවැනි අදියර අද (02) පැවැත්වුණේ කොළඹ, වන් ගෝල්ෆේස් සුපිරි සාප්පු සංකීර්ණ පරිශ්‍රයේදී යි.
එහිදී තරග වැදුණු දහස් සංඛ්‍යාත දක්ෂයින් අතරින් තෝරාගත් පුත්තලමේ සචිත් අමන්ද සහ පිළියන්දල කළිඳු ද සිල්වා අද රාත්‍රියේ හිරු ලයිෆ් ස්ටුඩියෝ මැදිරි සංකීර්ණයේ පැවැති හිරු ස්ටාර් සජීවී වැඩසටහනේ තම ගායන හැකියාව පෙන්වීමට සමත් වූ අතර, එහිදී පිළියන්දල කළිඳු ද සිල්වා විසින් හිරු ස්ටාර් මාවතේ ඉදිරියට යාමට වාසනාවන්ත වුණා.
මහ පොළොවේ ජීවිත අහස උසට ඔසවා තබන 100%ක්ම සජීවි ගැයුම් ප්‍රකාශනයක් වූ හිරු ස්ටාර්, අද වනවිට මෙරට ටෙලිවිෂනයේ අංක එකේ රියැලිටි වැඩසටහන ලෙසට සම්මානනීය වී ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ආකර්ෂණය මැදයි.
ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් කලාව ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ හිරු ස්ටාර්, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තවත් අද්විතීය නිර්මාණාත්මක සංකල්පයක්.
හිරු ස්ටාර් සජීවි ගැයුම් රියැලිටි වැඩසටහනේ මේ දිනවල ක්‍රියාත්මක වන්නේ අතිසාර්ථක පස්වැනි අදියරයි.
ජාත්‍යන්තර රියැලිටි තරගවලදී දැනට අනුගමනය කරන අතිශය නූතන සංකල්පයක් වන SHOPPING MALL AUDITION මෙරට ටෙලිවිෂනයේ රියැලිටි තරග සඳහා ප්‍රථම වරට හිරු ස්ටාර් තුළින් හඳුන්වා දුන්නේ නිසඟ ගායන කෞශල්‍යයෙන් යුත් ඔබටත් හිරු ස්ටාර් ජාත්‍යන්තර වේදිකාවට ගොඩවන්නට අවස්ථාව හිමිකර දෙමින්.
ඒ අනුව හිරු ස්ටාර් සීසන් 5 SHOPPING MALL AUDITION අත්දැකීම ඉතා සාර්ථකව කොළඹ "වන් ගෝල්ෆේස්" සුපිරි සාප්පු සංකීර්ණ පරිශ්‍රයේදී අද දිනය පුරා පැවැත්වුණා.
ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් තරගකරුවන් හා තරගකාරිනියන් දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා.