දිවයිනට ඊසාන දෙසින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වනවිට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
27 වැනිදා වන විට එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බැවින් නැවත දැනුම් දෙන තුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
දැනටමත් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල යෙදී සිටින්නේ නම් හැකි ඉක්මණින් ඉවත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් අද පෙරවරුවේ මඩකලපුවේ සිට කිලෝමීටර් 850ක් පමණ දුරින් පිහිටා තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මෙම අඩුපීඩන කලාපය අද දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවයි.
මෙම පද්ධතිය හෙට දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී අනිද්දා වනවිට සුළිකුණාටුවක් දක්වා තවදුටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹූරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනය තුළත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.