ඒ විදියට අන්තර්ජාලය ඔස්සේ ගෙන්නපු ආලේපනයක් භාවිතා කරලා වෙච්ච අකරතැබ්බයක් ගැන තමයි මේ කියන්න යන්නේ. අන්තර්ජාලය තුළ, සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව ඇසුරින් සාදා ඇති බවට ප්‍රචාරය වූ ආලේපනයක් වසර දහයකට අධික කාලයක් තිස්සේ භාවිතා කිරීම හේතුවෙන්, සර්ප සමක වැනි දම්-රතු පැහැති රටා තම සිරුරේ මතුවුණු බව කියන චීන කාන්තාවක් පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වෙලා තියෙනවා.
ඇය කිසිවිටෙකත් වෛද්‍ය උපදෙස් නොපතා ස්වයං-ඖෂධ ප්‍රතිකාර ලබාගත් බවයි රෝහලට හෙළි කර තියෙන්නේ. ඇතිවුණ සන්කූලතා එක්ක මෙම කාන්තාව ගෙවුණු ඔක්තෝබර් මාසයේදී " ජියැන්ග්ෂු " පළාතේ " නැන්ජින්ග්හි " නිරිතදිග විශ්වවිද්‍යාලයේ ෂොන්ග්ඩා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
වසර 10 කට පෙර ඇගේ දකුණු පාදයේ රතු ලප සහ කැසීම ඇතිවීමත් සමඟ මෙම පැල්ලම් ඇති වී ඇති අතර ඇය දිගින් දිගටම කැසීම නිසා එම තුවාල ශරීරය පුරා වේගයෙන් පැතිර ගොස් ඇති බවටයි ඇය පවසා ඇත්තේ.
කොහොම වුණත් මේ කාන්තාව මෙතනින් නවතින්නෙත් නෑ. ඇය ආයෙත් සහනයක් බලාගෙන තවත් ආලේපනයක් අන්තර්ජාලය හරහා ඇනවුම් කරනවා. මෙම කාන්තාවට විකුණුම්කරු කියලා තියෙන්නේ මේ ආලේපනය පිරිසිදු සම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව ඇසුරින් සාදා ඇති බවටයි.වෙළඳ දැන්වීමෙන් මේ අලුත් ආලේපනය ගැන විශ්වාසය තැබූ ඇය එම ආලේපනය මිලදී ගෙන දශකයක් පුරා අඛණ්ඩව භාවිතා කරලා තියෙනවා.
ඇය මුලින් ප්‍රකාශ කළේ, “මම එය මුලින්ම භාවිතා කිරීමට පටන් ගත් විට, කැසීම නැවතීම කැපී පෙනුණා. මට අවසානයේ නිවැරදි ඖෂධය සොයා ගත් බව මම සිතුවා.” යනුවෙන්.
කොහොම වුණත් , මෙම ප්‍රතිකාරය ඇගේ තත්ත්වය මුලදී ස්ථාවර කරන බවක් පෙනෙන්න තිබුණත් ඇයගේ සෞඛ්‍යය මෑතකදී සැලකිය යුතු ලෙස පිරිහී ගොස් තිබෙනවා. ඇය දශකයක් පුරා මෙම ආලේපනය සඳහා යුවාන් 100,000 කට වඩා (එක්සත් ජනපද ඩොලර් 14,000) වැය කර ඇති බවයි සඳහන් වන්නේ රෝහලට ඇතුළත් කරන විට, ඇය අධික ස්ථුලතාවකින් යුතු වූ අතර, ඇගේ මුළු සිරුරම ආවරණය වන පරිදි දම්-රතු, සර්පයෙකුට සමාන stretch marks සහ අධිරුධිර පීඩනයෙන් ද පීඩා විඳිමින් සිටි බව එරට වාර්තාවල දැක්වෙනවා.
ඇය ඉදිරිපත් කළ භයානක රෝග ලක්ෂණ අතර ඇගේ මුළු සිරුරම ආවරණය වූ සර්පයෙකුට සමාන දම්-රතු පැහැති පැළුම්, පහළ පාදවල ඉදිමීම, නිතර ඔක්කාරය, වමනය සහ අත්වල හිරිවැටීම ද වුණා. රෝහලේ ප්‍රධාන චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සොයාගත්තේ ඇයගේ කෝටිසෝල් මට්ටම් සිතාගත නොහැකි ලෙස අඩු වී ඇති බවයි. ඇයගේ, අත්‍යවශ්‍ය හෝමෝන ප්‍රමාණවත් ලෙස නිපදවීමට අධිවෘක්ක ග්‍රන්ථි අසමත් වන තත්ත්වයක් වන ද්විතියික අධිවෘක්ක බාහික ඌනතාවය ලෙස වෛද්‍යවරයා මෙම රෝගය විනිශ්චය කර තිබෙනවා.
වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසු ඇයගේ තත්ත්වය වැඩිදියුණු වීමේ ලක්ෂණ පෙන්වීමට පටන් ගෙන ඇතත්, ඇය අදාළ ක්‍රීම් නිෂ්පාදකයාගෙන් නීතිමය වන්දි ලබා ගනීද යන්න තවමත් පැහැදිලි නැති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
විවිධ රූපලාවන්‍ය දේවල් අත්හදා බලන ඔබටත් හොද පාඩමක් .කිසිම වෙලාවක වෛද්‍ය උපදෙස් නැතුව කිසිම දෙයක් පාවිච්චියට ගන්න එපා. ඒක ඔබේ සෞඛ්‍යයට ගොඩක් හිතකර වේවි.