ඒ අනුව අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වන දින සිට දින 6ක් පැවැත්වීමට නියමිතව ඇති අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතයි.
කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදු කෙරේ.
මෙවර අයවැය තුළින් ජනතාවට බොහෝ සහන ලැබෙනු ඇතැයි පසුගිය දිනවල ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් රැසක් අදහස් ඵල කර සිටියා. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේග ආණ්ඩුවෙහි දෙවන අයවැය මෙය වීමද විශේෂත්වයකි.