ඔන්න එහෙනම් ඔබත් දැනගන්න මේ නොවැම්බර් මාසය ඔබේ ලග්නයට අනුව පලාපල කොහොමද කියලා.
මේෂ ලග්නය
මංගල යෝග
මේෂ ලග්න හිමි ඔබගේ කේන්දරයේ හත්වැන්නට සිකුරුගේ පැමිණීම සිදුවේ. එසේ පැමිණ තුලාවේ ස්වක්ෂේත්‍රවේ. ඒ අනුව මේෂ ලග්න හිමියන්ට මේ මාසය පුරා මාලවී නම් යෝගය උදා වී පවතී. පොදුවේ ගත් විට මේ මාසය මේෂ ලග්න හිමියන්ට එක්තරා අන්දමක අභිවෘද්ධියක්, යහපත් ඇති කරන මාසයක් බව පැවසිය හැකි ය.
ගෘහජීවිතය
මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ විවාහ කාරක සිකුරු ස්වක්ෂේත්‍රව සිටින නිසා ගෘහ දිවියේ කටයුතු යහපත්ව, අභිවෘද්ධියකින් යුතුව ඉටුවන බව පැවැසිය හැකිය. ඉතාම සන්සුන් භාවයකින් යුතුව තම දිවිය ගත කිරීමට හැකියාව පවතී. මංගල යෝග ඇති කිරීමට ද මෙය අවස්ථාවක් වේ.
මෙතෙක් විවාහය ප්‍රමාද වූ අයගේ විවාහ කටයුතු ඉක්මන් කිරීමට ද මේ ග්‍රහ ගමන හේතු වන බව පැවැසිය යුතු ය.
ආර්ථිකය
ධනස්ථානාධිපතියා වශයෙන් හත්වැන්නේ සිකුරු ස්වක්ෂේත්‍රව සිටින නිසා ආර්ථික කටයුතු ද යහපත්ව, ප්‍රගතියකින් යුතුව පවත්වා ගැනීමට ද කටයුතු සැලසෙන බව පැවැසිය හැකිය. එහෙත් රැකියා කටයුතුවලට සුළු සුළු බාධා එල්ල වීම් සිදු වුවත් බ්‍රහස්පතිගේ ගමන නිසා එමඟින් ඇති කරන පීඩා ඉවත්ව යනු ඇත. වෘත්තීය ගරුත්වයකින් යුතුව, දියුණුවක් ඇතිව කරගෙන යාමට අවකාශ සැලසේ.
සෞඛ්‍යය
මුත්‍රාශය සම්බන්ධ පීඩා ඇතිවිය හැකිය. ලේ ගමනාගමනය සම්බන්ධවද රෝගාබාධ මතුවිය හැකි බැවින් ඒ පිළිබඳ පරෙස්සම් විය යුතු වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයෙන් යහපත් ප්‍රතිඵල ගෙන දෙන මාසයක් බව පැවැසිය යුතු ය. බ්‍රහස්පති කේන්දරයේ හතරවැන්නේ ගමන් කිරීමෙන් හංස යෝගය උදාවීම හේතුවෙන් මේෂ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක් මෙන්ම උසස් ප්‍රතිඵල ලැබීමේ හැකියාව පවතී.
සුබ වර්ණ – රතු
සුබ අංක – 9, 3
සුබ දින – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
වෘෂභ ලග්නය
උනන්දුව උත්සාහය වැදගත්
උදාවන්නේ යහපත උදාකරන මාසයක් බව පැවැසිය හැකිය. තම කටයුතු කෙරෙහි අභිවෘද්ධියක් ඇති කරන මාසයක් වේ. ඒත් මේ සඳහා වෘෂභ ලග්න හිමි ඔබගේ උනන්දුව උත්සාහය වැදගත් වනු ඇත. යම් යම් ප්‍රශ්න බාධා මධ්‍යයේ සාර්ථකත්වයක් ඇති කරන බවක් පෙනේ.
ගෘහජීවිතය
හත් වැන්නේ කුජ ගමන් කිරීම අසුබ යැයි පැවැසිය නොහැකිය. මන්ද ස්වක්ෂේත්‍රව රුචක යෝගය සහිතව ගමන් කරන බැවින් යුග දිවියේ කටයුතු යහපත් මට්ටමින් සාර්ථකව ගෙන යා හැකිය. සන්සුන් මානසිකත්වයකින් යුතුව වැඩකටයුතු කිරීමට හැකිවන බැවින් යුග දිවියේ කටයුතු වඩා හොඳින් පවත්වාගෙන යාමට ඔබට අවකාශ හිමි වේ.
ආර්ථිකය
ආදායම් තත්ත්වය, ධනය සම්බන්ධ කටයුතු පිළිබඳ යහපත් තත්ත්වයක් ඇති කිරීමේ ප්‍රවණතාවය දක්නට ලැබෙන ආර්ථික ප්‍රගතිය උදාවන මාසයක් බව පැවැසිය යුතු ය.
සෞඛ්‍යය
කුජ කේන්දරයේ හත් වැන්නේ ගමන් ගන්නා බැවින් ලේ ගමනාගමනය පිළිබඳ පීඩා, පපුවට සම්බන්ධ සුළු සුළු ආබාධ වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. එනිසා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතු ය. එහෙත් බරපතළ අන්දමේ සෞඛ්‍ය පිරිහීම් නොපවතී.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවල ද ඵලදායක සාර්ථක ස්වභාවයක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව පැවැසිය හැකිය.
සුබ වර්ණ – නිල්, ළා කොළ
සුබ අංක – 6, 8
සුබ දින – සෙනසුරාදා, සිකුරාදා
මිථුන ලග්නය
ආර්ථිකය යහපත් වේ
මේ මාසය මිථුන ලග්න හිමි ඔබට යහපත් ඵලදායී මාසයක් ලෙස සැලකිය හැකි ය. බ්‍රහස්පතිගේ ග්‍රහ ගමන හේතුවෙන් මිථුන ලග්න හිමි ඔබගේ දියුණුව යහපත්ව පවත්වාගෙන යා හැකිවනු ඇත.
ගෘහජීවිතය
බ්‍රහස්පති කුටුම්භස්ථානයේ ගමන් කිරීම හේතුවෙන් ඔබට යුගදිවියේ යහපත් ප්‍රතිඵල දායක පරිසරයක් ඇති කරනු ඇත.
යුග දිවියේ කටයුතු සන්සුන් වාතාවරණයක් යටතේ ඉටුකරගැනුමට අවකාශ හිමි වේ. විවාහපේක්ෂිතයන්ට යහපත් විවාහයක් සඳහා හොඳ සම්බන්ධතා ඇතිවිය හැකිය. සමස්තයක් ලෙස මංගල කටයුතු සම්බන්ධ අපේක්ෂා මුදුන් පත්වන බව පැවැසිය හැකිය.
ආර්ථිකය
ධනස්ථානයේ බ්‍රහස්පති උච්ච ස්වරූපයෙන් ගමන් කරයි. එනිසා මේ මාසය වෘත්තිමය කටයුතු සාර්ථක කරන ආර්ථිකමය ප්‍රගතිය ආදී සියලු ක්ෂේත්‍රයන්හි යහපතට සුබසාධනයට හේතුවන බව පැවැසිය හැකි ය.
සෞඛ්‍යය
ඔබගේ කේන්ද්‍රයේ 6 වැන්නේ කුජ ගමන් කිරීම හේතුවෙන් උදර ගත පීඩා, ආහාර දිරවීම සම්බන්ධ පීඩා මතුවිය හැකිය. ඒ නිසා මේ පිළිබඳ කල්පනාකාරීවීම මඟින් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් මේ මාසය පුරා ඔබට පවත්වාගෙන යාමට අවකාශ හිමිවන බව පැවැසිය යුතුය.
අධ්‍යාපනය
බ්‍රහස්පතිගේ ග්‍රහ ගමන අනුව, අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයක්, දියුණුවක් ඇති කරනු ලබන අතර එතුළින් ලබන ජයග්‍රහණ හා සාර්ථකත්වයන් නිසා වෘත්තිමය ලාභ පවා ඇති කිරීමේ හැකියාවක් පවතී.
සුබ වර්ණ – දම්, කොළ
සුබ අංක – 5, 3
සුබ දින -බදාදා, සිකුරාදා
කටක ලග්නය
වෘත්තීමය කටයුතු සාර්ථකයි
කටක ලග්න හිමි ඔබගේ ලග්න කේන්දරයේ බ්‍රහස්පති උච්චව ගමන් කරයි. එසේ ගමන් කරන්නේ හංස යෝගය උදා කරමිනි. එනිසා මේ මාසය කටක ලග්න හිමි ඔබට බාධා තිබුණේ නම් ඒ සියල්ල ඉවත් වී සැනසීමක් සතුටක් ගෙන දෙන මාසයක් බව පැවැසිය හැකිය.
ගෘහජීවිතය
කටක ලග්න හිමි ඔබට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉඩ ප්‍රස්ථා ගෙනදෙන කාලසීමාවක් වේ. සුබ අසුබ මිශ්‍රව ගෘහ දිවියේ කටයුතු ගෙවී යන බව පැවැසිය හැකිය.
සමබරව ගෘහ දිවිය කටයුතු සැලැසුම් කිරීමෙන් සාර්ථක ජීවිතයක් ගත කිරීමේ හැකියාවද ඔබ සතු වනු ඇත.
ආර්ථිකය
ආර්ථිකමය ප්‍රගතිය රැකියා හා වෘත්තීමය කටයුතුවල සාර්ථකත්වය දැකිය හැකිය. අදහස්, බලාපොරොත්තු සඵල වී ඉෂ්ට වීමෙන් යහපතට මඟ පෑදෙන මාසයක් වේ. එනිසා මේ මාසයේ ඔබගේ ආර්ථිකය, වෘත්තීය දියුණුව සැලසේ
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකීමේ දී ඔබ ප්‍රවේශම් විය යුතු ය. රාහු හා කේතුගේ ග්‍රහ පිහිටීම් අනුව, ශරීරයට විෂ වර්ග එකතු වීම්, මුත්‍රා සම්බන්ධ පීඩා ගෙන දිය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපනය ලබන්නන්ට සුවිශේෂී යහපත් කාලසීමාවක් වනු ඇත. සම්මුඛ පරීක්ෂණ මඟින් ජය අත්වන, තෘප්තිමත් ප්‍රතිඵල හිමිවන මාසයකි.
සුබ වර්ණ – කහ, රන්වන්
සුබ අංක – 9, 3
සුබ දින – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
සිංහ ලග්නය
සන්සුන් මනසින් ක්‍රියා කළ යුතුයි
රාහු, කේතු, සෙනසුරු යන ග්‍රහයන්ගේ ගමන මත සිංහ ලග්න හිමි ඔබට මේ මාසය යහපත් ප්‍රතිඵල ගෙන දෙන මාසයක් යැයි ප්‍රකාශ කළ නොහැකිය.
ගෘහජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධවද ඔබ මේ මාසය කල්පනාකාරීව ක්‍රියා කළ යුතු ය. පවත්නා ග්‍රහචාරය අනුව, සන්සුන් මානසිකත්වයෙන් යුතුව ක්‍රියා කිරීමෙන් ගෘහදිවියේ ඇතිවිය හැකි අනවශ්‍ය ප්‍රශ්නවලින් මිදී ක්‍රියා කිරීමට හැකියාව හිමි වේ.
ආර්ථිකය
ආර්ථිකය හා වෘත්තීමය කටයුතුවල ප්‍රගතියට යම් යම් බාධාකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව ප්‍රකාශ කළ යුතු ය. එනිසා මේ මාසය ඉතා ඉවසිලිවන්තව, කල්පනාකාරීව බුද්ධිමත්ව ක්‍රියාකිරීමෙන් අනවශ්‍ය ප්‍රශ්නවලට මැදිහත් නොවී රැකියාවේ සාර්ථකත්වය මෙන්ම ආර්ථික බාධාවලින් තොර වීමේ ශක්තිය ඔබ ලබාගත යුතු ය.
සෞඛ්‍යය
සෞඛ්‍යය පිළිබඳවද ඔබ වඩාත් කල්පනාකාරී විය යුතු මාසයකි. විශේෂයෙන්ම, අර්ශස්, බඩවැල් සම්බන්ධ පීඩා ඉස්මතුවිය හැකිය. උදරය ආශ්‍රිත පීඩා ද ඇතිවිය හැකිය.
අධ්‍යාපනය
මධ්‍යස්ථ ප්‍රතිඵල හිමිවවන මාසයක් බව පැවැසිය යුතු ය. ග්‍රහ ගමන අනුව අධ්‍යාපන කටයුතු කෙරෙහි විශිෂ්ට ස්වභාවයක් බල නොපවත්වයි. එනිසා කල්පනාකාරීව ක්‍රියා කළ යුතු මාසයක් බව කිව යුතු ය.
සුබ වර්ණ – කොළ, රතු
සුබ අංක – 9, 1
සුබ දින – ඉරිදා, අඟහරුවාදා
කන්‍යා ලග්නය
අසනීප ආබාධ සුවවන කාලයක්
කන්‍යා ලග්න හිමි ඔබට සුවිශේෂ සුබපල ගෙන දෙන මාසයක් බව පැවැසිය යුතුය. සිකුරු ග්‍රහයාගේ ගමන අනුව, මේ තත්ත්වය ඇතිවේ. සිකුරු ස්වක්ෂේත්‍රව දෙවැන්නට පැමිණීම මේ මාසයේ සිදුවන සුවිශේෂී කාරණයකි.
ගෘහජීවිතය
ගෘහ දිවිය මධ්‍යස්ථ බවකින් පවත්වාගෙන යාමට ඔබට හැකිවේ. යහපත් සන්සුන් වාතාවරණයකින් යුතුව, නිශ්ශබ්දව, සතුටුදායක අන්දමින් ගත කිරීමේ අවකාශ හිමි වේ.
ආර්ථිකය
භාග්‍යස්ථානාධිපති සහ ධනස්ථානාධිපති වශයෙන් සිකුරු කන්‍යා ලග්න හිමියන්ගේ දෙවැන්නට පැමිණීම හේතුවෙන් ආර්ථිකමය වශයෙන් යහපත් තත්ත්වයක් මෙන්ම ප්‍රගතියක් අත්වනු ඇත. වෘත්තීමය කටයුතුවල සාර්ථකත්වය මෙන්ම තමාගේ වෙනත් යහපත් බලාපොරොත්තුවල ඵලදායක ස්වභාවයක් ඇති කිරීමට මේ මස ග්‍රහචාරය ඔබට බලපානු ඇත.
සෞඛ්‍යය
සෞඛ්‍යය පිළිබඳ ගැටලු ඇති නොවන මාසයකි. බ්‍රහස්පති උච්චව ගමන් කිරීම මෙන්ම සිකුරු ස්වක්ෂේත්‍රව ගමන් කිරීම මෙයට හේතු වේ. මීට පෙර පැවැති යම් යම් අසනීප, ආබාධ, ශාරීරික දුබලතා සියල්ල දූරිම්භූත වී සෞඛ්‍යය සම්බන්ධව ඉෂ්ට ඵලදායක තත්ත්වයක් ඇති වේ.
අධ්‍යාපනය
අධ්‍යාපනයේ යෙදෙන්නන්ට ද ඉතාම සුබ මාසයක් බව පැවැසිය හැකිය. අධ්‍යාපනයෙන් ලබන ප්‍රතිඵල ද යහහපත් වේ. අධ්‍යාපන කටයුතු ඇප කැප වී කරන්නට හැකිවන අතර ධාරණ ශක්තිය ද මතක ශක්තියද ඉහළ මට්ටමක පවතී. විභාග කටයුතුවලින් උසස් සාමාර්ථ්‍ය ලැබීමට හැකිවේ.
සුබ වර්ණය – දම්, ලා නිල්
සුබ අංක – 5, 6,
සුබ දින – බදාදා, සිකුරාදා
තුලා ලග්නය
රැකියා වරප්‍රසාද
තුලා ලග්න හිමි ඔබට සුබදායක මාසයක් බව පැවැසිය යුතු ය. යෝග කාරක සෙනසුරු හයවැන්නේ ගමන් කිරීමත්, අඟහරු දෙවැන්නට පමිණ ස්වක්ෂේත්‍රව ගමන් කිරීමත් යන යහපත් කාරණා ඔබගේ කේන්දරයේ ග්‍රහ ගමනින් පෙන්නුම් කෙරේ.
ගෘහජීවිතය
ගෘහ දිවියේ කටයුතුවලට යහපත් කාලසීමාවක් උදාවන බව පැවැසිය යුතු ය. කේන්ද්‍රයේ අඟහරු ස්වක්ෂේත්‍රව දෙවැන්නේ ගමන් කරයි. හත් වැන්න හා අට වැන්න ද පීඩාවට පත් වී නොමැති බැවින් මේ මාසය තුලා ලග්න හිමි ඔබගේ ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාමට ඉඩ ප්‍රස්ථා හිමිවනු ඇත.
ආර්ථිය
ආර්ථික වශයෙන් ප්‍රගතියක් අත් කර දෙන මාසයක් වන බව පැවැසිය යුතු ය. රැකී රක්ෂා වෘත්තීය කටයුතු කෙරෙහි හිතකර වාතාවරණයක් බලපවත්වයි. රැකියාවේ වරප්‍රසාද හිමිවීම උසස්වීම් ලැබීම, තම ඉලක්කයන් සපුරා ගැනීමට හිතකර වාතාවරණයක් තුලා ලග්න හිමි ඔබට මේ මාසයේ දී ඇතිවන බව පැවැසිය යුතුය.
සෞඛ්‍යය
තුලා ලග්න හිමි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සමබරව පවත්වා ගැනීමේ හැකියාව පවතී. මලබද්ධය වැනි පීඩා ගෙන දිය හැකි මුත්, ඉතාම අයහපත් සෞඛ්‍යමය අඩාළත්වයක් ඇති නොවන බව පෙනේ.
අධ්‍යාපනය
රාහු පස්වැන්නේ ගමන් කිරීම අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනුමට හැකියාව ගෙන දෙනවා ඇත. ස්මරණ ශක්තිය, ධාරණ ශක්තිය ඇති වන අතර ඔබ සතුව පවත්නා උසස් කුසලතාවයන් වඩ වඩා වර්ධනය කරගත හැකි මාසයක් වන බව පැවැසිය හැකිය.
සුබ වර්ණය – නිල්, දම්
සුබ අංක – 8, 6
සුබ දින – සෙනසුරාදා, බදාදා
වෘශ්චික ලග්නය
ලොතරැයි ජයග්‍රහණ
වෘශ්චික ලග්න හිමියන්ට මේ මාසය අයහපත් නොවන බව පැවැසිය හැකිය. කුජ ස්වක්ෂේත්‍රව රුචක යෝගය උදාකරමින් ඔබගේ ලග්නයේ ගමන් කරයි. එනිසා මේ මාසය ඔබට යහපත් වන බව පැවැසිය යුතු ය.
ගෘහජීවිතය
යුග දිවියේ කටයුතුවලට ද සුබපල ගෙන දෙන යහපත් මාසයක් උදාවන බව පැවැසිය යුතුය. විවාහ දිවියේ තෘප්තිය ද ලබමින් හිතකරව සන්සුන්ව, නිශ්ශබ්දව ගෙන යාමේ හැකියාව ඔබට හිමිවේ.
ආර්ථිකය
තමාගේ වෘත්තීය කටයුතු ආර්ථික කටයුතු පිළිබඳ උනන්දුවත්, උත්සාහයත් ඇති කරන කාලයක් වනු ඇත. ආර්ථික වශයෙන් ප්‍රගතියක් ඇති කරන මාසයකි. විශේෂයෙන්ම, ධනස්ථානාධිපතියා වන බ්‍රහස්පති භාග්‍යස්ථානයේ උච්චව ගමන් කිරීම එයට ප්‍රධාන හේතුවක් වේ. ලොතරැයි ජයග්‍රහණ අත්පත් වන කාලයකි. ලාභ, ප්‍රයෝජන අත්වන කාලයකි.
සෞඛ්‍යය
සෞඛ්‍යය තත්ත්වය ද යහපත්ව ගෙන යා හැකි කාලසීමාවක් වේ. කේන්දරයේ ලග්නාධිපති බලවත්ව සිටීමත් අනෙකුත් ග්‍රහයන්ගේ ද යහපත් බලපෑමත් නිසා සෞඛ්‍යමය වශයෙන් ඇතිකරන සුරක්ෂිත භාවය හිමිවේ.
අධ්‍යාපනය
විභාග සාමාර්ථ්‍යය, සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ අත්වන මාසයක් බව පැවැසිය හැකිය. අධ්‍යාපනයේ ඉලක්ක, ප්‍රතිඵල උසස් වන කාලයකි.
සුබ වර්ණය – රතු, රන්වන්
සුබ අංක – 1, 3
සුබ දින – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
ධනු ලග්නය
පෙණහලු ආශ්‍රිත පීඩා
ධනු ලග්න හිමි ඔබගේ ලග්නාධිපතියා වන ගුරු උච්චවද රාහු යහපත්වද කේන්දරයේ ගමන් කරයි. එනිසා මේ නොවැම්බර් මාසය ධනු ලග්න හිමි ඔබට යහපත් මාසයක් බව පැවැසිය හැකිය.
ගෘහජීවිතය
ගෘහ දිවියේ කටයුතුවල මධ්‍යස්ථ ප්‍රතිඵල අත්වන අතර සමබරතාවයකින් යුක්තව ගෘහ දිවියේ වැඩ කටයුතු සිදුකළ හැකිය. අවුල්, ගැටලු, බාධා, ප්‍රශ්න, මත ගැටුම් මඟහැර යුග සැපත ප්‍රමාණවත් මට්ටමින් සමබරව ගත කිරීමේ ඉඩ ප්‍රස්ථා ඔබට හිමි වේ.
ආර්ථිකය
තමාගේ දියුණුව ගෙනදෙන ආර්ථික ලාභ ලැබෙන, ආර්ථික යහපත, රැකියා, වෘත්තීය කටයුතු යහපත් කාලසීමාවක් බව පැවැසිය හැකිය. ගුරු අටවැන්නේ ගමන් කිරීම අසුබ යැයි ප්‍රකාශ කළ නොහැකි ය. ගුරු උච්චව එහි ගමන් කරන බැවින් සුවිශේෂ ප්‍රතිඵල එමඟින් ඔබට හිමිවන බව පැවැසිය හැකිය. එම නිසා ආර්ථික ප්‍රගතිය, වෘත්තීමය ප්‍රගතිය ඔබට හිමි වේ. තමාගේ අභිලාෂයන් අරමුණු ඉටුකර ගැනීමට හැකියාව ලැබේ.
සෞඛ්‍යය
ග්‍රහචාරය අනුව, තරමක් දුරට පෙණහලු ආශ්‍රිත පීඩා, සෙම් කෝපවීම වැනි රෝගාබාධ ඇතිවීමේ අවකාශයක් පවතී. එනිසා සෞඛ්‍යය පිළිබඳව විමසිලිමත්ව ක්‍රියාත්මක වීම කළ යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවලට යහපත් මාසයක් බව පැවැසිය යුතුය. ධාරණ ශක්තිය, මතක ශක්තිය, තරග විභාග ආදියේ ජයග්‍රහණ අත්පත්වන ඒ සඳහා හිතකර වාතාවරණයක් පවතින මාසයකි.
සුබ වර්ණය – රන්වන්, තඹ
සුබ අංක – 1, 3
සුබ දින – බ්‍රහස්පතින්දා, ඉරිදා
මකර ලග්නය
යහපතට මඟ සැලසේ
පවත්නා ග්‍රහ ගමන අනුව මේ මාසය මකර ලග්න හිමියන්ට සුබපල අත්කර දෙන මාසයක් බව පැවැසිය හැකිය. මකර ලග්න හිමියන්ට කාලාන්තරයක් තිස්සේ පැවැති පීඩා, බාධා, ගැටලු, ප්‍රශ්න අර්බුද සමනය වී එක්තරා අන්දමකට යහපතට මඟ සලසන කාලසීමාවක් වනු ඇත.
ගෘහජීවිතය
ගෘහ ජීවිතය සම්බන්ධව සැලකීමේ දී මේ මාසය මකර ලග්න හිමියන්ට යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පැවැසිය යුතුය. පවත්නා ග්‍රහචාරය අනුව යුග සැපත සමබරව ගෙන යාමේ අවකාශ ඔබට හිමි වේ. දරුවන්ගේ දියුණුව අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය ඇති වේ. මව්පියන් වශයෙන් තමාට සතුටක් ගෙන දීමට සමත් වාතාවරණයක් සැකසේ.
ආර්ථිකය
ආර්ථිකමය ප්‍රගතිය අත්වන කාලසීමාවකි. ධනෝපායන මාර්ග සාර්ථක වේ. වෘත්තීමය කටයුතු තෘප්තිමත් ආකාරයෙන් යුතුව කටයුතු කරන්නට හැකි වේ. වෘත්තීමය ජයග්‍රහණ, උසස්වීම් හිමි වීමේ තත්ත්වයක් පෙන්නුම් කෙරෙන බව පැවැසිය හැකි ය. එනිසා මකර ලග්න හිමියන්ට ආර්ථිකය, වෘත්තීය යන දෙඅංශයේම යහපත් ප්‍රතිඵල මේ මාසයේ දී අත්විඳීමට හැකි වේ.
සෞඛ්‍යය
සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ ඔබ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු වේ. මුත්‍රාශය, මුත්‍රා සම්බන්ධ පීඩාවලින් පෙළීමට සිදුවිය හැකි ය. විෂ වර්ග ශරීරගත වීමට ද ඉඩ කඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී විය යුතු ය.
අධ්‍යාපනය
අධ්‍යාපනය සඳහා යහපත් මාසයක් බව පැවැසිය යුතු ය. පවත්නා ග්‍රහචාරය අනුව, අධ්‍යාපන කටයුතුවලදී සුවිශේෂ ජයග්‍රහණ අත්කර ගැනීමට මකර ලග්න හිමි ඔබට අවකාශ පවතී.
අධ්‍යාපන කටයුතුවලට බෙහෙවින් ඵලදායක මාසයකි.
සුබ වර්ණය – ලා නිල්, නිල්
සුබ අංක – 6, 8
සුබ දින – සිකුරාදා, සෙනසුරාදා
කුම්භ ලග්නය
අධ්‍යාපන ජයග්‍රහණ
කුම්භ ලග්න හිමියන්ට මේ මාසය අසුබ යැයි ප්‍රකාශ කළ නොහැකිය. පවත්නා ග්‍රහචාරය අනුව ඔබගේ වැඩ කටයුතුවල සතුටුදායක බවක් පෙන්නුම් කරයි. යම් යම් බාධා වීම් සිදු වුවද ඔබගේ අරමුණු, අපේක්ෂා, ඉෂ්ට ඵලදායී බවට පත්වන, සාර්ථකත්ව, ජයග්‍රහණ අත්කරදෙන කාල සීමාවක් වනු ඇත.
ගෘහජීවිතය
ගෘහ දිවියේ කටයුතු මධ්‍යස්ථව ගෙන යාමට ඔබට අවකාශ හිමිවේ. පවත්නා ග්‍රහ චාරයට සාපේක්ෂව සැලකීමේ දී යුග සැපත සම්බන්ධව අන්තවාදී නොවී මධ්‍යස්ථ ආකාරයෙන් විමසා බලා කටයුතු කිරීමේ හැකියාව පවතී.
එමගින් යුග දිවියේ සන්සුන් බව ආරක්ෂා කරගෙන කටයුතු කිරීමට අවකාශ හිමිවන බව කිව යුතු ය.
ආර්ථිකය
වෘත්තීමය කටයුතුවල සාර්ථකත්වයට මඟ පෑදෙන මාසයකි. ආර්ථිකම වශයෙන්ද ප්‍රගතියක් සාර්ථකත්වයක් ඇතිවනු ඇත.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. වැටීම්, තැලීම්, අනතුරු පීඩා, ලේ සෙලවීම් සිදුවිය හැකිය.
රාහු ලග්නයේ ගමන් කිරීම මෙයට හේතුව වේ. එලෙසම ගුදය ආශ්‍රිත අර්ශස් වැනි පීඩා ද ඇතිවිය හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කර ගැනීමේ අවකාශ මේ මාසය පුරා ඔබට හිමි වේ.
පවතින ග්‍රහ ගමන අනුව තම ඉලක්කයක් සපුරා ගැනීමේ අවකාශ ඔබට හිමිවේ. බාධා අත්හැර ගැනීමට හැකියාව ලැබේ. සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ අත් වේ.
සුබ වර්ණය – ලා නිල්, නිල්
සුබ අංක – 6, 8
සුබ දින – සෙනසුරාදා, සිකුරාදා
මීන ලග්නය
නව ධනෝපායන මාර්ග
මීන ලග්න හිමි ඔබට සුවිශේෂී ප්‍රතිඵල අත්කර දෙන මාසයක් බව පැවැසිය හැකිය. බ්‍රහස්පතිගේ උච්ච ගමන නිසා අපේක්ෂා, අරමුණු, බලාපොරොත්තුවල ඉතා ප්‍රශස්ත ප්‍රතිඵල ගෙන දෙයි. යහපතට මඟ පෑදේ.
ගෘහජීවිතය
ගෘහදිවියේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමේ හැකියාව පවතී. එයට හේතුව කේන්දරයේ දෙවැන්න හා අටවැන්න පීඩාවට පත් නොවී තිබීමයි.
තම දූ දරුවන් ඉතාම ඉහළ තලයට පත්වීමේ හැකියාව පවතී.
ආර්ථිකය
ආර්ථිකමය හා වෘත්තීමය කටයුතු යහපත්ව ඉටුකර ගැනීමේ හැකියාව පවතී. ආර්ථිකමය ප්‍රගතියක් ඇතිවේ. නව ධනෝපායන මාර්ග කෙරෙහි ප්‍රවේශ වී ඒ මඟින් ධනය ලැබීමේ හැකියාව පවතී. රැකියාව සම්බන්ධව ධනය සම්බන්ධව සතුටුදායක වාතාවරණයක් ඇති වේ.
සෞඛ්‍යය
සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට ඉඩකඩ මේ මාසය පුරා හිමිවේ. එහෙත් සෙනසුරු ලග්නයේ ගමන් කිරීම හේතුවෙන් වාත ආබාධ, හන්දිපත් පීඩා වැනි සුළු ඌනතා පැවැතිය හැකිය. ඒ පිළිබඳ ප්‍රවේශම් විය යුතු ය.
අධ්‍යාපනය
අධ්‍යාපනික වශයෙන් තම ඉලක්කයන් සපුරා ගැනීමේ හැකියාව මීන ලග්න හිමියන්ට පවතී. තම දූදරුවන්ට විදේශ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්ව හිමිකම් ලාභ යෙදීමේ අවස්ථා හිමිවේ. අධ්‍යාපන කටයුතු සම්බන්ධව ප්‍රශස්ත මට්ටමේ ප්‍රතිඵල ලබනවා යැයි පැවැසිය හැකිය.
සුබ වර්ණය – රන්වන්, සුදු
සුබ අංක – 7, 3
සුබ දින – බ්‍රහස්පතින්දා, බදාදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..