ඒත් ඉන්දියාවේ මෙන්න මේ කියන ප්‍රාන්තයට නම් නොබෝ දිනකින් ඒ කතාව වෙනස් වෙන්න පුළුවන්.
ඉන්දියාවේ ඩිජිටල් නැගීසිටීම තවදුරටත් පෙන්වාදෙමින් නවතම සමාජ ජාල යෙදුම වන 'අරට්ටෙයි' (Arattai) භාවිත මෘදුකාංගය (App) හඳුන්වා දී ඉතා කෙටි කලකින් බාගත කිරීම් මිලියන 7.5 ඉක්මවා තිබෙනවා.
දකුණු ඉන්දියාවේ චෙන්නායි හි Zoho මූලස්ථානයේ නිහඬ පරීක්ෂණයක් ලෙස ආරම්භ වූ 'අරට්ටෙයි' චැට් ඇප් එක මේ වන විට ඉන්දියාවේ ජාතික ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
දෙමළ භාෂාවෙන් 'අරට්ටෙයි' යන්නෙහි අර්ථය වන්නේ ‘සාමාන්‍ය කතාබස්’ යන්නයි.
මෙම යෙදුමඉන්දියාවේ ගොඩනගා, ඉන්දියාවේ සත්කාරකත්වය දරමින්, ඉන්දියාව සඳහාම නිර්මාණය කර ඇතිවේදිකාවක් ලෙස සැලකේ.
Arattai යනු ගෝලීය තාක්ෂණික යෝධයන්ට හමුවේ, පුද්ගලිකත්වයට මුල් තැන දෙන (privacy-first) විකල්පයක්. මෙම යෙදුම පරිශීලක දත්ත මුදල් ඉපැයීමට යොදා නොගැනීම විශේෂත්වයක්.
මෙහි ඇතුළත් ප්‍රධාන විශේෂාංග අතර ඇමතුම්, වෙළඳ දැන්වීම් රහිත පණිවිඩ යැවීම, Pocket (පුද්ගලික ක්ලවුඩ්), Meetings, සහ Slack-style Mentions පවතිනවා.
rattai යනු හුදෙක් පණිවිඩ යැවීමේ යෙදුමක් පමණක් නොවන බවත්, එය වැදගත් සංඥාවක් බවත් මූලාශ්‍ර පෙන්වා දෙනවා.
ඉන්දියාවේ තාක්ෂණික පරිසර පද්ධතියට තමපරමාධිපත්‍යයට හානි නොකර, ආරක්ෂිත, පරිමාණය කළ හැකි වීමේ අවස්ථාව පවතින ඩිජිටල් වේදිකාවක් බවයි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.
ඉන්දියාව තුළ වට්ස්ඇප් ආධිපත්‍ය දරන්නේ මිලියන 500 කට අධික පරිශීලකයින් පිරිසකගේ භාවිතයේ සිටිමින්.
කෙටි කාලයක් තුළ අරට්ටෙයි බාගත කරගෙන ඇති වේගය අනුවඑය වට්සැප් වෙත අභියෝගයක් වනු ඇති බවට මුලින් විශ්වාස කළත් පසුව මෙම යෙදුම බාගත කිරීමේ වේගය අඩුවී තිබෙනවා.
කෙසේවෙතත් වට්සැප්හි පවතින පණිවුඩය යවන්නා සහ ලබන්නාට පමණක් කියවිය හැකි පරිදි පවතින ‘ගුප්ත කේතනය (E2EE)’ ආරක්ෂක පියවර අනුගමනය නොකිරීම ඊට හේතුවන්නට ඇති බවයි විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ.