ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සඳහන් කරන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විදේශ රැකියා අවස්ථා සම්බන්ධ මූල්‍ය වංචා සිදුවීම් පිළිබඳ ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි. මෙම දැන්වීම්වලින් බහුතරයක් ව්‍යාජ බවයි කාර්යාංශය අවධාරණය කරන්නේ.
කෙසේ වෙතත්, විදේශ රැකියා සම්බන්ධයෙන් මුදල් වංචා කරන ව්‍යාජ ආයතන හෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු දන්නා මහජනතාව, ඒ පිළිබඳව SLBFE හි පොලිස් ඒකකය වෙත 0112882228 හෝ 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස කාර්යාංශය ඉල්ලා සිටී.
මේ අතර,
කාර්යාංශය පෙන්වා දෙන්නේ, බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන පමණක් විදේශ රැකියා සඳහා ගාස්තු අය කිරීමට බලයලත් බවත්, සියලුම රැකියා දැන්වීම් කාර්යාංශයේ අනුමැතියට ලක් විය යුතු බවයි. එසේම නිසි අවසරයකින් තොරව මුදල් ඉල්ලීම හෝ රැකියා ප්‍රචාරණය කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔවුහු පවසනවා.
සමාජ මාධ්‍ය වේදිකා හරහා පළවන බොහෝ විදේශ රැකියා දැන්වීම් ව්‍යාජ ඒවා වන අතර, රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබා ගැනීමෙන් පසුව අදාළ පුද්ගලයන් අතුරුදහන් වීම වැනි වංචා බහුලව වාර්තා වෙනවා.
එසේම, මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිල නොවන දැන්වීම් හෝ නිසි සත්‍යාපනයකින් තොරව විදේශ රැකියා ලබා දෙන පුද්ගලයන් විශ්වාස නොකරන ලෙසයි ඔවුන් වැඩිදුරටත් දැනුම්දෙන්නේ..
වංචනික ආයතන හෝ පුද්ගලයන් පිළිබඳ තොරතුරු වහාම SLBFE වෙත ලබාදීමට,
SLBFE පොලිස් ඒකකය: 0112882228
ක්ෂණික දුරකථන අංකය (Hotline): 1989
විශේෂ විමර්ශන අංශය: 011-2864123 යන අංක ඇමතීමටද ඔබට හැකියාව පවතිනවා.