Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
21
ශල්‍යකර්මයකින් තොරව ඔබට ඒ වේදනාව සුව කරගන්න පුළුවන් නම්, මුත්‍රා ගල් දිය කිරීම ඇතුළු විශ්මිත ගුණ රැසක් ඇති මොණරකුඩුම්බිය ශාකය ගැන මෙන්න ඔබත් දැනගන්න..

- ශල්‍යකර්මයකින් තොරව ඔබට ඒ වේදනාව සුව කරගන්න පුළුවන් නම්, මුත්‍රා ගල් දිය කිරීම ඇතුළු විශ්මිත ගුණ රැසක් ඇති මොණරකුඩුම්බිය ශාකය ගැන මෙන්න ඔබත් දැනගන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13 Views

මොනරකුඩුම්බිය කියන්නේ ලංකාවේ සෑම පළාතකම පහසුවෙන් වැවෙන පැළෑටියක්.

මේ පැළෑටිය සම්පූර්ණයෙන්ම ඔසු සඳහා යොදා ගන්නට පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියාද..? 


මේ ශාකයේ ඉවත දමන්නට කිසිදු කොටසක් නැහැ. මෙහි නිල් මල් සහ සුදු මල් හටගන්නා ප්‍රභේද දෙකක් තිබෙනවා.

මොනර කුඩුම්බිය සමග අනෙකුත් ඔසු යෙදීමෙන් ශල්‍ය කර්මයකින් තොරව මුත්‍රා ගල් දිය කරන්නට පුළුවන්. මොනරකුඩුම්බිය තම්බා බීමෙන් මුත්‍රා පහසුවෙන් පිට වෙනවා. තුවාලවල මස් ලියලීම සඳහා ද මොනරකුඩුම්බිය ඉස්ම භාවිතයට ගන්නවා. අර්ශස් සහ පණු රෝග ඇති අයට ආහාරයට ගත හැකි ඉතාමත්ම ගුණදායී ආහාරයක්.

ඒ වගේම, සෙංගමාල අවස්ථාවකදී මොනර කුඩුම්බිය කොළ කොටා ගත් යුෂවලින් සෑදු කැඳ පානය ඉතාම ගුණයි. අක්මාව ආශ්‍රිත රෝග සුවයට මෙන්ම ආමාශගත රෝග, මුත්‍රා ආසාදන වැනි රෝගත් එමඟින් සුවවෙනවා. මොණරකුඩුම්බිය මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් අක්මාව ආශ්‍රිත රෝග, අතීසාර රෝග, ආමාශගත රෝග, මුත්‍ර රෝග ආදී රෝග රැසකින් සුවය ලැබිය හැකියි. උෂ්ණ කාලවලදී ඇතිවන ආසාදන, රුධිරය පිටවන අතීසාර අවස්ථාවකදී මොණරකුඩුම්බිය කළං 12 කෂාය බොහෝ ප්‍රතිඵලදායක වෙනවා. එමඟින් උණ, උදර වේදනා, බඩ පුරවාදැමීම, අජීර්ණ වැනි රෝග තත්වන්ද සමනය වෙනවා. මොණරකුඩුම්බිය මුල් කෂාය මිලිලීටර් 10ක ප්‍රමාණයක් දිනකට දෙවරක් පානය කිරීමෙන් ඉදිමුම් සහ ඇඟ පත වේදනාවන් දුරුව යයි. පොල් කිරි දමා පිසගත් මොණරකුඩුම්බිය ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් ශරීරයේ ඇති වන දැවිල්ල, සමේ ඇතිවන දුර්වර්ණවීම්, පිත් දෝෂ ආදිය සමනය වෙනවා. උගුර ආශ්‍රිතව සහ මුඛය තුළ හටගන්නා සෙම් ගෙඩිවලට මොනරකුඩුම්බිය ළපටි දලු හොඳින් තම්බා එම ඖෂධීය දියරයෙන් විටින් විට උගුර සහ කට සේදිය යුතුයි. සිරුරේ උෂ්ණ ආසාදන නිසා සැරව බිබිළි හටගත් විට මෙම ශාකයේ මුල් කොටස ගෙන හොඳින් පිරිසුදු කර කොටා ඒ ද්‍රාවණය උෂ්ණ බිබිළිවල සැරව ගෙඩිවල ආලේප කිරීමෙන් සැරව ගෙඩි වේදනා රහිතව පිපිරී යෑම මෙන්ම ඉක්මනින් සුව වීමත් සිදුවෙනවා. එමෙන්ම මුත්‍රාශය ආශ්‍රිත වේදනා සහ මුත්‍රා දැවිල්ල ඇති විටදී මේ ශාකයේ ඇට කෂාය කර බීම ගුණයි. කල්ගත වූ කැස්සට මෙම සම්පූර්ණ ශාකයම වියළා හොඳින් කුඩුකර නටන උණුවතුර කෝප්ප භාගයකට එම කුඩු ස්වල්පයක් දමා වසා තබා විනාඩි විස්සක් පමණ ගිය පසුව එය පෙරා පානය කළ යුතුයි.

ඇස් රතු වීම, ඇහෙන් කබ කඳුළු ගැලීම, ඇස් දැවිල්ල ආදී විවිධ ඇස් ආශ්‍රිත රෝගවලදී මොණරකුඩුම්බිය මල් තම්බා ඒ දියරින් ඇස් සහ මුහුණ විටින් විට සේදීමෙන් ඉක්මන් සුවයක් ලැබෙනවා.

මොණරකුඩුම්බිය ගසේ කොළ ඉවත් කර කඳ කොටස හොඳින් ගලේ අඹරා තලපයක් ලෙස සාදා ගෙන එම ප්‍රමාණය මෙන් කොටස් තුනකට තිප්පිලි කොටස් එකක් දමා තම්බා පානය කිරීමෙන් ඕනෑම අර්ශස් රෝගයකට ගුණයි. මොණරකුඩුම්බිය ඇට ස්වල්පයක් ගෙන එය තල තෙලින් අඹරා සුදු කබරවල දිනපතා වරින්වර ආලේප කිරීමෙන් ක්‍රම ක්‍රමයෙන් සුදු කබර රෝගයෙන් සුවය ලැබිය හැකියි.

ඉකිලි, කිසිලි වැනි ස්ථානවල අහිතකර දද වැනි පුස් වර්ගයක් ඇතිවීමන් තදබල කැසීම් ඇති වෙනවා. එවැනි විට මොණරකුඩුම්බිය ශාකය අරගෙන එයට කලුදුරු ස්වල්පයක් සහ වියළි පොල් ස්වල්පයක් මිශ්‍ර කර ඒ වර්ග තුනම හොඳින් අඹරා ඉකිලි, කිසිලිවල හටගත් පුස් සහිත දදයේ ආලේප කර පැය තුනක් පමණ ගිය පසු සේදිය යුතුයි. මෙය දිනපතා දිනකට දෙවරක් බැගින් කිරීමෙන් ඉක්මනින් සුවයක් දකින්න හැකි වෙනවා.

කුෂ්ඨ රෝග ඇති විට මොණරකුඩුම්බිය කොළ තල තෙල් සමඟ මිශ්‍ර කර හොඳින් අඹරා මඳක් රත් කර කල්කයක් මෙන් සාදාගෙන මඳ රස්නෙ පිට කුෂ්ඨ මත, සැරව බිබිළි මත ආලේප කළහොත් කුෂ්ඨ සහ සැරව බිබිළි සුව කිරීමේ හැකියාවක් වගේම සර්ප දෂ්ටනවල විස ඇද ගැනීමේ හැකියාවකුත් මේ ඔෟෂධීය ආලේපයේ පවතිනවා. මොණරකුඩුම්බිය කොළ කෂාය කිරි ස්වල්පයක් සමඟ දිනපතා උදේ සවස පානය කිරීමෙන් ශරීරය ශක්තිමත් කිරීමේ විශේෂ ගුණයක් අත්දැකිය හැකිය. එය සිරුරට විශේෂ පෝෂණීය ගුණයක් ලබා දෙනවා.

වියළි මොණරකුඩුම්බිය ශාකය හොඳින් කුඩුකර බෝතලයකට දමා සුළං නොවදින්න තබා ගෙන වරකට ඒ කුඩු ග්‍රෑම් 60ක් වතුර කෝප්ප 7ක් සහ කිරි කෝප්ප 1ක් සමඟ මිශ්‍ර කර එය හොඳින් තම්බා පත එකක් ලෙස සිදුවා ගන්න.

ඒ ආකාරයට සිඳුවා ගත් පත එක උදේට පත භාගයයි සවසට පත භාගයයි බැගින් සති දෙකක් පමණ දිනපතා පානය කළ යුතුයි. මෙම ප්‍රතිකර්මය ශරීර ශක්තිය වර්ධනය කරගැනීමටත්, දේහධාරී සිරුරක් ලබා ගැනීමටත් සම පැහැපත් කර ගැනීමටත් මනා පිහිටුවහලක් වනු ඇතියි

රෝග රැසකට ගුණ දෙන මොනර කුඩුම්බිය විවිධ ලෙස සාදා ඔබට ආහාරයට එකතුකරගත හැකියි.

මොනර කුඩුම්බිය කැඳ,

අවශ්‍ය ද්‍රව්‍ය: මොනර කුඩුම්බිය යුශ කෝප්ප දෙක තුනක්, කලු හීනටි සහල් මිටවල් දෙකක් වතුර අඬු කෝප්ප පහක් මිටි කිරි හෝ දිය කිරි ලුණු ස්වල්පයක්.
සාදන ක්‍රමය: හීනටි සහල් වතුර සහ ලුණු ස්වල්පයක් දමා ලිප තබන්න. එය තැම්බෙන විට මිටි කිරි හෝ දිය කිරි එකතු කරන්න. ඉන්පසු කිරි උතුරන විට මොනර කුඩුම්බිය යුශ එකතුකර විනාඩි දෙක තුනක් තබා ලිපෙන් බාන්න.

මොනරකුඩුම්බිය රොටී,

අවශ්‍ය ද්‍රව්‍ය: රතු කැකුලු හාල් පිටි කෝප්පයක්, කුරක්කන් පිටි කෝප්පයක්, ලියාගත් මොනරකුඩුම්බිය කොළ තේ හැඳි එකක්, ලියාගත් රතු ලූණු මේස හැඳි 2, ලියාගත් අමු මිරිස් මේස හැඳි 2, ලුණු රසයට වතුර ටිකක්.
සාදන ක්‍රමය: හාල් පිටි, කුරක්කන් පිටි එකට මිශ්‍ර කරන්න.එයට පොල් සහ අනෙකුත් ද්‍රව්‍ය දමා හොඳින් මිශ්‍ර කර වතුර ටික ටික දමමින් අතේ නොඇලෙන ප්‍රමාණයට මිශ්‍රනය සකසන්න. එයින් කුඩා ගුලි කඩා තුනී කර රොටී තැටියේ දමා පුලුස්සන්න.

මොනරකුඩුම්බිය ලුණු මිරිස්,

අවශ්‍ය ද්‍රව්‍ය: වියලි මිරිස් කරල් 10, රතු ලූණු ගෙඩි 5,6. ගම්මිරිස් ඇට දෙක තුනක්, සුදු ලූණු බික් 1, අමු ඉඟුරු කුඩා කැබැල්ලක්, මොනරකුඩුම්බිය දලු මිටක්, ලුණු රසයට දෙහි රසයට
සාදන ක්‍රමය: දෙහි හැර අනෙක් දේවල් සියල්ලම එකට අඹරන්න. රසය අනුව දෙහි එක්කරන්න.



අන්තර්ජාලය ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top