අමෙරිකානු රියැලිටි රූපවාහිනී තරුවක් සහ ධනවත් ව්‍යාපාරික කාන්තාවක් ලෙස ප්‍රකට කිම් කර්ඩෑෂියන් වාර්ෂිකව සිදුකරන වෛද්‍ය පරීක්ෂණයට සහභාගි වීමෙන් පසු වෛද්‍යවරුන්ගෙන් අසන්නට ලැබුණු දේ ගැන කම්පනයට පත්ව තිබෙනවා.
විදෙස් වාර්තා පවසන්නේ ඇගේ නවතම සෞඛ්‍ය අනතුරු ඇඟවීමෙන් පසුව ඇය සිය හිටපු සැමියා වන අමෙරිකානු රැප් ගායකයකු වන කන්යේ වෙස්ට් ට ඒ සඳහා දොස් පවරන බවයි.
ඇය ඩිස්නි සතු හුලූ (Hulu) හරහා විකාශය වන "The Kardashians" රියැලිටි වැඩසටහනේ 7 වන වාරයේ මංගල දර්ශනයේදී තමාට මස්තිෂ්කයේ රුධිර නාල ඉදිමුමක් හෙවත් මොළයේ ඇනියුරිසම් (Brain Aneurysm) තත්ත්වයක් ඇති බව හෙළි කර තිබෙනවා.
45 හැවිරිදි කාර්ඩේෂියන් මොළයේ රූපකරණයකට (brain imaging/MRI) ලක්වී තිබුණා. "Feels Like the Old Days" නම් වූ පළමු කථාංගයේ පෙරදසුන් පටයකින් ඒ් බව දැකගත හැකියි.
මොනිටරයක මොළයේ ස්කෑන් පෙන්වන අතරතුර, ඇය මෙසේ පවසා ඇත: "පුංචි ඇනියුරිසම් එකක් වගේ තියෙනවා". ඇය දුරකථනයෙන් ඇගේ සොහොයුරිය වන කෝට්නි කර්ඩෑෂියන් බාකර් අමතා මේ බව දැනුම් දුන්නා. 46 හැවිරිදි කෝට්නි කම්පනයට පත්ව තම අත පපුව මත තබා ගනිමින්, "වෝ" යනුවෙන් කෙටියෙන් ප්‍රතිචාර දක්වා තිබුණා.
ඇනියුරිසම් යනු කුමක්ද?
ඇනියුරිසම් තත්ත්වයක් ඇති වන්නේ මොළයේ රුධිර වාහිනියක දුර්වල ලක්ෂ්‍යයක් පීඩනය යටතේ පිටතට නෙරා ඒමෙන්. එය බිබිලකට සමාන යි. බොහෝ ඇනියුරිසම් කුඩා වන අතර ක්ෂණික තර්ජනයක් එල්ල නොකරන නමුත්, එය පුපුරා යාමෙන් මොළයේ ලේ ගැලීමක් ඇති කළ හැකියි. එය රුධිර වහනය සහිත ආඝාතයක් (Hemorrhagic Stroke) ලෙස හඳුන්වන වෛද්‍ය හදිසි අවස්ථාවක්.
ආතතිය සහ පෞද්ගලික ජීවිතය
කිම් කර්ඩෑෂියන් පවසා ඇත්තේ වෛද්‍යවරුන් මෙවැනි තත්ත්වයන් ආතතිය (Just stress) ලෙස සලකන බවයි.
පසුකාලීන අවස්ථාවකදී කාර්ඩේෂියන් මෙසේ ප්‍රකාශ කළාය: "මෙම සතිය මගේ ජීවිතයේ අමාරුම සතියයි".
කිම් කර්ඩෑෂියන්ගේ වත්මන් තත්ත්වය හෝ ඇය කිසියම් රෝග ලක්ෂණ අත්විඳින්නේද යන්න පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් අපැහැදිලියි. ඇයගේ නියෝජිතයා, මහජන සම්බන්ධතා නියෝජිතයා සහ නීතිඥයා අදහස් විමසීමට ක්ෂණිකව ප්‍රතිචාර නොදැක්වීඹ ඊට හේතුවයි.
කිම් කර්ඩෑෂියන්ගේ පසුබිම
කෝටිපතිනියක් ලෙස වාර්තා වන කිම් කර්ඩෑෂියන්, ඇයගේ රූපවාහිනී වෘත්තිය, සමාජ මාධ්‍ය බලපෑම සහ ලාභදායී ආලේපන හා යට ඇඳුම් පෙළක් සංවර්ධනය කිරීම ඇතුළු බහුවිධ ව්‍යාපාරවලින් සිය ධනය උපයා ගන්නවා.
ඇය "Keeping Up with the Kardashians" රියැලිටි රූපවාහිනී කතා මාලාව හරහා ප්‍රසිද්ධියට පත් වූ අතර, වසර හතකට ආසන්න විවාහ ජීවිතයකින් පසු 2021 දී අමෙරිකානු රැප් ගායකයකු වන කන්යේ වෙස්ට් ගෙන් දික්කසාද වීමට අයදුම් කළා. ඔවුන්ට දරුවන් හතර දෙනෙක් සිටිනවා. නවතම "The Kardashians" කතාමාලාව ක්‍රිස් ජෙනර්ල සහ ඇගේ දියණියන් වන කිම්, කෝට්නි, ක්ලෝයි, කෙන්ඩල් සහ කයිලි ගේ පෞද්ගලික හා වෘත්තීය ජීවිත පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනවා.