Tesla සමාගමේ ස්වයං-ධාවන තාක්ෂණය සහිත රථ (Self-driving cars) සම්බන්ධයෙන් ඇමරිකානු රජය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම තීරණයට හේතු වී ඇත්තේ එම රථ, මාර්ගයේ වැරදි පැත්තේ ධාවනය කිරීම සහ රතු එළි මාර්ග සංඥා වලදී නොනැවතීම වැනි මාර්ග නීති කඩ කිරීම් සිදු කර ඇති බවට ලැබුණු වාර්තා යි.
ජාතික මහාමාර්ග ගමනාගමන ආරක්ෂණ පරිපාලනය (NHTSA) පෙන්වා දෙන්නේ, මෙවැනි උල්ලංඝනයන් සිදු වී ඇති බවට වාර්තා 58 ක් ලැබී ඇති බවයි.
මෙම විමර්ශනයට, සමාගමේ "Full Self-Driving (Supervised)" තාක්ෂණයෙන් සමන්විත වන බවට ඇස්තමේන්තු කර ඇති රථ මිලියන 2.9 ක් ඇතුළත් වන බවට NHTSA විසින් සඳහන් කළා.
මෙම විමර්ශනයේදී රතු එළි මාර්ග සංඥා කඩ කිරීම් හේතුවෙන් සිදුවූ අනතුරු හයක් පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වී ඇති අතර, එයින් හතරක දීම තුවාල සිදුවීම් ඊට හේතුවයි.
තවද රථ හැරවීමේදී ප්‍රතිවිරුද්ධ මංතීරුවට ඇතුළු වීම පිළිබඳ වාර්තා ද NHTSA විසින් විමර්ශනය කරනු ලබනවා.
මේ අතරින් සිදුවීම් කිහිපයක්ම රියදුරන්ට "මැදිහත් වීමට සුළු දැනුම් දීමක්" පවා ලබා නොදී සිදුව ඇති බවයි වාර්තා වී ඇත්තේ.
Tesla රථවල දොරවල් අගුළු දැමීමේ යාන්ත්‍රණ සම්බන්ධයෙන් ද NHTSA හි වෙනත් විමර්ශනයක් දැනටමත් ක්‍රියාත්මක වන අතර, එහිදී ළමුන් සිරවීමේ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවයි වාර්තා වෙන්නේ.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක්ගේ (Elon Musk) දේශපාලන ක්‍රියාකාරකම් ද විමර්ශනය සඳහා හේතු වී ඇති බවට අදහස් පළවෙනවා.