මේෂ
අමතර වියදම් යෙදේ
වෙහෙසීම් බහුල සතියකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 2, 3, 4 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ගෘහජීවිතයේ කටයුතු පිළිබඳ අලුත් අත්දැකීම් ඇති කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. සුළු සුළු ගමන් අධික කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන සතියකි.
රැකියාව
වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ තනතුරු වෙනසක් සිදුවිය හැකියි. රැකියාවේ කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවෙයි.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරයි. විශේෂ පාඨමාලාවකට යොමුවීමට ඉඩ ඇත. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි.
සෞඛ්‍යය
ශරීර සෞඛ්‍යයට බාධා ඇතිවිය හැකි කාලයකි. ශරීර අභ්‍යයන්තරයේ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි සෞඛ්‍යය පරීක්ෂණයකටද යොමුවිය හැකි කාලයකි.
අය 07 වැය 05
ජය අංකය 04
ජය වර්ණය – නිල්
සුබ දවස – සිකුරාදා
වෘෂභ
උසස් අයගේ ඇසුර
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. උසස් අයගේ අසුරට කටයුතු උදා කරයි. වගකීම් බහුල සතියකි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.
රැකියාව
අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි. රැකියාවේ කටයුතුවලින් අවිවේකී බවක් ඇති කරයි. හවුල් ව්‍යාපාරයකට අත ගැසුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. රැකියාවේ ස්ථාන වෙනස්කම්වලට හේතුවේ.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ අලුත් බලාපොරොත්තු ඇති කරයි. කණ්ඩායම් වැඩසටහනක මූලිකත්වය ගන්නා බවක් පෙනේ. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි.
සෞඛ්‍යය
වරින් වර හට ගන්නා උදරගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. මේ කාලය තුළ රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් විය යුතු කාලයකි.
අය 06 වැය 05
ජය අංකය 04
ජය වර්ණය – කොළ
සුබ දවස – බ්‍රහස්පතින්දා
මිථුන
නීති ගැටලුවකින් නිදහස්
වගකීම් බහුල සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 12, 1, 2 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි. වෙනදාට වඩා ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව ඇති කරයි. පිනට දහමට ළැදි කාලයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. ලැබීම් සහිත කාලයක් වුවත් අමතර වියදම් බහුල කරයි. නීති ගැටලුවකින් නිදහස උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි සතියකි.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලට ද හේතු ඇති කරයි.
අධ්‍යාපනය
මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යයි. සාහිත්‍ය හා කලා කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ හිමිකරයි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙන කාලයකි.
සෞඛ්‍යය
වරින් වර ඇති කරන උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩා අත් කරයි. කොන්ද ආශ්‍රිත ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 05
ජය අංකය 09
ජය වර්ණය – දම්
සුබ දවස – බදාදා
කටක
තනතුරු හෝ ස්ථාන වෙනසක්
පවුලේ ගැටලුකාරී බවක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 11, 12, 1 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
සහෝදර බැඳීම් වැඩිවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අන් අය අතර කතාබහේදී කල්පනාකාරී වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසෙන සතියකි. විශේෂ කෙනකුගේ ඇසුරට යොමුවෙයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ අවිවේකය ඇති කරන සතියකි. එමෙන්ම කය වෙහෙසා කරන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. තනතුරු වෙනසක් හෝ ස්ථාන වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. තාක්ෂණික කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන කාලයකි. එහෙත් ප්‍රාථමික අධ්‍යාපන කටයුතුවලට යොමු වූ අයට එතරම් සුබදායක නොවනු ඇත. කණ්ඩායම් වැඩසටහන්වලට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.
සෞඛ්‍යය
උෂ්ණාධික රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. එමෙන්ම වරින් වර ඇති කරන පපුව පෙණහැල්ල ආශ්‍රිත ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 07 වැය 06
ජය අංකය 07
ජය වර්ණය – කහ
සුබ දවස – සිකුරාදා
සිංහ
සෞන්දර්යයට යොමුවේ
පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
වෙහෙසීම් බහුල කරන සතියකි. එහෙත් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු සතියකි. ගේ දොර කළමනාකරණය පිළිබඳ වෙහෙසෙන බවක් පෙනේ. එමෙන්ම සතිය මැද කාලයේ දී අමතර ලැබීම්වලට ඉඩ ඇති කාලයකි. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසෙයි.
රැකියාව
සෞන්දර්යාත්මක කටයුතු මෙන්ම කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියැළී සිටින අයගේ දියුණුවක් දැකිය හැකි කාලයකි. එමෙන්ම අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වුවත් ඒවාට උත්සාහයක්, උනන්දුවක් දැක්විය යුතුයි. රැකියා කටයුතුවල වගකීම් වැඩිකරන සතියකි.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ දක්ෂතා ඉස්මතු විය හැකි කාලයකි. අලුත් පාඨමාලාවක් හැදෑරීමට යොමුවන බවක් පෙනේ. එමෙන්ම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරන සතියකි.
සෞඛ්‍යය
වරින් වර ඇති කරන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. චර්මගත ආබාධයක්, ලේ විෂවීමක් වැනි හදිසි අසනීප තත්ත්වයකට ද භාජනය වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
අය 06 වැය 04
ජය අංකය – 02
ජය වර්ණය – නිල්
සුබ දවස් – බදාදා
කන්‍යා
උසස් රැකියාවලට සුබයි
යන එන තැන කැපී පෙනෙන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 9, 10, 11 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා කාලයකි. පැරැණි හිතවත්කමක් අලුත්වන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙනේ. ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන සතියකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.
රැකියාව
උසස් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. එමෙන්ම රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. කණ්ඩායමක් සමඟ එකතු වී කරන රැකියා කටයුත්තකට සැලසුමක් ඇති කරයි. සුළු සුළු ස්වයං රැකියා මාර්ගවලටද යොමුවීමට ඉඩ ඇත.
අධ්‍යාපනය
අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි. එමෙන්ම අලුත් පොත්පත් මිලදී ගැනීමකට හේතු සැලසෙන කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙන්නුම් කරයි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ඇති කරන කාලයකි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. වරින් වර ඇති කරන පපුවේ සෙම්ගතිය හේතූවෙන්ද පීඩාකාරී බවක් ඇති කරයි.
අය 06 වැය 03
ජය අංකය 02
ජය වර්ණය – කොළ
සුබ දවස – සිකුරාදා
තුලා
අලුත් දේ උගනී
ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 8, 9, 10 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙහෙස ඇති ගමනකට කටයුතු සූදානමක් ඇති කරයි. නිතර සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. විනෝදයට කැමැති කාලයකි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසේ.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු සැලසේ. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. අමතර ලැබීම් සහිත රැකියා මාර්ගවලට හේතු සැලසෙන කාලයකි.
අධ්‍යාපනය
අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. ගණිත ශාස්ත්‍රයට තාක්ෂණික අංශයට විශේෂ කැමැත්තක් දක්වයි. තරමක බාධා යෙදුණත් ඉගෙනීමේ කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යන කාලයකි.
සෞඛ්‍යය
සෙම් ගෙඩි වැනි උගුරේ අමාරු වරින්වර මතුවීමට ඉඩ ඇත. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ. එමෙන්ම වරින් වර ඇති කරන උදරාබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන කාලයකි.
අය 06 වැය 04
ජය අංකය 09
ජය වර්ණය – දම්
සුබ දවස – බ්‍රහස්පතින්දා
වෘශ්චික
පවුලේ සමඟියට බාධා
වෙනදාට වඩා කලබලකාරී ගති පැවැතුම් ඇති කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 7, 8, 9 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කිරීමට සිදුවෙයි. වගකීමකින් නිදහස සැලසෙන සතියකි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. පවුලේ සමගියට බාධා ඇති කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. අලුත් දැන හැදුණුම්කම්වලට කරුණු යෙදෙයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් අමතර වාසි ගෙනදෙන කාලයකි. පිරිස් පාලන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.
අධ්‍යාපනය
මෙතෙක් බාධාකාරී ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උත්සාහයෙන් උනන්දුවෙන් කරගෙන යන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට යොමුවන බවක් පෙනේ. වෙනදාට වඩා පොතපත කියවීමට කැමැත්තක් දක්වයි.
සෞඛ්‍යය
වරින් වර සෙම් දෝෂ උගුර සම්බන්ධ ආබාධ මතුවීමට ඉඩ ඇත. එමෙන්ම රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් වන්න. ව්‍යායාම් හා ආහාරපානවලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගන්නා කාලයකි.
අය 07 වැය 04
ජය අංකය 04
ජය වර්ණය – කොළ සුබ දවස – බදාදා
ධනු
අතමිට මුදල් ගැවසෙයි
දුරදිග බලා කටයුතු කළයුතු සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 6, 7, 8 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
උත්සාහයෙන් කටයුතු සිදුකරයි. දේපළ සම්බන්ධ ගැටලුවකට මුහුණපායි. යන එන තැන කැපී පෙනෙන කාලයකි. ළඟම ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. විදෙස් ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. සහෝදරයකුගේ කටයුතු හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ.
රැකියාව
උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ තනතුරු හා ස්ථාන වෙනස්කම් බලාපොරොත්තු වන අයට සුබදායකයි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට යොමුවන කාලයකි.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධාකාරී බව මඟහැරී යයි. වෙනදාට වඩා උත්සාහයෙන් හා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා කාලයකි.
සෞඛ්‍යය
ශාරීරික වෙහෙස මහන්සියට හේතු ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. කොන්ද ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ.
අය 06 වැය 05
ජය අංකය 04
ජය වර්ණය – කහ
සුබ දවස – බ්‍රහස්පතින්දා
මකර
මවුපස ඥාති උපකාරයක්
වෙහෙසීම් බහුල කරයි. එමෙන්ම හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා කාලයකි. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. නිතර නිතර ආගමික කටයුතුවලට සම්බන්ධ වෙයි. සතිය මැද කාලයේ ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. මව්පස ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.
රැකියාව
රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. සාහිත්‍ය හා කලා කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ. එමෙන්ම නව වෙළෙඳ ව්‍යාපාරයක් ඇරැඹීමටද අවස්ථාව සැලසෙන සතියකි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙනේ.
අධ්‍යාපනය
උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි. විදෙස් අධ්‍යාපනයක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. කණ්ඩායම් වැඩසටහන්වලදී මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ.
සෞඛ්‍යය
කොන්ද, උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින්වර හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවෙයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාර පාන ගැන සැලකිලිමත් විය යුතු කාලයකි.
අය 07 වැය 04
ජය අංකය 02
ජය වර්ණය – තැඹිලි
සුබ දවස – ඉරිදා
කුම්භ
සතුරු කරදර නිමයි
වෙහෙසීම් බහුල සතියකි. මේ සතියේ සඳු ග්‍රහා 4, 5, 6 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
වරින් වර අදහස් හා ක්‍රියාමාර්ග වෙනස් කරයි. සමාජයේ තරමක් ඉහළින් සිටීමට අවස්ථාව උදා කරයි. සහෝදරාදීන්ට ළැදිව කටයුතු කරයි. ළඟම හිතවතෙකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. අවිවාහකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන කාලයකි. පැවැති සතුරු කරදරයකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි.
රැකියාව
රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බලන්න. නිතර ගතසිත වෙහෙසා කරන රැකියාවකට ඉඩකඩ ඇති කරයි. එමෙන්ම රැකියාවේ කටයුතු හේතුවෙන් ඇවිදිලි වැඩිකිරීමටද ඉඩ ඇත. සුළු සුළු ලාභ හිමිකරන රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති සතියකි.
අධ්‍යාපනය
ඥාන ශක්තිය බලවත් කාලයකි. දැනුම බුද්ධිය වර්ධනයවන කටයුතුවලට ආශාවක් දක්වයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. විශේෂ පාඨාමාලාවක් හැදෑරීමට යොමුවිය හැකි බවක් පෙනේ.
සෞඛ්‍යය
නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට පපුවට බලපාන්න ඉඩ තිබේ. එමෙන්ම වරින් වර හට ගන්නා පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
අය 06 වැය 03
ජය අංකය 04
ජය වර්ණය – කොළ
සුබ දවස – බ්‍රහස්පතින්දා
මීන
විනෝදයෙන් කල් ගතවේ
උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 3, 4, 5 යන භාව මතින් ගමන් කරයි.
ගෘහජීවිතය
හිතවත්කම් අලුත් කරන කාලයකි. වැඩිහිටි උපදෙස් මත කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අලංකාරයට විනෝදයට කැමැති කාලයකි. රහස් ගමනකට සූදානමක් ඇති කරයි.
රැකියාව
රැකියාවේ සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙයි. පරම්පරාගත රැකියාවකට හිමිකම් ඇති කාලයකි. එමෙන්ම දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට ද හේතු සැලසේ. ආහාරපාන ඉවුම් පිහුම් කටයුතුවලට සම්බන්ධ රැකියා මාර්ගවලට හේතු යෙදේ.
අධ්‍යාපනය
තරගකාරී කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙයි. එමෙන් උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වූ අයට වගකීම් බහුල කරයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට සිත යොමුකරන කාලයකි.
සෞඛ්‍යය
ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට යොමුවීමට සිදුවිය හැකි කාලයකි.
අය 08 වැය 07
ජය අංකය 09
ජය වර්ණය – කොළ
සුබ දවස – බදාදා
සුබසෙත පුවත්පත ඇසුරෙන්..