සර්ප දෂ්ටනයට නිවැරදි ප්‍රථමාධාර තුළින් ඔබටත් ඔබේ ජීවිතය බේරාගන්න හැකි බව මේ ලිපිය කියවන ඔබටත් පැහැදිලිවේවි..
මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔබ කළ යුතු සරල, ඵලදායී සහ ආරක්ෂිත පියවර ගැන තමයි මේ කියන්න යන්නේ..
මෙහිදී විශ්වාසදායී සහ ඉක්මන් ප්‍රතිකාර වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි,
- බිය දුරු කිරීම (The Golden Rule)
සර්ප දෂ්ටනයකදී රෝගියාට ඇතිවන්නේ මරණ බියක්. එය අත්‍යවශ්‍යයෙන්ම නැති කරන්න.
ධනාත්මකව කතා කරන්න. රෝගියාට පහදා දෙන්න. සර්පයන් වැඩි දෙනෙක් විෂ සහිත නැහැ. විෂ සහිත වුණත්, බොහෝ විට විෂ ශරීරගත වෙන්නේ නැහැ.
ලංකාවේ රෝහල්වල මේ සඳහා සම්පූර්ණ සුවය ලබා දිය හැකි සාර්ථක ප්‍රතිකාර තියෙනවා.
- දෂ්ට කළ ස්ථානය නොසෙල්වා තබන්න (Immobilize)
සෙලවීමෙන් විෂ ශරීරය පුරා පැතිරීම ඉක්මන් වෙනවා.
දෂ්ට කළ අත හෝ කකුල හැකි තරම් නොසෙල්වා තබන්න.
ඇවිදින්න දෙන්න එපා. රෝගියාව ඔසවාගෙන යන්න.
වේදනාව අඩු කර විෂ පැතිරීම අවම කරන්න, දෂ්ට කළ ස්ථානයේ පතුරු කැබැල්ලක් වැනි ඍජු දෙයක් තබා ලිහිල්ව වෙළීම සුදුසුයි.
- තුවාලය පිරිසිදු කරන්න
සම මතුපිට තිබිය හැකි විෂ ඉවත් කිරීමට, තෙත රෙදි කැබැල්ලකින් මෘදුව පිස දමන්න හෝ සබන් හා ජලයෙන් මෘදුව පිරිසිදු කරන්න.
තදින් පිරිමැදීම හෝ සේදීමෙන් වළකින්න. (එය විෂ පැතිරීම වේගවත් කරයි.)
- තද දේවල් ඉවත් කරන්න
දෂ්ට කළ ස්ථානය ඉදිමීමට ඉඩ තිබෙන නිසා, මුදු, වළලු, නූල්, සහ තද ඇඳුම් හැකි ඉක්මනින් ඉවත් කරන්න.
- වේදනාවට පැරසිටමෝල්
වේදනාව සමනය කරන්න පැරසිටමෝල් පෙති දෙකක් ආරක්ෂා සහිතව භාවිතා කරන්න පුළුවන්.
- වහාම රෝහලක් කරා යන්න
රෝගියා හැකි ඉක්මනින් රෝහලට රැගෙන යන්න.
දෂ්ටනය සිදු වූ වේලාව සහ පරිසරය නිවැරදිව පැහැදිලි කරන්න. එය නිසි ප්‍රතිකාර සඳහා වැදගත්.
සර්පයාව අරගෙන යාම අවශ්‍ය නැහැ.
මෙවන් අවස්ථාවකදී නොකළ යුතු දේ ගැනත් ඔබ දැනුවත් වීමෙන් හානිය අවම කරගන්න ඔබට හැකිවෙනවා.. ඒ අතරින් පැරණි මිථ්‍යා මත ගැනත් සැලකිලිමත් වෙන එක වැදගත් වෙනවා..
මෙම වැරදි ක්‍රම නිසා තත්වය තවත් නරක අතට හැරෙන්න පුළුවන්
- කැපීම හෝ මුඛයෙන් ඉරීම එපා.
විෂ ගැඹුරට ඇතුළු වී ඇති නිසා එසේ ඉවත් කළ නොහැකියි.
කැපීමට යාමෙන් රුධිර නාළ, ස්නායු සහ මාංශ පේශීවලට හානි සිදු විය හැකියි.
- ලේ ගමන නවත්වන සේ තදින් පටි බැඳීම එපා.
මෙය පටකවලට බරපතල හානි ඇති කළ හැකියි.
- කොන්ඩිස් ස්ඵටික (පොටෑසියම් පර්මැන්ගනේට්) තැබීම එපා.
මෙය පටක විනාශ වීමේ අවදානමක් ඇති කරයි.
- තෙල් හෝ "නස්න" වැනි දේශීය ප්‍රතිකාර එපා.
මේවා පෙනහලු ආසාදන සහ ස්ථිර බිහිරි වීම වැනි සංකූලතා ඇති කළ හැකියි.
- මධ්‍යසාර (ඇල්කොහොල්) දෙන්න එපා.
එය විෂ ශරීරයේ පැතිරීම ඉක්මන් කරනවා.
- තැඹිලි, කුරුම්බා, හෝ පොටෑසියම් බහුල යුෂ දෙන්න එපා.
මෙම දියර මගින් සර්ප විෂ නිසා වකුගඩුවලට සිදුවිය හැකි හානි තවදුරටත් වැඩිවිය හැකියි.
- ඇස්ප්‍රින් භාවිතා නොකරන්න.
එය ආමාශයෙන් ලේ ගැලීමේ අවදානම වැඩි කරයි. (විශේෂයෙන් තිත් පොළඟු දෂ්ටනයකදී)
අන්තර්ජාලය ඇසුරෙන්..