මෙලොව පවතින කිසිම දේකට කිසිම ආකාරයකින් ඔබ තුළ බියක් හට ගන්නේ නැතිවුවහොත් ඔබට කුමක් සිතේද? උස ගොඩ නැගිල්ලකින් පහළ බැලීමේදී, ගසකට නැගීමේදී, තනිව රාත්‍රියක ගමන් කිරීමේදී, ජලයට බැසීමේදී ආදී ලෙස ඔබට ඇතිවන බිය කිසිම අකාරයකින් හට නොගන්නේ නම් ඔබට කුමක් සිතේ ද?
ලෝකයේ කිසිවකට බියක් ඇති නොවන අතිශය දුර්ලභ ආකාරයේ රෝගයක් වුණුමේ ගැන ඇසෙන ඒ කතාව බලන්නකෝ. උබරාච් වෙයිත් රෝගය (uberach weigh disease) හෙවත් ලිපොයිඩ් ප්රෝටීනෝසිස් රෝගය ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වය තිබෙන ඕනෑම අයෙකුට බිය යන්න කිසිම ආකාරයකින් නොදැනෙන දෙයක් වෙයි. ඉතා දුර්ලභ ජානමය තත්ත්වයක් වන මෙය වැළඳී ඇති පුද්ගලයන් මෙතෙක් මෙලොව වාර්තා වී ඇත්තේ 400 ක් පමණය.
මෙම රෝගය වැළඳුණු පිරිස් තමාට මෙම බිය නොදැනෙනවා යන කාරණාව දැනගත් පසු විවිධාකාරයෙන් තමාට බිය දැනේ යැයි සිතන සියලු ක්‍රියාකාරකම්වල නිරත වීමට පටන් ගත්තද එයින් ඵලක් නොවේ. ගුවන්යානයකින් පැනීමේ සිට ත්‍රාසජනක චිත්‍රපටි නැරඹීම, සර්පයන් මකුළුවන් වැනි නිතර පුද්ගලයන් බිය වන කාරණා අත්හදා බැලීම ආදිය සිදු කළත් කිසිදු බියන් නො දැනෙන බව තේරුම්ගනු ලැබෙයි.
මෙම රෝගය ඇති වන්නේ ශරීරයේ ඇති ECM1 නැමැති ජානයේ තනි විකෘතියක් නිසා වන අතර එය 1වන වර්ණදේහයේ දක්නට ලැබෙනවා. මෙම රෝගය වැළදෙන ප්‍රමාණය ලෝකයෙන් ඉතා අතළොස්සක් වන අතර මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැති බව වෛද්‍යවරු පවසනවා.
දිනමිණ පුවත්පත ඇසුරෙන්..