Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
11
විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකද්ද ? ඇත්තටම වැඩ කරන දෙයක්ද ?

- විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ මොකද්ද ? ඇත්තටම වැඩ කරන දෙයක්ද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

225 Views

බැඳීම් කියන්නේ ලොව සෑම දෙයකටම පොදු දෙයක්. විශ්වය බිහිවූ දා පටන් විශ්වයේ ඇති සෑම පාදාර්ථයක්ම ගුරුත්වාකාර්ෂණය යන ගුප්ත බලවේගය නිසා එකිනෙක බැඳී පවතිනවා. 


පරමාණු තුළ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන එකිනෙක බැඳී පවතින අතර පරමාණු වලින් සෑදුන මූලද්‍රව්‍ය එකිනෙක අතර බැඳීම් ඇති කරගෙන සංයෝගය ඇති කරනවා.
භෞතික වශයෙන් පමණක් නොවෙයි මිනිසා ඇතුළු සතුන් සිතුවිලි වලින් ද බැඳීම් ඇති කරගන්නවා. මිනිසා වෙනත් පුද්ගලයින් සමඟ ගේ දොර – වාහන වැනි වස්තුව සමඟ පමණක් නොවෙයි ඔවුන් ආස කරන සංගීතය පොත පත සමඟත් බැඳීම් ඇති කරගන්නවා. සතුන් පවා ගහ කොළ සමඟ අනෙක් සතුන් සමඟ හෝ තම ස්වාමියා සමඟ බැඳීම් ඇති කරගන්නවා.

මේ ආකාරයෙන් විශ්වයේ ඇති සෑම දෙයක්ම විවිධ ආකාර්ෂණ බල නිසා එකි නෙක බැඳී ආකාර්ෂණය වෙනවා. භෞතික විද්‍යාව හරහා අපට විද්‍යාත්මකව පැහැදිලි කල හැක්කේ භෞතික වස්තූන් අතර ඇතිවන බැඳීම් පමණයි. නමුත් වර්තමානයේදී ක්‍රමයෙන් දියුණු වන ක්වන්ටම් විද්‍යාව (Quantum Physics) හරහා මේ වන විට භෞතික විද්‍යාවට හසු නොවන අධිමානසික විද්‍යාවට අදාළ කරුණු පිළිඹඳවත් පර්යේෂණ පැවැත්වෙනවා. ක්වන්ටම් විද්‍යාවට පින්සිදු වීමට දැන් මිනිසාට මිනිස් සිත පිළිඹඳ මීට පෙර නොදත් සිත පුදුම කරවන කරුණු රාශියක් මේ වන විට අනාවරණය වෙමින් පවතිනවා.

"Law of Attraction" හෙවත් "ආකාර්ෂණයේ නීතිය"

"Law of Attraction" හෙවත් "ආකාර්ෂණයේ නීතිය" කියන්නේ භෞතික විද්‍යාවට හසුනොවන අපූරු සංසිද්ධියක්. මෙම නීතියට අනුව භෞතික වස්තූන් පමණක් නොවෙයි අපේ සිතුවිලිත් එකිනෙක ආකාර්ෂණය වෙමින් පවතිනවා. මේ අනුව ධනාත්මක සිතුවිලි සහිත පුද්ගලයන් වෙත ධනාත්මක භාහිර සිතුවිලි ආකර්ෂණය වෙනවා. මේ ආකාරයටම ඍනාත්මක සිතුවිලි සහිත පුද්ගලයින් වෙත ආකර්ෂණය වන්නේද ඍණාත්මක අත්දැකීම්.

මෙම විශ්වාසය සම්පූර්ණයෙන්ම පදනම් වී ඇත්තේ අපේ සිතුවිලි සහ මනස සෑදී තිබෙන්නේ විශ්වය ආරම්භ වූ මොහොතේම ඇති වූ පාරිශුද්ධ ශක්තියකින් (Pure Energy) යන කාරණය මතයි. එක හා සමාන ශක්තීන් එකිනෙක ආකර්ෂණය වෙනවා. හොඳ සිතුවිලි සමඟත් නරක සිතුවිලි සමඟත් ආකර්ෂණය වෙනවා. සිතුවිල්ල හොඳද නරකද යන්න ඕනෑම අයකුට ඕනෑම විදියකට වර්ග කළ හැකියි. වැදගත් වන්නේ එක සමාන සිතුවිලි එකට ආකර්ෂණය වෙනවා යන්න පමණයි. එම සිතුවිලි හොඳද නරකද යන්න ඒවා අත්දකින පුද්ගලයා මත තීරණය වෙනවා.
"ආකාර්ෂණයේ නීතිය" ඔබේ ජීවිතයට බලපාන ආකාරය ඉතාමත් සරලව උදාහරණයකින් මෙසේ විස්තර කළ හැකියි.

"නිමල්" කියන පුද්ගලයා කාර්යාලයක විධායක නිලධාරියෙක් ලෙස සේවය කරනවා යැයි සිතන්න.
නිමල්ට ඔහුගේ රැකියාව ඉතාමත් අප්‍රියජනකයි. ඔහු උදෑසන අවදි වන්නේ “අයියෝ අදත් ඔෆිස් යන්න තිබෙනවා” යන කළකිරුණු සිතුවිල්ලෙන්. උදෑසන කාර්යාලයට යෑමට පෙර තම කුඩා දරුවන් පාසල වෙත රැගෙන යාමට සූදානම් කිරීම නිමල්ට ඉතාමත් අපහසු කටයුත්තක්. උදෑසන නිවසේ කටයුතු නිසා ඔහු තම බිරිඳ සමඟත් රණ්ඩු වෙනවා. නිවසේ වැඩට එන සේවිකාවක් උපරිම ඉන්නේ මාසයයි. අළුතින් සේවිකාවක් සොයා ගන්න එක කළුනික සොයනවා වගේ අමාරු දෙයක් කියලයි නිමල්ට හිතෙන්නේ. කාර්යාලයට මෝටර් බයිසිකලයෙන් යන නිමල්ට ඊළඟට මුහුණ දෙන්න වෙන්නේ ට්‍රැෆික් එකට. පාරේ යන මිනිස්සුන්ට සිතින් බැන බැන යන නිමල්ට කාර් වල යන අය දැක්කම තමන්ට කාර් එකක් නැති වීම ගැන හරිම තරහයි. මේ ගන්න පඩියෙන් ජීවිතේට කාර් එකක් ගන්න බෑ කියලා නිමල් තම රැකියාවට පමණක් නොවෙයි මේ මුළු සාමාජයටම වෛර කරවා.

රැකියාව කරන තැන සහකාර කළමණාකරු වන සමන්ගෙන් නිමල්ට හරියට කෙනිහිලිකම් වෙනවා. එයා ආයතනයේ ප්‍රධානියා සමඟ නිතරම නිමල්ගේ වැරදි කියනවා. ආයතනයේ ප්‍රධානියා තම පෞද්ගලික හෝ භාරදූර වැඩකට විශ්වාස කරන්නේ සමන් පමණයි. නිමල්ට ඉන්න යාළුවො වුනත් කිසිම කමකට නෑ කියලා නිමල්ට හිතෙනවා. ඔවුන් නිමල්ට වඩා ජීවිතය ගැන කළකිරුණු අය. ජීවිතේ ඔහොම තමයි – තියෙන දෙයක් කාලා අඩියක් ගහලා ජොලියේ ඉම්මු කියලා තමයි යාළුවො දෙන උපදේශය.

ඉහත සඳහන් කර ඇත්තේ නිමල්ගේ ජීවිතේ ඇති ප්‍රශ්න වලින් ටිකක් විතරයි.

අපි දැන් හිතමු නිමල් "ආකාර්ෂණයේ නීතිය" ගැන දැන ගෙන තම ජීවිතය තම ජීවිතය වෙනස් කරගන්න තමන්ට පුළුවන් කියලා අවන්කව විශ්වාස කරනවා කියලා. හැබැයි මේ විශ්වාසය නිකම්ම නිකන් ධනාත්මක සිතුවිල්ලක් පමණක් වෙලා වැඩක් නැහැ. හැමදෙයක්ම හොඳට සිදු වේවි කියන විශ්වාසය නිමල්ගෙ යටි හිතේ ගලේ කෙටූ අකුරක් වගේ ස්ථිරවම තැන්පත් වීම අත්‍යාවශ්‍යයි.

මේ ආකාරයෙන් ඉතාමත් විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙන නිමල්ට අත්දකින්න වෙන්නේ හිතාගන්නවත් බැරි අපූරු දේවල්.

නිමල්ට එයාගේ යාළුවෙක් ඉතාමත් සාධාරණ මුදලකට ගෙදරට සේවිකාවක් හොයලා දෙනවා. මේ නිසා උදෑසන ගෙදර ගැටුම් අවසන් වෙනවා. හිත සතුටින් ඔෆිස් යන්න පාරට බහින නිමල්ට දැන් වෙනදා වගේ නෙවි. දැන් ට්‍රැෆික් එක ගොඩාක් මග ඇරෙනවා. වෙනදට නිමල් ලං වෙනකොටම රතු ලයිට් එක වැටෙන මාර්ග වර්ණ සංඥා දැන් නිමල් එනකොට ගොඩක් වෙලාවට කොළ පාට තියෙන්නේ.

මේ අතරෙ හදිසියේම නිමල්ගේ සහකාර කළමාණාකරු සමන් ආයතනයේ මුදල් වංචාවකට අහුවෙලා මාරුවීමක් ලබනවා. මේ නිසා නිමල්ට අවුරුදු ගණනක් බලන් හිටපු උසස්වීම ලැබිලා සහකාර කළමණාකරු බවට පත්වෙනවා. අළුතින් ආපු චක්‍රලේඛණයකින් කළමණාකරුවන්ට මෝටර් රථයක් මිලදී ගැනීමට පොළී රහිත ණයක් ලැබෙනවා. දැන් පඩියත් වැඩි නිසා ණයක් අරන් මෝටර් රථයක් මිලදී ගන්න එක නිමල්ට දැන් අමාරු නැහැ.

ආයතන ප්‍රධානියාට අහම්බෙන් නිමල් කරපු උදව්වක් නිසා ඔහු නිමල් සමඟ ඉතාමත් මිත්‍ර වෙනවා. මේ විශ්වාසය කොතරම් වැඩි වෙනවාද කිව්වොත් තවත් වසරකින් විදේශ ගත වීමට සිටින ආයතන ප්‍රධානියා තම පුරප්පාඩුව සඳහා නිමල් ආදේශ කරන ලෙස ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ට නිර්දේශ කරනවා.

නිමල්ට හරියනකොට නිමල්ට හිටපු පරණ ඍණාත්මක අදහස් තියෙන යාළුවන්ට බලන් ඉන්න බැරුව නිමල් එක්ක වැඩිය යාළුකමක් පවත්වන්නේ නැහැ. මීට ප්‍රධාන හේතුව දැන් නිමල් වටා සමන්ගේ ඉහළ පෙලේ වැදගත් යාළුවො ගොඩාක් වටවෙලා සිටීම. නිමල්ගේ අළුත් යාළුවො නිසා නිමල් දැන් මත්පැන් බීමෙන් ඈත් වෙලා. නිමල්ගෙ අළුත් යාළුවොත් නිමල් වගේමයි. නිතරම හිතන්නේ මේ ජීවිතේ කොතරම් අපූරුද කියලා. ඔවුන්ටත් නිමල්ට වගේම තමන් බලාපොරොත්තු වන, ආස කරන දේවල් ළඟා කරගන්න පුළුවන් කියලා ලොකු ආත්ම විශ්වාසයක් තිබෙනවා.

නිමල් ගැන ඉහත කතා දෙකෙන් පළමු කතාවේ නිමල්ගේ සිතේ තමාගේ ජීවිතය සාර්ථක වේවි යැයි විශ්වාසයක් තිබුණේ නැහැ. ඔහු සෑම තැනකින්ම බලාපොරොත්තු වුණේ තාමට සිදු වන කරදර සහ අසාධාරණකම්. නමුත් පසුව නිමල් ඉතාමත් ගැඹුරින් විශ්වාස කිරීමට පෙළඹෙනවා ඔහුට තම අරමුණු කරා ළඟා විය හැකි බව. ඔහු තමා වටා ඇති සෑම දෙයක්ම සුභවාදීව දැකීමටත් විශ්වාස කිරීමටත් පෙළඹෙනවා. එවිට නිමල්ට හිතාගන්නත් බැරි විදියට තමාගේ ජීවිතයට හොඳ දේවල් ළඟා වීමට පටන් ගන්නවා.
ආකර්ෂණයේ නීතිය ඔබේ ජීවිතයටත් ඇතුළු කර ගැනීමට උපදෙස් කිහිපයක්
1. පළමුව ඔබේ මනස සැහැල්ලු කරන්න. ඔබට අවශ්‍ය දේ ඔබේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍ය යි. බොහෝ සාර්ථක පද්ගලයින් භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමුවීමටත් මෙය ප්‍රධාන හේතුවක්. ඔබේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න.
2. ඔබට අවශ්‍ය දේ කුමක්ද යන්න හැරියටම තේරුම් ගන්න. ඒ පිළිබඳව ඔබට සැක තියෙන්න බැහැ. ඔබේ මනසේ සිතුවිලි වලින් විශ්වයට ඔබ පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔබට අවශ්‍ය දේ පිළිබඳ ඔබටත් විශ්වාසයක් නැතිනම් එවැනි දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
3. ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔබට අවශ්‍ය යැයි ඔබ ධාරණය කරගත් දෑ විශ්වය ඔබ වෙත ලබා දෙන ඔබට විශ්වාස කරන්න.
4. ඔබට අවශ්‍ය දෙය ඔබට ලැබී ඇති ආකාරය නිතර මනසින් දක්න්න. ඔබට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔභ එතැනට ලඟා වී ඇති අයුරු සිතේ මවා ගන්න. විශාල කාර්යාලයක ඔබ යටතේ ඇති විශාල සේවක පිරිසක් පාලනය කරන අයුරු හිතේ මවා ගන්න. එම සතුට විඳින්න. සතුට විඳින සෑම විටම එය ලබා දෙන මෙන් විශ්වයට සිතුවිලි වලින් බල කරන්න.
5. ඔබට ජීවිතයේ ලැබී තිබෙන දෑ කොලයක ලියන්න. ඒ පිළිබඳව අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඔබ විශ්වාස කරන දෑ විශ්වය විසින් ඔබට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න. තමන් දිනෙන් දින ක්‍රමයෙන් ඇරමුණු වලට ලඟා වන අයුරුතම ශරීරයට ජීවයක් කරගන්න.
6. ඔබට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔබේ සිතුවිලියි. නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා. නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා. ඔබ ඔබේ මනසින් සිතන සෑම දෙයකටම ඔබ මනසින් ආරාධනා කරනවා. ඔබ සිතන දේ හොඳ වුනත් නරක වුනත් ඔබ ඒ පිළිබඳ සිතනවා යනු ඔභ ඒවාට ඔබේ ජීවිතයට ආරාධනා කර අවසන්. සිතුවිලි වල ප්‍රභලතාවය වැඩිවන තරමට ආරාධනයේ ප්‍රභලතාවය වැඩි වනවා. මේ නිසා නරක දේවල් හිතන්න පෙර ප්‍රවේසම් වන්න.
7. ඔබට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔබේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔබ කරා පැමිණෙනවා. වර්තමානයේ ඔබේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න. ඔලිම්පික් පිහිණුම් ශූර “මයිකල් පෙලිප්ස්” පැවසූ දෙයක් තමයි ඔහු කුඩා කල පිහිණුම් පුහුණුවන අවධියේ සෑම රාත්‍රියකම නින්ද යන තෙක්ම ඔහු ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කර රන් පදක්කම් ලබා ගන්නා අයුරු මනසින් මවා ගත් බවයි.
8. ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ වේලාවක් ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔබේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස බල කරන්න. මෙය Powerful Thinking Time ලෙස හැඳින්වෙයි.
9. කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි මග හරින්න. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔබ කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔබට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න.
10. ඔබේ සාර්ථකත්වයේ සිහින ඔබේ මාර්ග උපදේශකයා කර ගන්න. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව මෙනෙහි කරන්න. නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔබේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න. සත්‍ය නම් ඔබට යමක් අවංකවම අවශ්‍ය නම් ඔබ තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ. ඔබ තුල තවමත් කම්මැලිකමක් තිබේනම් ඉන් කියවෙන්නේ ඔබ තවමත් ඔබට අවශ්‍ය දේ අවංකවම විශ්වාස කරන්නේ නැහැ කියන එකයි. අවංකවම තමාට අවශ්‍ය දෙය විශ්වාස කරන අය තුල කම්මැලි කම දකින්න ලැබෙන්නේ නැහැ.
ලෝකයේ ධනය සහ අනිකුත් සියළු සැප සම්පත් වලින් 96% ක් පමණ බෙදී ගොස් ඇත්තේ 01% තරම් සුළු පිරිසක් අතරයි. අනිත් 99% දෙනාම බාවිතා කරන්නේ ලොව ධනයෙන් සහ සැප සම්පත් වලින් 4%ක් පමණයි. මේ නිසා ලොව දුප්පත් හෝ රෝගී පුද්ගලයින් මෙම ලෝකය අසාධාරණ තැනක් ලෙස ලැතවෙනවා.
ඔවුන් පවසන එක දෙයක් නිවැරදියි. එනම් ලොව සම්පත් බෙදී යන්නේ ඉතාමත් අසාධරණ ක්‍රමයකට යන වග. ඔවුන් නොදන්නා දෙය නම් සම්පත් එලෙස අසාධාරණ ලෙස බෙදී යන්නේ ආකාර්ෂණයේ නීතිය විශ්වාස කරන අය වෙත එම සම්පත් ඇදී යාම නිසා යන කාරණයයි.
"ආකාර්ෂණය වීමේ නීතිය" යන රහස ඔබට ධනය, සතුට, නිරෝගී බව ඇතුළු සියළු දේ ලබා දෙනවා. ඔබට උවමනා දේ කරන්න ලබා ගන්න හා යමෙක් වෙන්නට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ ලඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ කෙතරම් විශාලද යන්න එයට වැදගත් නැහැ. ඔබට අවශ්‍ය මොන වගේ නිවසක්ද? ඔබට කෝටිපතියෙකු වන්න අවශ්‍යද? ඔබට සාර්ථක වන්න අවශ්‍යද? මේ සෑම දෙයක්ම ඔබට ඒවා ලබාගැනීමට ඇති ආසාවේ ප්‍රබලතාවය නිසාම ඔබ වෙත ආකර්ෂණය වෙනවා.
ඔබ තුළ ඇති වන මෙම තදබල ආශාව හරියටම ප්‍රබල කාන්දමක් වගේ. ඔබට අවශ්‍ය දෙය කුමක් වුවත්, කෙතරම් විශාල වුවත් ඔබව ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ. ඒවා ඔබ වෙත ඇදී එන්නේ ඔබව පුදුමයට පත් කරවමින්.
සඳ මත මිනිසකු ගොඩ බැස්සවීම සඳහා උපකාරී වූයේත් ඒ පිළිබඳ විශ්වාස කළ පුද්ගලයින් නිසයි. ඔබ විශ්වාස කරනවානම් ඔබට තරු අතරට වුවත් ගමන් කළ හැකියි. මෙලොව සිදුවී ඇති සියල්ලටම රහස මෙම ආකාර්ෂණයේ නීතියයි. අද වෙන දේත්, වෙන්න තියෙන සියළු දේත් මෙම නීතියට අනුව සිදු වේවි.
ඔබේ ජීවිතයේ ඔබට වෙන සියළු දේත් ඔබ ආකර්ෂණය කර ඇති දේවල්, සියළු දේ පළමුව ඔබේ මනස තුළ ගොඩනැගෙනවා. ඔබට අවශ්‍ය ඔබ සිතන දෑ සියල්ල මනසින් දකින්න. ඔබේ මනසින් ඔබ විශ්වාසයෙන් දකින දෑ සියල්ල ඔබ ආකර්ෂණය කර ගන්නවා. ලොව සාර්ථක වී ඇති සියළු දෙනා මෙම රහස ඉතා හොඳින් දන්නවා.
ඔබ නොදැන සිටියාට විශ්ව බලයෙන් ලෙඩ සුව කරන ව්‍යාපාර සාර්ථක වීම ගුරුකම් කරන ස්ථාන වල අය මේ රහස පිළිබඳව හොඳින් දන්නවා. ලෙඩ රෝග සුව කර ගැනීමට, ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔවුන් වෙත පැමිණෙන සියළු දෙනා තුලම මේ පුද්ගලයින් ඇති කරන්නේ විශ්වාසයයි.
ලෙඩ රෝග වැළඳී ඇති අයට ඔවුන් පවසන වතාවත් වලට අනුව ජීවත් වෙයි නම් එම රෝග සුව වන බවට විශ්වාස ඇති කරවනවා. ව්‍යාපාර සාර්ථක වීම අවශ්‍ය අයගේ හිස මත දෙහි ගෙඩියක් තබා දෙහි කපා දෙහි පාගා ඇති කරවන්නේ එම විශ්වාසයයි. තම අරමුණු පිළිබඳව විශ්වාසයක් නොමැතිව එවැනි ස්ථාන වෙත යන පුද්ගලයින් ඉන් නික්ම යන්නේ දැන් තමාට අවශ්‍ය දේ ඉහත පුද්ගලයා විසින් ලබා දෙන බවට පුදුමාකාර විශ්වාසයකිනි.
එම විශ්වාසය නිසාම එම පුද්ගලයින් බොහෝ දෙනා තම අරමුණු කරා ලඟා වෙනවා. මේ නිසා තමයි සෑම කපුමහතෙක්ම “මහත්තයා මම හරි දෙයියො හරි විශ්වාස කරනවා නම් විතරයි ඉතින් හරි යන්නේ – විශ්වාස නැතුව මේවා කරාට නම් වැඩක් වෙන්නේ නෑ.” කියලා පවසන්නේ. එක අතකින් එවැනි කපු මහතුන් සමාජයට සේවයක්ද කරනවා. මොකද තමා තුල තනිවම විශ්වාසය ගොඩ නගා ගත නොහැකි දුර්වල උදවියට එම විශ්වාසය ගොඩනගා ගැනීමට දායක වීමෙන්. එම කපු මහතුන් ඔබව රවටා හෝ “ආකර්ෂණයේ නීතිය” ඔබට වක්‍රාකාරව කියා දෙනවා.

මේ නිසා ඔබ තුළ කුමන ආගමික, දේව විශ්වාස තිබුණත් ඒවා ආකර්ෂණයේ නීතියට ගැටළුවක් වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ.

උපුටාගැනීමක්

ලෝක ප්‍රකට “The Secret” කෘතිය ඇසුරෙන්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top /////////////////////////////////////////////// Commented on 2025-09-17 ////////////////////////////////////////////////////