Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
10
ඔබේ ලග්නයට අනුව ඔබට හොඳින්ම ගැළපෙන සහකරු සහකාරිය තීරණය වෙන්නේ මෙහෙමයි ...

- ඔබේ ලග්නයට අනුව ඔබට හොඳින්ම ගැළපෙන සහකරු සහකාරිය තීරණය වෙන්නේ මෙහෙමයි ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

487 Views

අද සමාජයේ ජීවත් වන පුද්ගලයන්ගෙන් බොහෝ දෙනා ජෝතිශ්‍ය ශාස්ත්‍රය අනුව ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට ඇති වන බලපෑම් පිළිබඳව දැනගැනීමට මෙන්ම ඔවුන්ගේ ඡන්මපත්‍ර අනුව තම අනාගතය පිළිබඳව දැනකියා ගැනීමට ද හැකි බව විශ්වාස කරනු ලබනවා.


මෙවන් පසුබිමක් යටතේ ඔබට ඔබගේ ලග්නය අනුව ඔබට වඩාත් හොඳින් ගැලපෙන ලිංගික සහකරු සොයාගත හැකි බව ඔබට මා පැවසුවොත්? මෙසේ මා පවසන ආකාරයට ලග්නය අනුව තමන්ට ගැලපෙන ලිංගික සහකරු සොයාගත හැකි බවට විශ්වාසයක් නොමැති නම් පළමුව මෙම ලිපිය සම්පූර්ණයෙක් කියවා සිටින්න.

මේෂ ලග්නය

මේෂ යනු සාමාන්‍යයෙන් හඹා යෑමේ කාර්යය සිදු කරන ලග්නයක් ලෙස හැඳින්විය හැකිය. මොවුන් ලූහු බැඳීමට වඩාත් ප්‍රියතාවයක් දක්වනු ලබයි. ඔවුන් පසුබා ඇති අවස්තාවන් වලදී ඔව්න්ගේ ඇති පැහැදිලි අධිෂ්ඨාන ශක්තිය මනා ලෙස දැක ගත හැකිවනු ඇත. මොවුන් අනෙක් අය සමඟ තම අදහස් හුවමාරු කර ගැනීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් ලෙස හැඳින්විය හැකි අතර ඉතා හොඳ ආදරවන්තයන් ද වේ. මේෂ ලග්න හිමියන් නිදහසේ සිටීමට වඩාත් ප්‍රිය කරයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – තුලා , මිථුන , සිංහ , ධනු

වෘෂභ ලග්නය

වෘෂභ ලග්න හිමියන් පිළිබඳව අවධානය යොමු කරන විට, ඔවුන් තම ආදර වන්තයා හෝ ආදර වන්තිය සමඟ එකිනෙකා හා ලිංගික ඇසුරු කරන අවස්ථා වලදී ඉතා සංවේදී ලෙස හැසිරේ. සුවඳ විලවුන් වර්ග භාවිතය මගින්, අලංකාර ලෙස සිටීම මගින්, ස්පර්ශයන් මගින් සහ ඔවුන් හා සංවාදයේ යෙදීම මගින් ඔබට ඔවුන්ගේ හැඟීම් පුබුදුවාලිය හැකි වේ. එමෙන්ම මොවුන් තම සහකරු පිළිබඳව ඉතා හොඳින් සොයා බැලීම් සිදු කරනු ලබයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – වෘශ්චික , කටක , කන්‍යා , මීන

මිථුන ලග්නය

මිථුන ලග්න හිමියන් යනු ඉතාමත් විවෘත මනසක් ඇති පුද්ගලයින් ලෙස හැඳින්වෙන අතර මොවුන්ට නිරුවත සම්බන්දයෙන් කිසිදු ගැටළුවක් නොමැත. අනෙකා තමා කෙරෙහි වශී කර තබා ගැනීමේ හැකියාවකින් යුක්ත වන මොවුන් විවිධ ස්ථාන වල විවිධ ආකාරයෙන් තම ලිංගික එක් වීම් සිදු කිරීමට කැමැත්තක් දක්වන පිරිසකි. මිථුන ලග්න හිමියන්ගේ තම හැඟීම් සන්නිවේදනය කිරීමේ කාර්යය තීරණාත්මක සාධකයක් බවද දැක්වේ.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – ධනු , තුලා , සිංහ , මිථුන , කුම්භ

කටක ලග්නය

කටක ලග්නය යනු සාමාන්‍යයෙන් හැඟීම් පිළිබඳව කතා කරනු ලබන ලග්නයකි. මොවුන් ලිංගික එක්වීමකදී තම සහකරු හෝ සහකාරිය සමඟ ඉතා ගැඹුරු සම්බන්දතාවයක් ගොඩනගා ගැනීමට ප්‍රියතාවයක් දක්වයි. එමෙන්ම මොවුන් ලිංගික කාර්යය සෙමෙන් පටන්ගෙන කෙමෙන් තම රිද්මය වර්ධනය කර ගැනීමට දැඩි ඇල්මක් දක්වන්නන් වේ. එමෙන්ම කටක ලග්න හිමියන් තම සියළුම සංවේදනයන් ලිංගික සංසර්ගයේදී භාවිතා කරනු ලබයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මකර , වෘෂභ , සිංහ , මීන

සිංහ ලග්නය

සිංහ ලග්න හිමියන් සතුව ඔබේ ජීවිතයේ ලිංගික තෘප්තිය ලබා දීමට අවශ්‍ය කාමාශාව, ශක්තිය සහ ජවය දක්නට ලැබේ. මොවුන්ගේ චරිතය තුළ ස්වභාවයෙන්ම නිරතුරුව විරුද්ධ ලිංගිකයා වෙත ආකර්ෂණය වීමේ ස්වභාවයක් ඇති නිසා ආදරය කිරීමට වේලාවක් ලැඛෙනුයේ කලාතුරකිනි. ලිංගිකව එක්වන අවස්ථාව මොවුන්ගේ ප්‍රභලතම පැතිකඩ ලෙස හඳුනා ගෙන ඇති අතර තම සහකරු හෝ සහකාරිය සමඟ සෙල්ලක්කාර ලෙස ලිංගික තෘප්තිය ලබා ගැනීමට මොවුන් ප්‍රිය කරයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – කුම්භ , වෘශ්චික , තුලා

කන්‍යා ලග්නය

ආදරය ඇතිකිරීමේ ක්‍රියාවලියේදී කන්‍යා ලග්න හිමියන් තමන් සතු සියළු දේම තම සහකරු හෝ සහකාරියට ලබා දීමට කටයුතු කරනු ලබයි. කන්‍යා ලග්න හිමියන් තමන්ට මන්දගාමී ලිංගික එක් වීමක් ලබා ගත හැකි සාමකාමී පරිසරයකට වඩාත් ආශා කරයි. මේ සියල්ලට ප්‍රථමයෙන් ඔබ ඔවුන්ගේ විශ්වාසය දිනා ගත යුතුය. වරක් ඔබ එසේ කළ විට ඔවුන් තම හැඟීම් නිදහස් කිරීම අරඹනු ඇත.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මීන , වෘෂභ , තුලා , කටක

තුලා ලග්නය

තුලා ලග්න හිමියන්ගේ වඩාත් බලවත් කලාපය වන්නේ මොළයයි. ඔවුන් සිය යහන මතදී නිරන්තරයෙන්ම තම සහකරු හෝ සහකාරිය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට සහ ඔහු හෝ ඇයව තමාට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට ඇල්මක් දක්වන අතර ඇයගේ හෝ ඔහුගේ සතුට වෙනුවෙන් අවශ්‍ය පරිදි හැඩ ගැසීමටද කැමැත්තක් දක්වනු ලබයි. මොවුන් සංසර්ගයට සූදානම් වන කාලයේදී තම සහකරුගේ හෝ සහකාරියගේ යට ඇඳුම් භාවිතා කරමින් ඔහුට හෝ ඇයට සරදම් කිරීමටද ප්‍රියතාවයක් දක්වයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මේෂ , මිථුන , සිංහ , කුම්භ

වෘශ්චික ලග්නය

වෘශ්චික ලග්න හිමියන් කැපී පෙනෙන ක්ෂේත්‍රය මෙය වේ. මොවුන්ගේ ලිංගික හැසිරීම අද්විතීය වන අතර අසීමාන්තික ආශාවන්ගෙන් යුක්ත වේ. මොවුන් බලය හා පාලනය ඇතුළත් නාට්‍යමය ආකාරයකට තම ලිංගික එක්වීම් සිදු කිරීමට දැඩි කැමැත්තක් දක්වනු ලබයි. සහකරු හෝ සහකාරිය සමග ආදරයක් ඇතිකර ගැනීමට මොවුන් සතුව ශක්තියක් ඇති අතර ඔහු හෝ ඇය සමඟ ගැඹුරු සම්බන්දතාවයක් ඇති කර ගැනීමටද මොවුන් උත්සාහයේ යෙදෙයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – වෘෂභ , සිංහ , කන්‍යා , කටක , මීන

ධනු ලග්නය

ධනු ලග්න හිමියන් තම යහන මතදී අත්හදා බැලීම් සිදු කිරීමට ප්‍රියතාවයක් දක්වයි. මොවුන් ඉතා හොඳ දිගු සංසර්ගයන්ට යා හැකි පුද්ගලයන් වන අතර මෙතෙක් සිදු නොකල නැවුම් යමක් සිදුකිරීමට උත්සාහ ගනී. එකම ආකාරයකට ආදරය කිරීමේදී එය නීරස වේ යැයි ඇති බිය නිසා මොවුන් විවිධ ආකාරයේ අත්හදා බැලීම් වලට පෙලඹේ. ධනු ලග්න හිමියන් තුළ ආකර්ෂණීය ස්වභාවයක් ඇති අතර මොවුන් තමන්ගේ සබඳතාවය තුළින් බොහෝ විනෝදයක් බලාපොරොත්තු වේ.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – මිථුන , සිංහ , මේෂ , තුලා

මකර ලග්නය

මෙම අංශයේදී මකර ලග්න හිමියන් බොහෝ සෙයින් වෘශ්චික ලග්න හිමියන්ට සමාන කමක් පෙන්වයි. මොවුන්ගේ එකම අසමාන කම වනුයේ වෘශ්චික ලග්න හිමියන්ට වඩා මකර ලග්න හිමියන් සංවේදී බවින් වැඩි වීමයි. මකර ලග්න හිමියන් සමග ඇතිකර ගන්නා ආදර සම්බන්දතාවයක බොහෝ සංවේදී අවස්ථා දැක ගත හැකි අතර මෙය පවිත්‍ර ප්‍රේමයක් ලෙසද හැඳින්වේ.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – කටක , වෘෂභ , මීන , වෘශ්චික

කුම්භ ලග්නය

මොවුන් යහන මතදී මෙන්ම ඉන් පිටතදී ද ලිංගික ක්‍රියාකාරකම් වෙත යොමු වීමට ප්‍රිය තාවයක් දක්වයි. මොවුන් සෑම විටම ඕනෑම ආකාරයක අශෝබන හැසිරීමක් සඳහා සූදානමින් සිටින අතර අදහාගත නොහැකි ලෙස සෙල්ලක්කාර පුද්ගලයන් වේ. මොවුන් තම සහකරුවා හෝ සහකාරිය මානසිකව උත්තේජනය කිරීමේ හැකියාවකින් යුතු නිසා ඔහු හෝ ඇය සමග සන්වාදයේ යෙදීමට ප්‍රිය කරයි.

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – සිංහ , මිථුන , තුලා , මේෂ

මීන ලග්නය

මීන ලග්න හිමියන් ස්වභාවයෙන්ම ආකර්ෂණීය පුද්ගලයන් පිරිසකි. මොවුන් ඉතාම ප්‍රියකරු වන අතර ඔබ සිතාගැනීමටත් පෙර ඔබව තම යහන වෙත රැෙඟන යාමේ හැකියාවකින් යුක්ත වේ. මීන ලග්න හිමියන් ඉතාමත් ආදරනීය වන බැවින් මොවුන් කතා කරන විටදී ඔබ මොවුන් තුළට තව තවත් ආකර්ෂණය වී යයි

වඩාත් හොඳින් ගැලපෙන සහකරුවන් – කන්‍යා , වෘශ්චික , වෘෂභ , කටක
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top /////////////////////////////////////////////// Commented on 2025-09-17 ////////////////////////////////////////////////////