සිය කොන්දේ වේදනාවට ප්‍රතිකාරයක් ලෙස පණපිටින් කුඩා ගෙම්බන් 08 දෙනෙකු ගිල දැමීමෙන් අනතුරුව චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක, දරුණු පරපෝෂිත ආසාදනයකට ගොදුරු වී රෝහල්ගත කිරීමේ සිද්ධියක් වාර්තා වෙනවා.
ඇය ෂැං නමැති 82 හැවිරිදි කාන්තාවක්.
දිගු කලක් තිස්සේ කොන්දේ වේදනාවකින් පීඩා විඳි ඇය, පණපිටින් ගෙම්බන් ගිල දැමීමෙන් මෙම වේදනාව සමනය කර ගත හැකි බවට වූ ජනප්‍රවාදයේ එන ප්‍රතිකාර යැයි කියනු ලබන ක්‍රමයක් විශ්වාස කර තිබුණා.
ඇය, තම අපේක්ෂාව ගැන පවුලේ අයට නොදන්වා, වැඩිහිටි අත්ලකට වඩා කුඩා ගෙම්බන් තුන් දෙනෙකු පළමු දිනයේදී ද ඉතිරි පස් දෙනා ඊළඟ දිනයේදී ද පිසීමෙන් තොරව පණපිටින් ගිල දමා තිබෙනවා.
ඇය මුලදී උදරයේ යම් අපහසුතාවයක් දැනුණු නමුත්, දින කිහිපයක් තුළ වේදනාව තීව්‍ර වූ බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
වේදනාව උත්සන්න වීම හේතුවෙන් ඇයට ඇවිදීමට නොහැකි තත්ත්වයට පත්වීමෙන් පසුව ෂැං තමා ගෙම්බන් ගිල දැමූ බව පවුලේ අයට හෙළි කර තිබුණා.
දරුණු උදර වේදනාව හේතුවෙන් සැප්තැම්බර් මස මුලදී ඇය ෂෙජියැං විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
වෛද්‍යවරුන් විසින් ගැටිත්තක් උදරෙයේ ඇති බවට අනුමාන කර නැතත් පරපෝෂිත ආසාදන සහ රුධිර ආබාධ වැනි විවිධ රෝග පෙන්නුම් කරන ඔක්සිෆිල් සෛල අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති බව සොයා ගත්තා.
වැඩිදුර පරීක්ෂණ මගින් ෂැංගේ සිරුරට ස්පාර්ගනම් ඇතුළු පරපෝෂිතයන් ආසාදනය වී ඇති බව තහවුරු වුණා.
ගෙම්බන් ගිල දැමීම රෝගියාගේ ජීර්ණ පද්ධතියට හානි කර ඇති බව රෝහලේ වෛද්‍යවරයෙක් මාධ්‍ය වෙත පැවසුවා.
සති දෙකක ප්‍රතිකාරයකින් පසු ෂැං රෝහලෙන් පිටව ගියා.
හැංෂෝ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු වනවු-ෂොංවෙන් උපුටා දක්වමින් වාර්තා පවසන්නේ, ෂැංගේ සිද්ධිය වැනි අවස්ථා මෑත වසරවලදී කිහිපයක් ලැබී ඇති බැවින් ඒවා දුලභ නොවන බවයි.
ගෙම්බන් ගිල දැමීමට අමතරව, සමහර පුද්ගලයින් අමු සර්ප පිත්තාශය හෝ මාළු පිත්තාශය පරිභෝජනය කරන බවත්, තවත් අය ගෙම්බන්ගේ සම තමන්ගේම සමට ආලේප කිරීම වැනි සිරුරට අහිතකර ප්‍රතිකාර යැයි සිතන දේවල් කරන බවත් ඔහු සඳහන් කරනවා.
මෙම රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් වැඩිහිටියන් වන අතර, ඔවුන්ගේ තත්ත්වය දරුණු වූ විට පමණක් රෝහල් ප්‍රතිකාර සොයා එන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
මෙවැනි ක්‍රියා මඟින් පරපෝෂිතයන් ශරීරයට ඇතුළු වීමට ඉඩ සලසන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දෘශ්‍යාබාධ, අභ්‍යන්තර කපාල ආසාදන, සහජීවිතයට තර්ජනයක් වන තත්ත්වයන්පවා ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
චීනයේ සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි විකාර සහගත විද්‍යාත්මක නොවන ප්‍රතිකාර ක්‍රම බහුලව සංසරණය වන බවද වාර්තා වනවා.
නිදසුනක් ලෙස, ෂෙජියැං පළාතේම මාස හයක ළදරුවෙකුගේ මවක් අන්තර්ජාලයෙන් ඉගෙන ගත් ක්‍රමයක් අනුව ඊයම් ඇසිටේට් දියරයේ ඇගේ අත පොඟවා ලියුකේමියාවට ප්‍රතිකාර කිරීමට උත්සාහ කිරීම නිසා එම දරුවාට ඊයම් විෂ වීම සිදුවූ තිබුණා.
අවසානයේ ඊයම් මූලද්‍රව්‍යය දරුවාගේ සම තුළට විනිවිද ගොස් තිබූ බව වෛද්‍යවරු පවසා තිබෙනවා.