ලොව අනෙක් රටවල් සමග සසඳන විට ඉන්දියාව යනු විවාහ මංගල්‍ය චාරිත්‍රයන්ගෙන් සහ විවිධාකාරයේ විවාහ මංගල්‍යයන්ගෙන් පිරුණා වූ ද, බහු දින විවාහ මංගල්‍යයන් සඳහා ප්‍රසිද්ධ වූ ද රටක් බව සැලකිය හැක.
ලෝකයේ අනෙක් රටවල්වල නොමැති, පුදුමාකාරයේ සිරිත් විරිත්, ගති පැවතුම්, ආහාරපාන සහ ඇඳුම් පැළඳුම් ඉන්දියානු විවාහ මංගල්‍ය වල දී දැක ගැනීම සාමාන්‍ය සිරිතකි.
නමුත් මෙහි ඇති වඩා කතාබහට ලක්වන විවාහ මංගල චාරිත්‍රයන් පිළිබඳව කරුණු අනාවරණය කර ගත හැක.
වසර හත්සීයකට වඩා වැඩි කාලයක් තිස්සේ දකුණු ඉන්දියාවේ අසාමාන්‍ය විවාහ සම්ප්‍රදායක් පවත්වාගෙන යනු ලබන අතර එහි දී මනාලයන්ට ඔවුන්ගේ නැන්දම්මා විසින් නැවුම් ලෙස සකස් කරන ලද කෑම වර්ග පෙළපාළියක් පිරිනැමීම සිදුවේ.
මෙය පැවත එන්නේ ඉන්දියාවේ සියවස් ගණනාවක සිට වන අතර මෙම සම්ප්‍රදායේ හිමිකරුවන් වන්නේ මාපිලි නම් මුස්ලිම් සම්ප්‍රදායකි. පුයිප්පල පෙරුක්කාල් නම් විවාහ චාත්‍රියක් ඇසුරෙන් සකස් වී ඇති මෙය අතීතයේ සිට ඉන්දියාවේ කේරළයේ තලසීරි නගරයේ ව්‍යාප්ත වීම ඇරඹුණි.
ඉන්දියාවේ ආහාර පිළිබඳව බොහෝ ආකාරයේ සලකුණු තබා ඇති සංස්කෘතියන් තිබුණ ද, දහතුන් වන සියවසේ සිට පැවත එන බවට විශ්වාස කෙරෙන මෙම විවාහ සම්ප්‍රදාය මාපිල මුස්ලිම්වරුන් තරම් වෙනත් කිසිවෙකුට සිදුකළ නොහැකි බව ද ප්‍රකට වන කරුණකි.
මෙහි’ පුයිප්පල පේරුක්කල්’ යනු බෑනාව පෝෂණය කිරීම යන අදහස දෙන කියමනකි. එහිදී සියවස් ගණනාවක සිට මනමාලයා නිවසට පැමිණි විට දින 40ක පමණ කාලයක් තුළ කලාතුරකින් පමණක් පිසින කෑම වර්ග ඇතුළු කෑම වර්ග 100ක් පමණ පිළියෙල කරයි. මංගල උත්සවය පැවැත්වෙන දින 40ම මනමාලියගේ පාර්ශවය මගින්; විශේෂයෙන් මනාලියගෙන් මව විසින් මනාලයා වෙත මෙම ආහාර පිළිගන්වනු ලබයි.
ඓතිහාසික වශයෙන් වසර ගණනාවක් මුළුල්ලේ පැවත එන මෙම චාරිත්‍රය ඇතැම් අවස්ථාවේ දී යම් යම් වෙනස්කම් වලට භාජනය වුව ද දින 40ක පමණ කාලයක් මෙම මාපිල මුස්ලිම්වරුන් ආහාර වර්ග 100ක් පමණ ලබාදීම සිරිතක් කොට එම කටයුතු සිදු කෙරිණ.
විශේෂයෙන් බෑනා කෙනෙකු සිය පවුලට ගෞරව පූර්වකව පිළිගැනීම, ගෞරවනීය සලකුණක් ලෙස සැලකීම සහ මනමාලයාට මනාලියගේ පාර්ශ්වයෙන් ඕනෑ තරම් ආහාර පාන වර්ග අඩුවක් නොමැතිව ලබාගත හැකි බවද පෙන්වන ඉඟියක් බවට මෙම චාරිත්‍රය මගින් පෙන්නුම් කරයි.
ගිතෙල් මිශ්‍ර පාන්, බැටළු මස් කරිය, වඩේ වර්ග, සීනි සිරප් සමග සාදන ලද බිත්තර, විවිධ පිරවුම් සහිත පාන්, ගීතෙල් බත්, බිරියානි, ටෝස්ට් කළ කුලුබඩු වර්ග, එළු මස් බිරියානි යනාදී ආහාර වර්ග 100ක් මෙම දින 40 විවාහ මංගල උත්සවය සඳහා පිළිගන්වනු ලැබේ.
කෙසේ වෙතත් අද වන විට මෙම වර්ග 100ම නිසියාකාරව පිසීමට හැකි කාන්තාවන් ඉතා විරල වන අතර බොහෝ විට මෙම දින 40ක කාලසීමාව ක්‍රමයෙන් අඩු වී යන ආකාරයද දැකගත හැකිවෙයි.
නමුත් ඇතැම් විට අතීත ශ්‍රී විභූතිය පසෙක නොදා තවමත් දින 40ක් පුරාවට ආහාර වර්ග 100ක් ලබා දී මනමාලයාව පිළිගැනීමට මගබලා සිටින නැන්දම්මලාද සොයාගැනීම අපහසු නොවන බව ඔවුන්ගේ අදහසයි.