Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
05
හිසරදයක් ආව වෙලාවට මොනතරම් අමාරුයිද ? හිසරදය සුවපත් කරන ආහාර සහ පාන වර්ග මෙන්න ...

- හිසරදයක් ආව වෙලාවට මොනතරම් අමාරුයිද ? හිසරදය සුවපත් කරන ආහාර සහ පාන වර්ග මෙන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

315 Views

හිසරදය හැදුණේ නැති කෙනෙක් මිහිපිට නැති තරම්. මේ කියන්න හදන්නේ හිසරදය සමනය කරගන්න උදව් කරගන්න පුළුවන් ආහාර පාන ගැනයි... 


1. ආයුර්වේදය අනුව වැරදි ආහාර වැරදි වෙලාවේ ගැනීම

ආයුර්වේද ශාස්ත්‍රයට අනුව නම් හිසරදය ඇති වන්න කෑම බීම ආදිය මූලික වෙනවා. උණුසුම් කාලගුණයක්, දේශගුණයක් පවතින කාල වල උෂ්ණාධික ආහාර වන බල මාළු, හුරුල්ලෝ, දෙල් වැනි කෑම වර්ග ගතහොත් සිරුරේ වාත, පිත, සෙම කෝප වී ඒ මගින් හිසරදය ඇති වෙනවා. ඒ වගේම ශීතල තිබෙන වැසි කාල සීමා වලදී ශීතල ගතිය වැඩි කරන පිපිඤ්ඤා තලනබටු, ලබු වැනි ආහාර නිතර ගැනීමත් හිසරදය වැඩි කරන්නට හේතු වෙනවා. හිස යන ඉන්ද්‍රිය මිනිසාගේ සුඛ විහරණයට කෙලින්ම බලපාන බැවින් වාත, පිත, සෙම කෝප නොවන ආකාරයට ජීවත් වීම තුළින් හිසරදය අවම කරගන්න පුළුවන් බව ආයුර්වේද මතය වෙනවා.



2. ගර්භණී කාලයේ ඇතිවෙන හිසරදයට පිළියම්

ගර්භණී සමයේදී ඇතිවෙන හිසරදය ගර්භණී බව ඇති වී මාස තුනකින් හෝ දෙකකින් ඇතිවිය හැකියි. එය රුධිර පීඩනය හා සෘජුවම සම්බන්ධයක් තියෙන්නත් පුළුවන්. හිසරදය සමග බොඳ වුණු පෙනීම, දෘෂ්ඨියේ ලප ඇතිවීම, දකුණු උදරේ වේදනාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් එය Preeclampsia නැමැති තත්ත්වය වෙන්න පුළුවන්. එම තත්ත්වය සහ මිග්‍රේන් තත්ත්වයන් තිබේ නම් ආහාර සඳහා චොකලට් කැෆේන් ඇතුළත් බීමවර්ග, කිරි, කල්තබාගන්නා මස් ජාති වලින් ඈත්වීම සුදුසු වෙනවා.



3. යකඩ ඌනතාවය හේතුවෙන් ඇතිවෙන හිසරදය

ආහාර වේලක ඇති යකඩ කියන්නේ අපේ පෝෂණයේ ඛනිජ ලවණ කොටසට අයත් ඉතා වැදගත් පෝෂ පදාර්ථයක්. මේ යකඩ හිඟතාවය නිසාත් සිරුරේ හිමොග්ලොබින් අඩු වීම, හිසකෙස් ගැලවීම, හිසරදය සහ අධික වෙහෙස වැනි රෝග ලක්ෂණ ඇතිවෙන්නට පුළුවන්. ඒ නිසා යකඩ බහුලව ඇති පීකුදු, මුහුදු ආහාර, කුකුළාගේ පපු කොටස, රතු සහල්, වට්ටක්කා ඇට, වියලි පළතුරු, නිවිති වැනි යකඩ බහුල ආහාර ගැනීම මගින් යකඩ ලබාගැනීමට අපිට පුළුවන්.



4. ගැස්ට්‍රික් නිසා ඇතිවන හිසරදය

ගැස්ට්‍රික් තත්ත්වය නිසා මූලික වශයෙන් උදරයේ, පපුවේ වේදනාව ඇති වුවත් ඇතැම් විටක දරුණු හිසරදයක්ද ගැස්ට්‍රික් නිසා ඇතිවන්නට හැකියි. ඒ නිසා ආහාර ලෙස ගස්ලබු, නිවිති, වට්ටක්කා, අලිපේර වගේ දිරවීම වේගවත් කරන ආහාර වර්ග මෙන්ම නිවර්තන පළතුරු වර්ගත් ගැස්ට්‍රික් තත්ත්වයෙන් සහනයට උපකාරී වෙනවා. හිසරදය ඇතිවෙන්නේ ගැස්ට්‍රික් නිසානම් ක්ෂණික සහනයට මේද අඩංගු යෝගට්, ඔලිව් ඔයිල් සහිත සහ ඇටවර්ග, සැමන් මාළු ඇතුළත් කෑම වර්ග වඩාත් යෝග්‍ය වෙනවා. ලංකාවේ සමහරුන්ට නම් තැඹිලි ගෙඩියක් පානය කිරීම ගැස්ට්‍රික් සහ ඒ නිසා ඇතිවෙන හිසරදයට ක්ෂණික සහනයක් දෙනවා.


5. ඉරුවාරදයෙන් මිදෙන්න ආහාර වර්ග

ඉරුවාරදය කියන්නේ හිසට වද දෙන, ඇතැම් අයට දැඩි වේදනා දෙන තත්ත්වයක්. දිගුකාලීනව ප්‍රතිකාර ගත යුතු මෙම ඉරුවාරද තත්ත්වයන් වඩාත් සුවපත් කරන ආහාර කිහිපයක් තියෙනවා. අලිපේර, අත්තික්කා, බතල, කොමඩු, කැරට්, යෝගට් සහ ලෙමන් යුෂ ඉරුවාරදයෙන් පීඩා විඳින අයට සහනය ලබාගන්නට පාවිච්චි කරන්න පුළුවන්. මෙයින් කැරට්, ලෙමන් යුෂ සහ කොමඩු වැනි දේවල් පෝෂණය රැකෙන පරිදි කෙලින්ම ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් වටිනවා.



6. නිසි වෙලාවට ආහාර ගැනීම

ආහාර ගැනීමේ රටාව වෙනස් වීමත් ඇතැම් විට ගැස්ට්‍රයිටිස් සහ මිග්‍රේන් තත්ත්වයන් උත්සන්න කරනවා. ආහාර ගැනීම පමණක් නොවෙයි, ආහාර ගන්නා වෙලාවද හිසරදය කෙරේ සෘජුවම බලාපනවා. උදෑසන ආහාර වේල පමා කිරීමත් රාත්‍රියට අධික ලෙස තෙල් සහ මස් ඇතුළත් ආහාර ගැනීමත් නූතන ජීවන රටාවේ අංගයක් වෙලා. ඒ තත්ත්වය අඩු කරගෙන රාත්‍රියට සැහැල්ලු ආහාර ගැනීමත්, උදෑසන ආහාර වේල වඩාත් සවිමත්ව කලට වෙලාවට ගැනීමත් හිසරද තත්ත්වයන් සමනයට වඩාත් උපකාරී වෙනවා.


7. හිසරදයට මූලය හඳුනා ගැනීම

හිසරදය විවිධාකාර රෝග තත්ත්වයන් ගණනාවක් නිසා ඇති වන්නට පුළුවන්. කොටින්ම කොවිඩ් නිසාත් හිසරදය ඇතිවන්නට පුළුවන්. ඉතින් ඒ ඒ රෝග ආබාධ තත්ත්වයන්ට වඩාත් ගැළපෙන ආකාරයට ආහාර ගතහොත් ඒ මගින් හිසරදය ඉක්මනින්ම වළක්වා ගන්නට පුළුවන් වෙනවා. උදාහරණ ලෙස දරුණු උණ රෝගී තත්ත්වයන් එක්ක එන කෑම අරුචිය තත්ත්වය නිසා දිගටම ආහාර නොගෙන හිටියොත් ඒ මගින් තත්ත්වය නරක අතට ගිහින් හිසරදය දැඩි වෙන්නට පුළුවන්. ඒ වගෙ අවස්ථාවල සුප්, ඉඳිආප්ප, පළතුරු වැනි ආහාර වර්ග හැකි පමණ ගැනීම වඩාත් සුදුසු වෙනවා.


කාර්යබහුල ජීවන රටාව අපේ සිරුරට වගේම හිසටත් වදයක්. ඒ වගේම ව්‍යායාම ආදියත් හිසේ රුධිර ගමනාගමනයට, යහ පැවැත්මට උපකාරී වෙනවා. හිසරදයක් හැදුන වෙලාවට ඊට අදාළ පෙති වර්ග ගිලදමලා ක්ෂණික සහනයක් ගන්නවා වගේම නිතර නිතර හිසරදය එනවා නම් ඒ සඳහා හේතුවෙන ආහාර පුරුදු ආදියත් සොයා බලා නිවැරදි කරගන්න උත්සාහ කිරීම හොඳ පුරුද්දක් වෙනවා. ඒ වගේම අධික හිස‍රදයක් එනවා නම් ඩොක්ට කෙනෙක් හමුවීම අනිවාර්‍යයි... ඒ වගේම ඔබට වෙනත් ලෙඩ රෝග තිබෙනවා නම් මේ අහාර ලබා ගන්නකොට වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න කියලා ආදරයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා...
අන්තර්ජාලයෙන් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top