Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
18
නිකමටවත් හිතුවාද මේ ඉඟිවලින් කියන්නේ මොකක්ද කියලා.. නිවැරදි වතුර ප්‍රමාණය නොලැබීයාමෙන් ඔබේ ශරීරය ලෙඩ වෙන්න පුළුවන්..

- නිකමටවත් හිතුවාද මේ ඉඟිවලින් කියන්නේ මොකක්ද කියලා.. නිවැරදි වතුර ප්‍රමාණය නොලැබීයාමෙන් ඔබේ ශරීරය ලෙඩ වෙන්න පුළුවන්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views

අපි කවුරු වුණත් පිපාසයට විවිධ දේ බොනවා නේ.. ඒ මොන දේ බිව්වත් තිබහට වතුර බොනවා වගේ නෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්. 


වතුර බොන එක ඇත්තටම අපේ ශරීරයට මොන තරම් වැදගත්ද? ලෝකයේ වඩාත්ම වැදගත් සහ වටිනාම ස්වභාවික සම්පත වන ජලය නොලැබී යාමෙන් ශරීරයට හානි වෙනවා. පහත දැක්වෙන ලක්ෂණ ඔයාගේ සිරුර පෙන්නුම් කරනවානම් අපි නිර්දේශ කරන්නේ වහාම ඔබ දිනකට බොන වතුර ප්‍රමාණය වැඩිකළ යුතු බවයි.

- තොල කට වියළීම

ඇත්තටම මෙය විශේෂයෙන් සඳහන් කල යුතු නැහැ, ඉතාම පැහැදිලියි. සීනි අඩංගු දියර මෙයට තාවකාලික විසඳුමක් පමණක් වන අතර ප්‍රශ්නය තවත් බැරෑරුම් කරවනවා. ජලය පානය කිරීමෙන් මුඛයේ සහ උගුරේ ශ්ලේෂ්මල පටලය ලිහිසි කරවන නිසා පළමු උගුර පානය කිරීමෙන් අනතුරුව ඛේටය දිගු වෙලාවක් පවත්වා ගනිමින් මුඛයේ තෙතමනය රඳවා ගන්නවා.

- සම වියළීම

ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය සමයි, මේ නිසා නිසැකවම එය සජලව පැවතිය යුතුයි. ශරීරය විජලනය වී ඇති බවට ලබාදෙන පෙර දැනුම් දීම මෙයයි. මෙමඟින් වඩා දරුණු ගැටළුවලට මුහුණ දෙන්න සිදුවිය හැකියි. ජලය අවම වීමෙන් දහදිය දැමීම අවම වන නිසා ශරීරයේ අතිරික්ත අපද්‍රව්‍ය සහ දවස පුරාම ඒකරාශී වූ තෙල් ඉවත් කරදැමීමේ හැකියාව අහිමි වෙනවා. සිරුරේ ක්‍රියාකාරිත්වය කඩාවැටීමකින් තොරව නිසි පරිදි පවත්වාගැනීමට අවශ්‍ය නම් වැඩිපුර වතුර බොන්න.

- අධික තිබහ

මුලින්ම අපි තොල කට වියලීම ගැන කතා කළත්, මෙයින් අදහස් වෙන්නේ කාන්තාරයක සිටිනවා මෙන් දිවට දැනෙන තිබහ පිළිබඳවයි. මත්පැන් ගෙන ඇති කෙනෙක් නම් හොඳින් මේ හැඟීම දන්නවා, පසුදින අවදි වන විට මොන තරම් වතුර පානය කළත් ශරීරයට එය ප්‍රමාණවත් වන්නේ නැහැ. මධ්‍යසාර මඳින් ශරීරය විජලනය වන නිසා, ශරීරයේ ද්‍රව මට්ටමේ අවමය ලැබෙන තෙක් “කරුණාකර තව අවශ්‍යයි” යන සංඥාව මොලයට ලැබෙනවා. මේ නිසා ශරීරයට ඇහුම්කන් දෙන්න, මොකද තමන් කියන්නේ මොකද්ද කියා ශරීරය හොඳින් දන්නවා.

- ඇස් වියළීම

ජලය පානය කිරීම මුඛ්‍ය සහ උගුරට අමතරව බොහෝ දේවල්වලට වටිනවා කියා මේ වන විට අපි දන්නවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ජලය පරිභෝජනය කිරීමෙන් වියළි, ලේ රතු ඇස් (පෙර දිනයේ මත්පැන් පානය කර පසු දින අවදි වූ කෙනෙකුගේ ඇස් මෙන්). ශරීරයේ ජලය නැති වන විට, ඇස්වල කඳුළු ඇතිකරවන නාලය වියලෙනවා. “ඉතින් අඬන්න බැරි වුණාම මොකද වෙන්නේ?” මෙසේ සිතනවා නම්, දිනපතාම ස්පර්ශ කාච භාවිතා කරන විට සිදු විය හැකි හානිය පිළිබඳව මදක් සිතන්න.

- සන්ධි වේදනාව

අපගේ ශරීරයේ කාටිලේජ(කීකස) සහ කොඳු ඇට පේලියේ තැටි වල 80%ක්ම අන්තර්ගත වන්නේ ජලයයි. අප තබන සෑම පියවරකදීම අස්ථි එකිනෙක අතිල්ලෙන්නේ නැතිව තබාගැනීමට මෙය අත්‍යවශ්‍යයි. දිවීම, පැනීම සහ එකවිටම වැටීම යනාදී ක්ෂණික චලන වලදී ඇතිවන කම්පනය, සන්ධි මඟින් අවශෝෂණය කරගැනීමට ඇති හැකියාව ශරීරය සජලව පවත්වා ගැනීමෙන් තහවුරු වෙනවා.

- මාංශ පේශී වල බර අඩු වීම

මිනිස් මාංශ පේශි වල පවා වැඩිපුරම අන්තර්ගත වෙන්නේ ජලයයි. මේ නිසා ශරීරයේ ජල අන්තර්ගතය අවම වීමෙන් මාංශ පේශී වල බර අඩු වෙනවා. ව්‍යායාම කිරීමට පෙර, කරන විට සහ කිරීමෙන් පසුව ජලය පානය කිරීමෙන් සජලව සහ සැප පහසුව සිටීමට වගේම, ශරීරයේ නිවැරදි ස්ථානවලට ජලය ගෙන ඒම, ව්‍යායාම කිරීම සහ බර ඉසිලීම නිසා ඉදිමීම් සහ තුවාල වර්ධනය වීමේ හැකියාව අවම කරවනවා.

- ලෙඩ සුව වීමට කල්ගත වීම

ජලය පානය කිරීමෙන් අඛණ්ඩව ශරීරයේ විෂ ද්‍රව්‍ය පිට කිරීමට හැකි වෙනවා. යන්ත්‍රයක් ක්‍රියා කරන ආකාරයට අපගේ ශරීර ඉන්ද්‍රීන් මඟින් සමහර අපද්‍රව්‍ය පෙරනවා, නමුත් ජලය කියන ඉන්ධනය මෙයට සපයන්නේ නැතිනම් එය නිවැරදිව ක්‍රියා කරන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය වශයෙන් මෙම ඉන්ද්‍රීන් ශරීරයේ ජලය ගබඩා වී ඇති රුධිරය වැනි ප්‍රදේශවලින් ජලය ඉවතට අදින්න පටන් ගන්නවා, මෙමඟින් අලුත්ම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා.

- තෙහෙට්ටුව සහ කම්මැලි ගතියක් දැනීම

ශරීරය විජලනය වී පවතින විට රුධිරයේ ජලය තාවකාලික ලබාගන්නවා. සුදුසු පරිදි සජලනය වූ රුධිරය හිඟ වීම, ශරීරය පුරාම සංසරණය වන ඔක්සිජන් හිඟ වීමට හේතු වනවා. මේ නිසා නිදිමත සහ අධික තෙහෙට්ටුවක් දැනෙනවා. සවි බලය අවම වීමෙන් දහවල් 2කට හෝ ඊට පෙර ශරීරයේ කඩාවැටීම අත්විඳීමට සිදු වෙනවා. මතක තබාගන්න, කෝපි මඟින් දීර්ඝ කාලයක් අල්ලාගෙන සිටිය නොහැකියි.

- බඩගින්නෙන් පීඩා විඳීම

විජලනය වී පවතින විට, ආහාර අවශ්‍යයි කියා ශරීරය සිතන්න පටන් ගන්නවා. මෙය දවස පුරාම ඇති වනවා, මේ නිසා මහ රෑ නින්දෙන් අවදි වී සරල ආහාරයක් ගන්න පෙළඹෙනවා. නමුත් ආහාර ගැනීමෙන් ශරීරයට තවත් වැඩ අධික වෙනවා. නමුත් වතුර බීමෙන් අවයව පිරිසිදු වන අතර එහි ක්‍රියාකාරිත්වයට සහ වෙනත් කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සපයනවා.

- ජීර්ණය හා සම්බන්ධ ගැටලුවලට මුහුණ දීම

උගුරේ සහ මුඛයේ ශ්ලේෂ්මල පිළිබඳව වගේම සජලව පවත්වා ගැනීම මඟින් පටලය නිවැරදිව ක්‍රියා කරන අයුරු පිළිබඳව පෙර සඳහන් කළා. මෙය සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියටම බලපානවා. යෝග්‍ය පරිදි සජලනය නොවීමෙන්, උදරයේ ශ්ලේෂ්මල ප්‍රමාණය සහ ඒවායේ සවිය අවම වීම නිසා ආමාශ අම්ල ශරීර අභ්‍යන්තරයට විශාල වශයෙන් හානි කරනවා. මෙම තත්වය අම්ලපිත්තය සහ අජීර්ණ තත්ත්ව වලට හේතු වෙනවා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top