Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
02
පිළිකාවට එරෙහිව සටන් කරන පොල් වතුර සතු විශ්මිත ගුණ...

- පිළිකාවට එරෙහිව සටන් කරන පොල් වතුර සතු විශ්මිත ගුණ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

267 Views

මේ දේවල් දන්නවනම් ඔයා කවදාවත් පොල් වතුර විසික්කරන එකක් නැහැ...


ලාංකීය අපිට පොල් කියන්නේ ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය වන ද්‍රව්‍යයක්. පොල් භාවිතා කරද්දි බොහෝදෙනෙක් සිදු කරන වැරැද්දක් තමයි පොල් වතුර ප්‍රයෝජනයට නොගෙන ඉවත දැමීම. නමුත් පොල් වතුර සතු ගුණයන් ගැන ඔබ දැනුවත් නම් පොල් වතුර කෙදිනකවත් විසි කරන එකක් නැහැ. පොල් වතුර සතු අසීමිත ගුණ නිසාමයි එය ලෝකයේ ශක්තිජනක පානයක් ලෙස ජනප්‍රිය වෙලා තියෙන්නේ. ක්‍රීඩකයන්, නිරූපිකාවන්,නිතරම පානය කරන පොල් වතුර සෞඛ්‍ය සංවිධාන මගින් සෞඛ්‍යමය පානයක් ලෙස හඳුන්වා දී තියෙනවා.

පොල්වතුරවල පොටෑසියම්, ක්ලෝරයිඩ්, සෝඩියම්, මැග්නීසියම් අයන වගේම ස්වභාවික සීනි ද සුළු වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ වගේම ආහාර තන්තුවලින් ද පොහොසත් පොල් වතුර මැංගනීස්, අයඩීන්, සල්ෆර්, සින්ක් සෙලේනියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, විටමින් B, C, E ද අන්තර්ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල, එන්සයිම වර්ග ප්‍රතිඔක්සිකාරක,පයිටොකෙමිකල්ස් වර්ග, ශාක හෝර්මෝන වර්ග මෙන්ම හදවතට හිතකර මේදය ද අන්තර්ගත වෙනවා. ඒ නිසාවෙන් පොල් වතුර ඉවත දැමිය යුතු දෙයක් නොව ශරීරයට ලබාගත යුතු දෙයක් බව ඔබට හොඳින් වැටහෙනවා ඇති. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නේ දිනපතාම පොල් වතුර පානය කිරීමෙන් ලබාගත හැකි සෞඛ්‍යයම ප්‍රතිලාභ මොනවාද කියන කාරණාව පිළිබඳව.

ශරීරය සජලව තබා ගන්නට උපකාර කරයි. ශරීරයට ශක්තිය ලබාදෙන අතර ශරීරයට අවශ්‍ය ද්‍රව්‍ය සමබරතාවය පවත්වා ගැනීමටත් පොල් වතුර උපකාරී වෙනවා. ශක්තිජනක පානයක් වන පොල් වතුර ලොව පුරා ක්‍රීඩකයන් ක්‍රීඩාවල නිරතවීමට පෙරත් ක්‍රීඩා කරන අතරතුරත් ක්‍රීඩා කටයුතු නිම කිරීමෙන් පසුවත් පානය කරන්නේ මේ අද්විතීය ප්‍රතිලාභ නිසාවෙන්මයි.

තරබාරුව අඩු කරයි. වෙනත් සැහැල්ලු හෝ පැණි බීම වෙනුවට ආදේශකයක් ලෙස ස්වාභාවික පොල් වතුර පානය කිරීම සුදුසුයි. ඒ වගේම ආහාර ගැනීමට පෙර පොල් වතුර පානය කිරීමෙන් ගත හැකි ආහාර ප්‍රමාණය අඩුවීමෙන් තරබාරුව අඩු කරනවා.

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව කරයි.තන්තුමය ස්වභාවය නිසා අජීර්ණ තත්ත්වයන් සමනය කරන්නට සමත් වෙනවා. ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන ආකාරයට පාචනය වැනි රෝග තත්ත්වයන් වළකන ගන්නටත් පොල් වතුර උපකාරී වෙනවා.

රුධිර පීඩනය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට උපකාරී වෙයි. පර්යේෂණ ගණනාවකප්‍රතිඵලයක් ලෙස රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගෙන යන්නට පොල් වතුරේ බලපෑම වැදගත් වන බව ද එමගින් සන්‍යස්ත පීඩනය 71 % කින් හා වින්‍යස්ත පීඩනය 29% කින් අඩු කිරීමට හැකියාවක් ලැබෙන බවත් සොයාගෙන තියෙනවා.

දීප්තිමත් සමක් ලබාදෙයි. ප්‍රතිඔක්සිකාරක බහුල නිසා විෂ නාශකයක් ලෙස කටයුතු කරන අතර ශරීරයට අත්‍යවශ්‍ය පෝෂක ලබාදීමත් පොල්වතුර මගින් සිදු කෙරෙනවා.එය දීපිතිමක් සහ සිනිඳු සමක් ලබා ගන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා.

ආතතිය සමනය කර සිතේ ප්‍රාණවත් බව ඇති කරන්නට උපකාරී වෙයි. පොල් වතුරේ B කාණ්ඩයට අයත් විටමින් අඩංගු වෙන නිසා ආතති තත්ත්වයන් පාලනයට උපකාරී වෙනවා. ඒ වගේම මැග්නීසියම් මගින් සෙලටොනින් නිෂ්පාදනය වැඩි කරන අතර ඒ නිසා ආතතිය ඇතිවීම බොහෝදුරට සීමා කරනු ලබනවා.

බීමත් අවස්ථාවක ඒ අපහසුතා මගහරවා ගන්නට උපකාරී වෙයි. ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කළ විට පසුදා ඇතිවන හිසරදය මගහරවා ගන්නට පොල් වතුර පානය කරන්නට පුළුවන්.එයින් ශරීරය නැවත සජල තත්ත්වයට පත් කරන්නට සහ විනාශ වුණු විටමින් වර්ග නැවත ශරීරයේ නිපදවීමට පොල්වතුරවලට හැකියාව පවතිනවා.

වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි. අපේ ශරීරය තුළ විස්මයජනක ලෙස ක්‍රියා කරන ශාක හෝර්මෝන පොල්වල බහුලව අඩංගු වෙනවා. මහලු වීම මන්දගාමී කිරීමට මේ ශාක හෝර්මෝනවලට හැකියාව පවතිනවා.

පිළිකා හා රුධිර කැටි ගැසීම සඳහා ස්වභාවික ඖෂධයක් ලෙස ක්‍රියා කරයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය බලවත් කරයි.

තයිරොක්සීන් හෝර්මෝන නිපදවීම උත්තේජනය කරයි.

ස්වභාවික මුත්‍රා වර්ධකයක් ලෙස ක්‍රියා කරයි.

එබැවින් වකුගඩු ආශ්‍රිත ආබාධ සඳහා ගුණදායකයි.මුත්‍රාශය වගේම මුත්‍රා මාර්ගය හා වකුගඩු පිරිසිදු කරන්නටත් පොල් වතුර දායක වෙනවා.

වකුගඩුවල ගල් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කරයි.

විදුරුමස් රෝග නිවාරණය කරයි.
රුධිරයේ සීනී පාලනය කරයි.
හදවත් රෝග නසාලයි.

පොල් වතුරේ ඇති අධික ඛනිජ සංයුතිය හෘදයාබාධ හා අධි රුධිර පීඩනය වැළැක්වීමේ හැකියාවෙන් සමන්විතයි.රුධිර කැටි ඇතිවීම වළකන ගුණයක් පැවතීම නිසා දරුණු හෘදයාබාධ සහ ආඝාතනය වැනි රෝග වලින් ඇතිවන අවධානම අඩු කරයි.පොල් වතුර මිලි ලීටර් 100ක පොටෑසියම් මිලි ග්‍රෑම් 300ක් පමණ තිබීම හෘදරෝග අවම කිරීමටත් හෘදයේ අරක්ෂාවටත් මහගු මෙහෙවරක් ඉටු කරනු ලබනවා .

මත්ද්‍රව්‍ය භාවිතය , විවිධ ඖෂධ ,ආහාර මගින් සිරුරට එකතු වන රසායනික ආදී විෂ හේතුවෙන් වකුගඩුවලට හානි වීම පාලනය කරයි. ඖෂධවල විෂ ඉවත් කිරීමට පොල් වතුර බහුලව යොදා ගන්නා අතර බටහිර ඖෂධ අධි මාත්‍රාවලින් ගත් විට ඒවායේ විෂහරණය කිරීමට පොල් වතුරවල අඩංගු සංඝටකවලට හැකියාවක් පවතිනවා.ආහාරවල අඩංගු පළිබෝධනාශක ,ආසනික් හා කැඩ්මියම් වැනි බැර ලෝහ වලින් ශරීරයට සිදු කරන හානිවලින් සිරුර ආරක්ෂා කිරීමට පොල් වතුර සමත් වෙනවා.

කුරුලෑ ඇතුළු සමේ රෝග සඳහා ස්ක්‍රබ් කිරීමේදී පුළුන් කැබැල්ලක් පොල් වතුරේ පොගවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. ආයුර්වේදයේ වගේම බටහිර වෛද්‍ය ක්‍රමය තුළත් පර්යේෂණ මගින් පොල් වතුර සතු ඒ විස්මිත ගුණ තහවුරු කරගෙන තියෙනවා. පොල් ගෙඩිය තුළ ඇති පොල් වතුරවලට ක්ෂුද්‍ර ජීවීන්ගේ බලපෑමක් නැති නිසා ස්වාභාවික ගුණයෙන් ඉහළ පානයක් තමයි පොල් වතුර. ඉතින් දිනපතාම පොල් වතුර හිස්බඩ හෝ දවසේ ඕනෑම වෙලාවක ඔබට පානය කිරීමේ හැකියාව පවතිනවා. එය ඔබට ලෙඩ රෝගවලින් තොර නීරෝගී ජීවිතයක් ගත කරන්නට බෙහෙවින් වැදගත් වේවි.


උපුටා ගැනීමකි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top