මේ කියන්න යන කතාව ගැන සමහරවිට ඔබ දැනුවත් ඇති ඒත්, කාන්තාවක් වන ඔබට නැත්නම් යෞවනියක් වන ඔබට තියන අවදානම ගැන හරියටම දැනගන්න එක වැදගත්. වසරේ මේ දක්වා කාලය තුළ බොහෝ දෙනෙක් මුහුණදුන් සිදුවීම් ගැනයි මේ කතාව.
වසරේ මේ දක්වා කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ රැවටීමට ලක්කරමින් ළමයින් 28 දෙනෙකු සහ කාන්තාවන් 118 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, 2024 වසරේදී ද වයස අවුරුදු 18ට අඩු දරුවන් 15 දෙනෙකු සයිබර් අවකාශය හරහා ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි.
එසේම කාන්තාවන් 375ක් ද එම වසරේ දී මෙම සිද්ධීන්වලට ගොදුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයන් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.