ජෝතීර් විද්‍යාව ගැන සැලකිල්ලක් දක්වන ඔබ මේ ඇසෙන කාරණයත් එක්ක ඔබේ ලග්නයට කොහොමද කියලා දැනගන්න කැමැත්තෙන් ඇති.
මේ වසරේ අවසන් සූර්යග්‍රහණය සැප්තැම්බර් 21 වැනිදා ඉරිදා රාත්‍රී හෙවත් 22වැනිදාට එළිවන යාමයේ සිදුවෙයි. එම ග්‍රහණ සමාරම්භය 22. 59.25ටත් ග්‍රහණ මධ්‍යය 01. 11.48ටත් ග්‍රහණ අවසානය 03. 23 .15ටත් යෙදී ඇත.
කෙසේ වෙතත් මිථුන, කන්‍යා, ධනු, මීන ජන්මලාභීන්ට පංචමහා පුරුෂයෝග අතරින් මහා භද්‍ර යෝගබලයද , අනෙක් ලග්න සියල්ලට රවි බුධ සංයෝගයෙන් වෙශී, වොශී උභයචාරි යෝගබලද චන්ද්‍රයාගෙන් සුනඵා අනඵා දුරුධරා යෝගබලයද බුධගෙන් බුධ ආධිත්‍ය යෝගබලයද ලැබෙන අතර තම තමන්ගේ උත්පත්ති ග්‍රහ පිහිටීම් මත සුබ අසුබ බලපෑම් වෙනස් වනු ඇත.
මේ ග්‍රහ ගමන්මඟ ත්‍රිකෝණ, චතුර්කෝණ, ෂඩ්කෝණ, සම සප්තම දෘෂ්ටි මඟින් විශ්වය පුරා අපූර්ව අත්දැකීම් පොකුරු මවන කාලයක් වනු ඇත.
වප්මහේ පුර පෑළවිය තිථිය බුධ හිමි කන්‍යා රාශිය රවි හිමි උත්‍රපල් 03 පාදයේ සිදු වන මේ සූර්යග්‍රහණය පූර්ණ චන්ද්‍රග්‍රහණයට පසු ඇති වීම ජනතාවට අපල උපද්‍රව මෙන්ම මහත් වූ ආර්ථික කම්පන පහළ වීමට හේතු වන අතර වසංගත, දුර්භික්ෂ සමඟ ජීවිත ඝාතන, ආනයන අපනයන කටයුතු අඩාළ වීම්, රාජ්‍ය දේපළ හානි ආදිය මඟින් සංවර්ධන වේගය පහත හෙළීමට තුඩු දෙනු ඇත.
යාන වාහන අනතුරු, සමූහ විපත්, කාම අපරාධ, ගණිකා වෘත්තිය, අබිරහස් කුමන්ත්‍රණ, මංකොල්ලකෑම්, පුපුරණ ද්‍රව්‍ය මඟින් සිදුවන හානි, වෙළෙඳ ව්‍යාපාරික හානි, කාලගුණික, දේශගුණික විපර්යාස, කෘෂිකාර්මික කටයුතුවලට බාධා පැන නඟිනු ඇත.
නවීන නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර ධාරිතාවද බහුල වී යෑමෙන් විරැකියා ගැටලු මතු විය හැකිය. එමෙන්ම මළමූත්‍ර, ලිංගික, වකුගඩු ආශ්රිත රෝග උපද්‍රව කෙටිකාලීනව වර්ධනය විය හැකිය.
මේෂ ලග්නය
උත්සාහය, උනන්දුව මත වේගවත් නිර්මාණකරණයකට මෙන්ම නවතම ජීවන ගමන් මඟකට ජවයබලය අර්ධ සූර්යග්‍රහණය ආශ්‍රිතව ලැබෙනු පෙනී යන්නේය. කෙසේ වෙතත් රෝගාබාධ මෙන්ම නිර්ණාමික, නාමික, සොරසතුරු කරදර බාධක අවහිර දුෂ්කරතා ද මතු වනු පෙනී යයි.
වෘෂභ ලග්නය
තිරසර සිතැඟියාවන් සැම අර්ථවත්ව සියලු ආකාර අභිප්රායන් සඵල කර ගැනීමෙහි භාග්‍යය උසුලණු ඇත. උසස්ම ජීවන ගමන් මඟකට පාත්‍ර වනු ඇත. පදිංචි ස්ථානය ආශ්‍රිතව යම් යම් මතභේද මතුවිය හැකිය. මෙතෙක් දුර ආ ගමන් මඟ බොඳවී යා හැකි බැවින් පරෙස්සමෙන් කටයුතු කිරීමට වගබලාගත යුතුය.
මිථුන ලග්නය
ජවබල සම්පන්න වූ ජීවිතය සෑම පැතිකඩකින්ම අතිශය සාර්ථක වෙයි. පංච මහා පුරුෂ යෝග අතරින් භද්‍ර නම් යෝග බලය උසස් ගමනක ලකුණු දක්වයි. ආර්ථික වශයෙන් සමාරම්භක කටයුතු අවසානය වනතුරු ක්‍රියාත්මක කරවයි. උසස්තම ගුණාත්මක ජීවන ගමන් මඟකට යොමු කෙරෙයි.
කටක ලග්නය
නිර්මාණශීලි ඉදිරි ගමන් මඟ බොහෝදුරට සාර්ථකත්වය ඔස්සේ ඉදිරියට යයි. තුරඟ තරග ආදියෙන් ජයග්‍රහණ ගෙනෙයි. ආර්ථික අගහිඟකම් ක්‍රමයෙන් මඟ හැරී යයි. යහපත් ආර්ථික වර්ධනයකටද අභිමතාර්ථ රැසක් ශුභවාදි වන බැව් දෘශ්‍යමාන කෙරෙයි. ස්වකීය ඥාති හිතෛෂීන්ගේ උදවුවෙන් ඉදිරියටම ගමන් කරයි.
සිංහ ලග්නය
යෝග පොකුරක බලය අනනුව උසස් ජීවිතයකට කුසලතා නිර්මාණය කෙරෙයි. සිතැඟියාවන් සපල වන බවක්ද නිර්මාණය කෙරෙනු ඇත. එහෙත් සෙනසුරු ඒරාෂ්ටක බලයක් මෘත්‍යු ස්ථානගතව 08 වැන්නෙහි යෙදීම නිසා තරමක අපහසුකම් සහ බොහෝදුරට සබඳතා, පවුල් ජීවිතය පිළිබඳ ආකූලව්යාකූල බවක් මතුවිය හැකිය.
කන්‍යා ලග්නය
ලග්නාධිපති මෙන්ම 10 වැන්න වූ කර්මස්ථානගතවූ බුධ ආධිත්‍යය යෝගබලය ඇතුළුව පංච මහා පුරුෂ යෝගයක්වූ මහා භද්රානම් යෝගය ද සමඟ අවශේෂ යෝග පොකුරු බලය ද ලග්නයට මුල්කොට ලැබෙනු පෙනී යයි. භාග්‍යමත් ජීවිතයක සමාරම්භක කාලය වර්තමානයේ පෙන්නුම් කෙරෙයි.
තුලා ලග්නය
සිකුරු හිමි තුලා රාශිය කෙරෙහිද අර්ධ සූර්ය ග්‍රහණ බලය ප්රබලව යෙදී ඇත. ධනය, බලය ගලා එන බවක් නිර්මාණය වෙයි.
විශේෂයෙන් බුධ ආධිත්‍ය යෝගය රවි සහ චන්ද්‍රගෙන් බුධගෙන් ප්රබලව යෙදුණ යෝග 6ක් නිර්මාණය කරන බවක් දෘෂ්‍යමාන වෙයි. බුද්ධිමත්ව දූරදර්ශීය ලෙස අවිහිංසාවාදිව කාලය ගතකළ යුතු කාල පරාසයකි.
වෘශ්චික ලග්නය
අයස්ථානය වූ 11 වැන්නෙහි බුධ ආධිත්‍යය යෝගය සමඟ අතිරේක යෝග රැල්ලක බලය උදාවී යාම වෘශ්චික ජන්මියාගේ වර්තමාන සිතැඟියාවන් සාර්ථකත්වයට පාත්රවීමට හේතු වෙයි. බොහෝ දුරට අරමුණු රැසක්ම සාර්ථක වන බවක් දෘශ්‍යමාන වෙයි. අභිමානීය වූ නව ජීවන ගමන් මගකට තුඩුදෙන විශ්වතාරකා සංයෝගය ප්‍රශංසනීය වෙයි.
ධනු ලග්නය
ඥානකාරක බුධ මූලික කොටගත් මහාභද්‍ර නම්වු පංච මහා යෝග බලයද උදාවී ඇති අතර ධර්ම කර්මාධිපති යෝගයද බුධ ආධිත්‍යය යෝගබලය 10 වැන්නවූ කර්මස්ථාන ගතවද කර්මස්ථාන මූලික කොටගත් යෝග පොකුරක බලයද ලැබීමෙන් සිතැඟියාවන් බොහෝදුරට සපලකරගත හැකි වනු ඇත.
මකර ලග්නය
වඩාත්ම නිර්මාණශීලි ඔබ හට අර්ධ සූර්යග්‍රහණ අවස්ථාවෙන් පසුව ඒකරාශී යෝග බලපෙළ ජීවිතයෙහි වැදගත්ම සුවිශේෂ අවස්ථාව උදාවීමෙකි. චිත්තශක්තිය ධෛර්ය වඩාත්ම ජවබල සම්පන්නව උසස්ම ජනග්‍රහණ රැසකට අභිමානණීයව මුහුණ දිය හැකි කාලපරාසයකි. අප්‍රමාදිව ඉදිරි ජීවිතය සැලසුම් කර ගන්න.
කුම්භ ලග්නය
ඔබගේ ජන්ම රාශිය වන සෙනසුරු හිමි කුම්භ රෘශියේ 08 වැන්න මෙන්ම 07,08,09 ඉතා ප්‍රබලම ග්‍රහ බලවේග පැවතීම යහපත් වෙයි. ප්‍රමාද වූ යම් යම් කරුණු කාරණා රැසකට තිබූ බාධක අවහිර අභිබවා ඉදිරියටම යා හැකිබව පෙනෙයි. මෙලොව, පරලොව දෙකෙන්ම විජයග්‍රහණය කළ හැකිය. අති ප්රබලතම ග්‍රහ සංයෝග ඇති කාල පරාසයකි. අරමුණූ රැසක්ම සාර්ථක කරගත හැකිය.
මීන ලග්නය
පංච මහා යෝග අතරෙන් මහා භද්‍ර නම් යෝගය 07 වැන්නේද බුධ ආධිත්‍යය යෝග බලය මෙන්ම රවි චන්ද්‍ර දෙදෙනාගෙන් යෝග පොකුරක් උදා වීමෙන් ඔබට අසීමිත බලයක් යෙදී ඇත. බොහෝදුරට සිතැඟියා, අරමුණු සපල වන කාලපරාසයකි. එබැවින් අඩුලුහුඬුකම් ආශ්‍රිතව නොසිතා කරුණුූ කාරණා සාර්ථක කරගැනීමෙ කෙරෙහි ප්‍රවේශ වීම අතිශය හිතවාදි වෙයි.
සුබසෙත පුවත්පත ඇසුරෙන්..