කොහොම හරි පහුගිය බදාදා ඔහුට සම්බන්ධ වීඩියෝවක් එරට ඉන්න අපේ කීප දෙනෙක් ෆේස් බුක් ඔස්සේ මුදුා හැර තිබුණා.
හැබැයි ඒ් වෙද්දිත් ධනුෂ්ක හිටියේ හොද සිහි කල්පනාවකින් නෙමෙයි. නමුත් අපේ අය මේ පුද්ගලයා රැගෙන ගිහින් හොදින් සාත්තු සප්යාම් කරල, තනාපති කාර්යාල නිළධාරීන් දැනුවත් කොට බාරදී තිබුණා.
කෙසේ හෝ එයින් පසුව ඊශ්‍රායල් තනාපති නිමල් බණ්ඩාර මහතා මැදිහත් වෙලා ධනුෂ්කව ලංකාවට එවීමට පියවර ගත්තා. ඒ් අනුව අද හිමිදිරියේ ටෙල්අවිව් ගුවන් තොටුපළට පැමිණ සිටිනවා.
ධනුෂ්ක මොනරාගල, මැදගම ප්‍රදේශයේ කෙනෙක්. දහම්ගම තමයි පදිංචි නිවෙස තියෙන්නේ. ඔහු මෙරටදී රුකියාව හැටියට කළේ බස් රථයක රියදුරු ලෙස වැඩ කළ එක.
"ඊශ්‍රායලයේ ඉදිකිරීම් සේවය සඳහා පැමිිණි ඔහු රැකියාවට නොගොස් විවිධ ස්ථානවල වල කාලය ගත කරපු කෙනෙක්. ඔහු මත්පැන් පානයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ.
පසුගිය දින කීපය තුළ ඔහුව රැකබලා ගත් බොහෝ දෙනාට තානාපති කාර්යාලය වෙනුවෙන් මම ස්තුතිය පිරිනමනවා.
ලංකාව එවන මොහොතේදීත් ඔහුගේ මානසික හා ශාරීරික තත්ත්වය යහපත් නැහැ. ඒ් නිසා ඔහුව කැටුව යාමට තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශයේ නිලධාරිනියක් ද ඔහු සමඟ කොළඹ බලා එවනවා.
ඔහුට අමතරව ඊශ්‍රායලයට පැමිණ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පිඩාවට පත්වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු කොළඹ බලා ගමන් කරනවා. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අස්ථාන ගතවී තිබු නිසා තනාපති කාර්යාලය ඔහුට අය කිරීමකින් තොරව තාවකාලික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීමට කටයුතු කළා.
නිමල් බණ්ඩාර මහතා මේ කතාබහේදී මේ කතාවට සමාන තවත් කාරණාවක් මෙන්න මෙහෙම මතක් කළා.
"මේ දෙදෙනා සමඟ මෙම වසර තුළ මත්පැන් හා මත්ද්‍රවය භාවිතය හේතුවෙන් පිඩාවට පත්ව සිටි 7 දෙනෙකු ශ්‍රී ලංකාවට යවන්න අපි කටයුතු කළා. ඒ පිරිස අතර කාන්තාවක් ද සිටියා. එම 7 දෙනාට අමතරව මත්පැන් භාවිතා කොට නාන කාමරයේ ලිස්සා වැටීමෙන් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු ද සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පිටත්කර යැව්වා."
මේ අතර පසුගිය කාලයේ ඊශ්‍රායලයේ දී දිවි නසාගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවී සිටි බව ඔහු පවසනවා.
"මම මේ නිසාම විදේශ සේවා ආයතනයට දැනුම් දුන්නා මින් මතුවට මෙහාට එවන අයගේ වෛද්‍ය වාර්තා ගැන පෙරටත් වඩා සැළකිලි මත්වෙන්න කියලා. මත්පැන් හා මත්ද්‍රවය භාවිතයට තදින් ඇබ්බැහි වූ පිරිස ඊශ්‍රායලයේ රැකියා සඳහා එවීමට කටයුතු නොකරන මෙන් මම ඉල්ලා සිටියා."
කෙසේ හෝ ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි දෙනකුගේ අවධානයට ලක් වූ ධනුෂ්ක අද දිනයේදී මෙරටට පැමිණෙනවා.