Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
12
තීරණාත්මක කාලයකට සූදානම් වෙන්න.. ඔබේ ලග්නයට කොහොමද කියලා හරියටම දැනගන්න..

- තීරණාත්මක කාලයකට සූදානම් වෙන්න.. ඔබේ ලග්නයට කොහොමද කියලා හරියටම දැනගන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,415 Views

උදාවෙන හැම දවසක්ම ඔබට විශේෂයි, ඒ නිසා හැම දවසකටම සූදානම් වෙන එක ඔබේ වගකීමක් කරගන්න.


කාටත් වඩා තමන් ගැන විශ්වාස කරන ඔබට මේ කියන්න යන දේ ඇත්තටම වැදගත් වේවි. ඉතින් ඉදිරි සතිය ඔබේ ලග්නයට කොහොමද කියන එක මෙන්න ඔබට දැනගන්න පුළුවන්.

මේෂ
ප්‍රභූ ඇසුරක්
අමතර ලැබීම් සහිත සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති ගැටලුකාරි බවකින් නිදහස උදා කරයි. එමෙන්ම පවුලේ කටයුතු කිහිපයක් වෙනස් කිරීමට සිදුවේ. සමාජයේ තරමක් ඉහළින් සිටිය හැකි කාලයකි. ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු උදා කරයි. පැවැති මතභේදයක් මඟහැරී යන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ නොසන්සුන්තාවයක් ඇති කරයි. තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. එමෙන්ම ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගවලටද හේතු යෙදෙන සතියකි. දෑතේ මහන්සියෙන් කරන රැකියා මාර්ගවලට අවස්ථාව ගෙන දෙයි.

අධ්‍යාපනය

ඥාන ශක්තිය බලවත් කාලයකි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයක් යෙදේ. ගණිත අංශයෙන් දක්ෂතා පෙන්වන කාලයකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසෙයි.

සෞඛ්‍යය

සෙම් දෝෂ, පපුව, පෙනහල්ල සම්බන්ධ ආබාධ වරින්වර මතුවීමට ඉඩ ඇත. ජලය සම්බන්ධ කටයුතුවලින් ඈත්වීම යහපත් කරයි. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන කාලයකි.

අය 07 වැය 06

ජය අංකය – 02

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

වෘෂභ
විදෙස් රැකියා ලැබීම්
වගකීමකින් නිදහස සැලසෙන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

යන එන තැන කැපී පෙනෙන කටයුතු කිහිපයක් සිදු කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. දරුවකුගේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් කටයුතු වෙනසක් සිදු කරයි. යන එන තැන කැපී පෙනෙන කාලයකි. බාහිර දියුණුව වෙනුවෙන් වෙහෙසෙයි. සතුරු කරදරයකින් නිදහස අත්කරයි.

රැකියාව

රැකියා කටයුතුවල වෙනස්කම් කිහිපයක් සිදු කරයි. තනතුරු වෙනසක් සිදුවීමට ඉඩ ඇත. රැකියා කටයුතු උදෙසා දුර බැහැරකට යාමට සිදුවෙයි. විදෙස් රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ.

අධ්‍යාපනය

දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධවීමට සිදුවෙයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට වෙහෙසෙන සතියකි. ගුප්ත ශාස්ත්‍ර ඉගෙනීමට ප්‍රියතාවයක් දක්වයි.

සෞඛ්‍යය

සෙම් දෝෂ බහුලවීමෙන්, උගුරේ අමාරු, දත්වල අමාරු ආදී විවිධ ආබාධවලට මුහුණපෑමට සිදුවෙයි. කොන්ද ආශ්‍රිත ආබාධයකටද ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

අය 07 වැය 04

ජය අංකය – 02

ජය වර්ණය – කොළ

සුබ දවස – බදාදා

මිථුන
තීරණ වෙනසක්
වෙහෙසීම් බහුල කටයුතු කිහිපයක් යෙදේ. මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1, 2 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදුවන සතියකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදේ. පවුලේ කෙනෙකු සමඟ ඇතිවන සිත් අමනාපයක් දුරදිග යෑමට ඉඩ ඇත.

රැකියාව

අවිවේකී වුවත් රැකියාවේ කටයුතු උනන්දුවෙන්, උත්සාහයෙන් කරගෙන යන සතියකි. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු යෙදේ. රැකියාවේ කටයුතු උදෙසා දුර පළාතකට යාමට සිදුවෙයි.

අධ්‍යාපනය

පොතපත කියවීමට කැමැති කාලයකි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරයි. එමෙන්ම විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකරගන්නා කාලයකි. දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුත්තකට සම්බන්ධවීමට සිදුවෙයි.

සෞඛ්‍යය

නින්දයාම අඩුකම, පීනස වැනි සෙම් රෝග හිසට, පපුවට බලපාන්න ඉඩ තිබේ. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. හදිසි ක්ලාන්ත ගතියකට ද ප්‍රතිකාර පතන කාලයකි.

අය 07 වැය 05

ජය අංකය 04

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

කටක
ගේ දොර අලංකාර කරයි
අදහස් හා ක්‍රියාමාර්ග වෙනස්කරන කාලයකි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 10,11,12,1 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

යන එන තැන ප්‍රසිද්ධියට පත්කරයි. අසල්වාසියකු සමඟ ඇතිකර ගත් මතභේදයක් දුරදිග යයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. නිතර පදිංචි ස්ථානයෙන් බැහැරව කටයුතු කිරීමට සිදුවෙයි. පැවැති නීති ගැටලුවකින් නිදහස් වීමට අවස්ථාව උදා කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ ඉදිරි සැලසුමක් වෙනස්කරයි. අනුන් යටපත් කරන රැකියාවලට වඩා ස්වයංරැකියාවලට හෝ වෙළෙඳ ව්‍යාපාරවලට කැමැති කාලයකි එමෙන්ම අලුත් ව්‍යාපාරයක් ඇරැඹීමට යහපත් කාලයකි

අධ්‍යාපනය

පොතපත කියවීමට මෙන්ම ලිවීමටද වෙහෙසෙන කාලයකි. දහම් අධ්‍යාපනික කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වා බවක් පෙනේ. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යෑමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

ජලයෙන් අගුණ කාලයකි. සෙම් දෝෂ බලවත්වීමෙන්, පපුවේ මහන්සිය, හතිය ආදී රෝගපීඩා මතුවිය හැකිය. එමෙන්ම මේ කාලය තුළ රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත්වීම යහපත් කෙරෙයි.

අය 08 වැය 09

ජය අංකය 04

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරාදා

සිංහ
අවිවාහකයන්ට සුබයි
සැලසුම් කිහිපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පැවැති වගකීමකින් නිදහස උදා කරයි. ස්වාධීනව සිතාමත තීරණ ගන්නා කාලයකි. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. දරුවෙකුගේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. අවිවාහකයන්ට සුබදායක කාලයකි. සතිය මැද කාලයේදී දේපළ ගැටලුවකින් නිදහස උදාකරන බවක් පෙනේ.

රැකියාව

උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු ඇති කරයි. රැකියාවේ කටයුතුවලින් කැපී පෙනීමට ප්‍රසිද්ධියට පත් කරයි. සුළු සුළු ලාභ හිමිකරන ස්වයංරැකියා මාර්ගවලට යොමුවන කාලයකි. අවිවේකී වුවත් රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධාකාරි බව මඟහැරී යයි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවෙයි. සාහිත්‍ය හා කලා අංශයෙන් විශේෂ දක්ෂතා දක්නා බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර අභ්‍යන්තරයෙන් හට ගන්නා ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම දතක ආබාධයක් හේතුවෙන්ද හදිසි ප්‍රතිකාර පතන කාලයකි. හදිසි වෛද්‍ය පරීක්ෂණවලටද භාජනයවීමට සිදුවෙයි.

අය 06 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කහ

සුබ දවස – බදාදා

කන්‍යා
ගෘහ ජීවිතයේ බාධා මඟ හැරේ
යොදාගත් සැලසුමක් වෙනස්කරන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 8,9,10,11 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් හිමිකරන කාලයකි. ගෘහ ජීවිතයේ පැවැති කරදර, බාධා කිහිපයක් මඟහැරී යයි. වෙනදාට වඩා ඉවසිලිවන්තව කටයුතු කරන්න. අලුත් ඥාති මිත්‍රාදීන් දැනහඳුනා ගැනීමට කටයුතු උදාකරයි. විශ්වාසවන්ත බැඳීමකට හේතු ඇතිකරයි. ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන කාලයකි.

රැකියාව

රැකියාවේ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. එමෙන්ම වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට හේතු යෙදේ. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා මාර්ගවලටද යොමුවීමට ඉඩකඩ ඇති බවක් පෙනේ.

අධ්‍යාපනය

මෙතෙක් වෙහෙසකාරි ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු උත්සාහයෙන්, උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනේ. කලා ක්ෂේත්‍රයේ කටයුතුවලින් විශේෂ නිපුණතා දක්වයි.

සෞඛ්‍යය

කොන්ද, උරහිස, සම්බන්ධ ආබාධයකින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. සතිය මැද කාලයේදි හදිස්සියේ ඇතිවන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න.

අය 8 වැය 04

ජය අංකය – 07

ජය වර්ණය – රතු

සුබ දවස – ඉරිදා

තුලා
විනෝදයට යොමුවේ
අමතර ලැබීම් සහිත කටයුතු කිහිපයක් යෙදෙන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විවාහ ගිවිසුමක් සාර්ථක කරන සතියකි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. අලංකාරයට, විනෝදයට කැමැති බවක් පෙනේ. හවුලේ කරන කටයුත්තකට සම්බන්ධවීට සිදුවෙයි. සම්ප්‍රදායික දේට කැමැත්තක් දක්වයි. වැඩිහිටි ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි.

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරයි. බොහෝ දෙනා සම්බන්ධ කරගෙන කරන රැකියා මාර්ගවලට හේතු සැලසේ. සේවක පක්ෂය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. ස්වයං රැකියා කටයුතු වලින් අමතර වාසි සැලසෙන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපනය කටයුතුවලට යම්යම් බාධා පැන නැගෙන කාලයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. අමතර භාෂාවක් දැනුම බුද්ධිය ඉගෙනීමට වෙහෙසෙයි. වැඩිදියුණුකරන කටයුතු කිහිපයක සම්බන්ධ වීමට සිදුවෙයි.

සෞඛ්‍යය

ගර්භාෂගත ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. එමෙන්ම වරින්වර ඇතිකරන උගුර සම්බන්ධ ආබාධයකටද ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බවක් පෙනේ.

අය 07 වැය 06

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – ඉරිදා

වෘශ්චික
හිතුවක්කාර ගති ඇතිවේ
හිතුවක්කාර ගතිපැවැතුම් ඇතිකරන සතියකි. සඳු ග්‍රහයා මේ සතියේ 6,7,8,9 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ආවේගශීලි ගතිපැවැතුම් ඇති කරයි. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන කාලයකි. දුර ඥාතියකුගේ පැමිණීමක් තුළින් සැලසුම් කිහිපයක් වෙනස් කිරීමට සිදුවේ. හවුල් කටයුත්තකට අතගසන කාලයකි. සතිය මැද කාලයේදී අමනාප වූ කෙනකු සමඟ මිතුරුවීමට අවස්ථාව උදාකරයි. දැහැමි කටයුතුවලට සම්බන්ධවන කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ සැලසුම් කිහිපයක් වෙනස් කරයි. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට සම්බන්ධ වීමට ඉඩ ඇත. අතමිට සරුකරන සුළු සුළු ස්වයංරැකියා මාර්ගවලට යොමුවීමට අවස්ථාව සැලසේ. ඇවිදිලි වැඩිකරන රැකියා කටයුත්තකට යොමුවීමට ඉඩ ඇත.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි සතියකි. විශේෂ පාඨමාලාවක් හැදෑරීමට දුර පළාතකට යාමට සිදුවෙයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

පැවැති ශාරීරික දුබලතා මඟහැරී යයි. එහෙත් හදිස්සියේ ඇතිවන පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.ආහාරපානවලින්, ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍යය ආරක්ෂා කර ගන්නා කාලයකි.

අය 07 වැය 04

ජය අංකය – 06

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සිකුරු

ධනු
ප්‍රසිද්ධියට කැමැති කාලයක්
ඇසුරු කරන අය අතර ප්‍රියතාවයට පත්වන කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවමතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ලැබීම් සහිත කාලයකි. අලුත් දැනහැඳුණුම්කම්වලට හේතු ඇතිකරයි. කැපී පෙනීමට ප්‍රසිද්ධවීමට කැමැති කාලයකි. නිතර පින්දහම් කටයුතුවලට කැමැති බවක් පෙනේ. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. උසස් අය හා ඇසුරට කටයුතු උදාකරයි.

රැකියාව

තනතුරු ස්ථාන මාරුවීම්වලට ඉඩකඩ ඇති කාලයකි. රැකියාවේ ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරයි. කරගෙන යන රැකියාවට අමතර ලාභ හිමිකරන රැකියා මාර්ගවල හේතු ඇතිකරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු යෙදේ. සාහිත්‍ය වන කලා කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. වෙනදාට වඩා පොතපත කියවීමට කැමැත්තක් දක්වයි.

සෞඛ්‍යය

රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වෛද්‍ය පරීක්ෂාවකට භාජනයවීමට සිදුවන කාලයකි.

අය 06 වැය 04

ජය අංකය – 06

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

මකර
ඉඩකඩම් ලාභ
වගකීමකින් නිදහස උදා කරයි. මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගේදොර ඉඩකඩම් ලාභ හිමිකරන කාලයකි. ළඟින් ඇසුරුකරන අයකු පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත්වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි. පරම්පරාගත දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත්වන්න. සමාජසේවා කටයුතුවලින් ප්‍රශංසාවලට ලක්වීමට ඉඩ ඇත.

රැකියාව

අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවේ. උගත්කමට සරිලන රැකියා මාර්ගවලට හේතු සැලසේ. සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට වැඩි අවධානයක් යොමුකරයි. එමෙන්ම විදෙස් රැකියාවකටද සැලසුමක් ඇතිකර ගන්නා සතියකි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන කාලයකි. තරග විභාගයකට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. සාහිත්‍ය හා කලා අංශයට යොමුවෙයි. දහම් අධ්‍යාපනික කටයුතුවලින් ජයග්‍රහණ හිමිකරන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් වන්න. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. සෙම් රෝගයකින් පීඩා විඳින කාලයකි.

අය 06 වැය 04

ජය අංකය – 02

ජය වර්ණය – ළානිල්

සුබ දවස – බ්‍රහස්පතින්දා

කුම්භ
සමාජ සේවයට යොමුවේ
යොදාගත් සැලසුමක් වෙනස්කරන සතියකි. මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාව මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න. භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි. නැතිවූ දෙයක් නැවත ලබාගැනීමට හැකිවෙයි. එහෙත් සතිය මැද කාලයේදී අසරණ කෙනෙකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදාකරයි.

රැකියාව

රැකියාවේ දියුණුවට හේතුවන කරුණු කිහිපයක් සිදු කරයි. එහෙත් තනතුරු වෙනසක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අතගැසීමට අවස්ථාව උදාකරයි.

අධ්‍යාපනය

දැනුම, බුද්ධිය වර්ධනය වන කටයුතු කිහිපයකට සම්බන්ධවීමට සිදුවෙයි. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතාවයක් දක්වයි. විශේෂ පාඨමාලාවක් හැදෑරිමට මූලික අඩිතාලමක් ලබාගන්නා කාලයකි. අලුත් පොත්පත් මිලදී ගැනීමකට අවස්ථාව උදාකරයි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට බාධා ඇති කරයි. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. උෂ්ණාධික රෝගයක් හේතුවෙන් ඇතිවන චර්මගත ආබාධයකින් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

අය 06 වැය 03

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – සඳුදා

මීන
අලුත් දැනහැඳුණුම්කම්
අමතර ලැබීම් සහිත කාලයකි. මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාව මතින් ගමන් කරයි

ගෘහ ජීවිතය

අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. පැවැති ගනුදෙනුවක් විසඳා ගැනීමට අවස්ථාව උදාකරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසෙන කාලයකි. සතිය මැද කාලයේදී අලුත් දැනහැදුණුම්කම්වලට කරුණු උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.

රැකියාව

රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනස් කරයි. එමෙන්ම රැකියා ස්ථානයේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. කණ්ඩායමක් සමඟ එකතුවී කරන රැකියාවකට සැලසුමක් ඇති කරයි.

අධ්‍යාපනය

මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය අධ්‍යාපන කටයුතු යළි උනන්දුවකින්, උත්සාහයකින් කරගෙන යන බවක් පෙනේ. අලුත් පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදාකරන සතියකි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුවිය හැකි සතියකි.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයකි. සති අන්තයේදී රුධිරගත සීනිමට්ටම කෙරෙහි සැලකිලිමත් වන්න. කෑම පාලනය ව්‍යායාම්වලින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට සිතන කාලයකි.

අය 07 වැය 05

ජය අංකය -04

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

සුබසෙත පුවත්පත ඇසුරෙන්.. 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top