ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ ඉන්න එලොන් මස්ක් ගැන ටික වෙලාවකට කලින් අහන්න ලැබුණේ වෙනස් ආරංචියක්.
එලොන් මස්ක්ට බදාදා දින ලෝකයේ ධනවත්ම පුද්ගලයා යන පදවිය තාවකාලිකව අහිමි වුණා. Oracle සමාගමේ සම-නිර්මාතෘ ලැරී එලිසන් හට එම පදවිය පැය කිහිපයකට හිමි වූ අතර, පසුව මස්ක්ට එය නැවත ලබා ගැනීමට හැකි වුණා.
එලිසන්ගේ ධනය මෙලෙස විශාල ලෙස වැඩි වුණේ Oracle සමාගමේ අඟහරුවාදා ප්‍රකාශයට පත් වූ ඉතා ශක්තිමත් ආදායම් වාර්තාවක් හේතුවෙනුයි.
Oracle කොටස්වල මෙම සැලකිය යුතු වැඩිවීම සිදු වුණේ, කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් එහි දත්ත මධ්‍යස්ථාන ධාරිතාව සඳහා විශාල ඉල්ලුමක් වාර්තා වීම නිසාවෙන්. Oracle කොටස් 43% කින් පමණ ඉහළ ගියා.
මෙය 1992 න් පසු කොටස්වල සිදු වූ විශාලතම තනි දින වැඩිවීමක් ලෙස සටහන් වුණා. Oracle හි විශාලතම තනි කොටස් හිමියා වන ලැරී එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 89 කින් පමණ වැඩි වුනේ මේ හේතුවෙනුයි. බ්ලූම්බර්ග් ආයතනය පවා මෙය "මෙතෙක් වාර්තා වූ විශාලතම තනි දින ධන වර්ධනය" ලෙස වාර්තා කළා.
කෙසේ වෙතත් බදාදා වෙළඳපොළ වසා තැබෙන විට, නැවත එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 384.2 ක් ලෙස වාර්තා වී තිබුණා. එය ලැරී එලිසන්ගේ ධනය වූ ඩොලර් බිලියන 383.2 ට වඩා ඩොලර් බිලියනයකින් වැඩි අගයක්.
මේ අනුව එලොන් මස්ක්ට නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා යන පදවියට හිමිකම් කීවා.