වාණිජ සිනමාවට සේම සම්භාව්‍ය සිනමාවට මෙරට ප්‍රේක්ෂකාගාරය දැඩි උනන්දුවක් දක්වන අවස්ථා ඕනෑතරම් දැකගන්න පුළුවන්. ලාංකීය සිනමාව මේ තරම් කාලයක් දුර වෙනස් වෙනස් මුහුණුවර සමඟ අපට දැකගන්න ලැබුණා. ඒ වෙනසට නව මුහුණුවරක් ලබාදෙන්නට සමත්වුණු තවත් එක් වෙනස් චිත්‍රපටයක් වෙනුවෙන් හිමිවුණු සම්මානයක් ගැනයි මේ ආරංචිය.
"My Red Comrade" මෙරට සිනමාවේ තවත් එක් හැරවුම් ලක්ෂයක්. සිනමා පාරිශුද්ධත්වය සහ අලංකාරය එක ලෙස විඳින්නට හැකි පරිද්දෙන් නිර්මාණය වුණු මේ අපූරු සිනමාපටය මෙරට පමණක් නොව ලෝකයේ තවත් රටවල අවධානය දිනාගැනීමට සමත් වුණා.
ඒ අපූරු නිර්මාණ කාර්ය වෙනුවෙන්, 7 වැනි South Asian Film, Arts and Literature (SAFAL) International Film Festival හිදී Best Feature Film සම්මානයෙන් පිදුම් ලබන්නට මෙම චිත්‍රපටයට හැකියාව ලැබුණා.
මේ සිනමාපටය දිවෙන විනාඩි 90ක කාලය තුළ එකම දර්ශන තලයක්, චරිත ද්විත්වයක් විශ්මයක් එක්කම සැඟවුණු රූපාලංකරණද ගොන්නක් ප්‍රේක්ෂකයා අතරට ගෙන එන්න සමත් වෙනවා. සුගත් මහදිවුල්වැව විසින් අධ්‍යක්ෂණය කළ "My Red Comrade" සිනමාපටය මෙරට ප්‍රේක්ෂකයා වෙත සමීප වෙන්නේ 2024 වසරේදීයි.. ආසිරි අල්ලගේ සහ තරින්දි ප්‍රනාන්දු විසින් මේ සිනමාපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ දෙනවා.
වෙනස් සිනමාවක් සොයා යන අපේ කාලයේ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් නිර්මාණය වුණු මේ සිනමාපටයේ කතා තේමාව ඇත්තෙන්ම වෙනස් වූවක්. කාන්තාවකට සමාජයේ හිමිවන තැන, ආදරයට සමාජයේ හිමිවෙන තැන ගැන එකිනෙකට වෙනස් කෝණ හරහා අපූරුවට පෙළගස්වන්න මේ සිනමාපටයට පුළුවන් වෙනවා.
එක් දර්ශන තලයක් තුළ කැමරා රූප රාමු එකට එක්කරමින් සිදුකළ මේ අපූරු සිනමා නිර්මාණය ඇත්තටම වෙනස් විදිහක අත්දැකීමක් විඳින්න කැමති ප්‍රේක්ෂකාගාරයට ආයෙ ආයෙත් නරඹන්න හිතෙන චිත්‍රපයක් වන බව නම් සත්‍යක්.