ඒ වගේම තවත් කුරක්කන් ආශ්‍රිත ප්‍රචලිත ආහාර වන්නේ කුරහන් කැඳ, පිට්ටු, හැලප, රොටි යනාදියයි. මුං ඇට ආනම සහ වැව්මාළු සමග තලප අනුභව කිරීමට රජරට ගැමියෝ අභිරුචියක් දක්වන අතර, කුරක්කන්වල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, කැල්සියම් ප්‍රමුඛ ඛනිජ ලවණ බොහොමයක් අන්තර්ගතයි. කුරක්කන්වල තන්තු රාශියක් අඩංගුවීම නිසා මලබද්ධය වළක්වයි. මුත්‍රාශ්‍රයේ ගල් ඇති වීම වළක්වන කුරක්කන් පෙනහළුවල මනා ක්‍රියාකාරිත්වය සඳහා දායකවෙනවා. විශේෂයෙන් ග්ලුටන් අසාත්මික තාවය (Gluten Allergy) නම් රොගී තත්ත්වය සමනය කරයි. තවද කුරක්කන් අනුභවය නිසා ශරීරය වැහැරී යාම වළක්වයි. කුරක්කන් ආහාර ජීර්ණයවීමට දීර්ඝ කාලයක් ගත වන නිසා කුසගින්න අඩුවේ. මෙය ශරීර සෞඛ්‍යයට යහපත් වෙනවා.
කුරක්කන් වර්ග දෙකකි. එළ කුරක්කන් සහ කළු කුරක්කන් වශයෙන් වර්ග කෙරෙනවා. මේ දෙවර්ගයම එකල ගැමියෝ වගා කලේ ප්‍රධාන කොට සහල්වලට මෙන්ම කුරක්කන්වලට ද එදා තිබුණු ඉහල ඉල්ලුම සලකා ගෙනයි. කුරක්කන් වපුරන්නේ වප් මාසයේ බව කියැවෙනවා. කුරක්කන් වගාවට සරිලන ලෙස හේන සකස් කර ගන්නා ගොවියෝ ඒ සදහා පළපුරුදු තවත් ගොවියන් කිහිපදෙනෙකුගේ සහාය ඇතිව කුරක්කන් වපුරවනු ලැබෙනවා.
කුරහන් කපන විට පළාතම සුවද බව පැවසෙන අතරම ගැමි ලියෝ කුරහන් කපන විට හේනට රැගෙන යන කුරහන් තලප සමග ආනම, කුරක්කන් ඉදිආප්ප සමග වැව්මාලු කරිය,කුරහන් හැලප, කුරක්කන් අලුවා සහ වැලිතලප කුරක්කන් වලින් සාදා ගන්නා තවත් ප්‍රණීත ආහාර වර්ගයි.
එදා කුරක්කන් වෙනුවෙන් තිබුණු ඉල්ලුමත්, ජනප්‍රසාදයත් අද වෙනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින්නේ විවෘත ආර්ථිකයත් සමග නානා විධ ආහාර ජනප්‍රිය වීමත් සමගය. බත් වෙනුවට පාන් කන්නත්, අල බතල කොස් දෙල් වෙනුවට පීසා, පැස්ටා, නුඩ්ල්ස්, ක්‍රොසන්ට් වැනි ක්ෂණික කෑම කන්නත් පුරුදු වුනු අපි අද කුරක්කන් තලප නොහදුන්න තරමටම එය ආගන්තුක ආහාරයක් ලෙස අපෙන් ඈත්වීම කණගාටුවට කරුණක්. එදා දරලිපේ ඉදෙන කුරක්කන් තලපයක් සමග උකුවට සෑදු කොල්ලු ආනම මට නම් අදත් දිව්‍ය බෝජනයක් තරමටම රසවත්.
කුරක්කන්වල ඇති ආහාරමය කෙඳි (තන්තු) නිසා මල බද්ධය සඳහා කුරක්කන් කැඳ මහඟු ඖෂධයක් ලෙස සැලකෙනවා. යකඩ හා කැල්සියම් බහුල ව ඇති නිසා කිරි දෙන මව්වරුන්ට සහ මාස 6 ඉක්මවූ ඕනෑ ම දරුවකුට පෝෂ්‍යදායි ආහාරයක්. ආර්තවහරණය සිදු වූ කතුන්ටත් කුරක්කන් ඉතාමත් සුදුසු ආහාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. රුධිරයේ අඩංගු මේදය ඉවත් කිරීමටත් කුරක්කන් උපකාරි වෙනවා. මුත්‍රාශයේ ගල් ඇතිවීම වළක්වමින් සිරුරේ තෙල් මට්ටම පාලනය කරනවා. පිතට සහ කැස්සට ගුණදායක යි. කුරක්කන් නියුමෝනියා රෝගීන්ටත් පෙණහලු දුර්වල අයටත් යෝග්‍ය ආහාරයක්.
කොලෙස්ටරෝල් පාලනයට ඍජු දායකත්වයක් කුරක්කන්වල පවතිනවා. පිළිකා සෛල වර්ධනය අඩාල කරනවා. අද වන විට දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල්, අධික ස්ථූලතාවය පාලනයට සහ රෝග වළක්වා ගැනීමේ ආහාරයක් ලෙස කුරක්කන් ආහාරයට ගැනීමට වැඩි දෙනා හුරුවී සිටීම සතුටට කරුණක්. මැග්නීසියම් බහුල නිසා කුරක්කන් දියවැඩියා රෝගීන්ට ආහාරයක් මෙන් ම ඖෂධයක් ලෙසත් ආයුර්වේදයේ නිර්දේශ කරනවා. ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති නිසා කුරක්කන් මඟින් වයසට යාමේදී ඇතිවන සිරුර වැහැරීමේ තත්ත්වය පාලනය කරනවා. දැනට ලොව පැතිරී යන Gluten allergy නම් අසාත්මිකතාව වළක්වා ගැනීමට කුරක්කන් යෝග්‍ය ආහාරයක් වී තිබෙනවා. එයට හේතුව පාන් පිටිවල තිබෙන ග්ලූටන් කුරක්කන්වල නොමැති වීමයි.