Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
16
රෝග රැසකට වැට බඳින විශ්මිත නිල් කටරොළු පානය ගැන ඔබ නොදත් තවත් දේ බොහෝමයි. මෙන්න ඒ ගැන හරියටම දැනගන්න..

- රෝග රැසකට වැට බඳින විශ්මිත නිල් කටරොළු පානය ගැන ඔබ නොදත් තවත් දේ බොහෝමයි. මෙන්න ඒ ගැන හරියටම දැනගන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82 Views

ඔබව සුවපත් කරන විශ්මිත පානය, නිල් කටරොළු මලේ ගුණ ගැන හරියටම දැනුවත් වෙන්න..

නිල් කටරොළු කියන්නේ බොහොම ගුණදායී ඖෂධයක් කියන එක ඔබ දන්නා කාරණයක් නේ. අපේ රටේ අද වෙනකොට ජනප්‍රිය මේ නිල් කටරොලු මල මොන තරම් ගුණදායකයිද කියලා ඔබ දන්නවාද? සමහරවිට දවස ගානේ ඔබට දැකගන්න ලැබෙන මේ ඖෂධීය මලේ ගුණ නම් ඔබට මිල කරන්නත් බැරි බව මේ ලිපිය කියවූ විට පැහැදිලි වේවි.

නිල් කටරොළු තේ හදන්නේ කොහොමද ?
මෙය සාමාන්‍ය තේ එකක් සකස් කරනවට වඩා ඉතාම පහසු කාර්යයක්.

ඔබට අවශ්‍ය වන්නේ

නිල් කටරොළු මල් 6 – 7

හොඳින් උණු කර ගත් ජලය

මී පැණි තේ හැන්දක්

මුලින්ම නිල් කටරොලු මල් හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසුව උතුරවා ගත් ජලය කෝප්පයකට නිල් කටරොලු මල් එකතුකර විනාඩි කිහිපයක් වසා තබන්න. ඉන්පසු කටරොලු මල් ඉවත් කර හෝ පෙරා මීපැණි එකතු කර පානය කරන්න

නිල් කටරොළු තේ පානය මගින් ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවද ?
ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්

ෆ්ලේවනොයිඩ්, ඇන්තොසියානින් සහ පොලිෆෙනෝල් ඇතුළු ප්‍රතිඔක්සිකාරක බොහොමයක් නිල් කටරොළු තේ වල අඩංගු වනවා.සමස්ත සෞඛ්‍ය සහ ප්‍රත්‍යස්ථතාවය ඉහළ නැංවීම සඳහා මෙම ප්‍රතිඔක්සිකාරක ඔබේ ශරීරයට උපකාරී වන අතර විවිධ විෂබීජ මඟින් ඔබේ ශරීර අභ්‍යන්තරයට ඇතිවිය හැකි හානිද වළක්වනවා

බර අඩු කරයි

කැෆේන් රහිත මෙන්ම ශූණ්‍ය කාබෝහයිඩ්‍රේට , මේද සහ කොලෙස්ටරෝල් අඩංගු බැවින් බර අඩු කරගැනීමට බලාපොරොත්තු වන අයට නිල් කටරොළු තේ යනු ඉතා හොඳ පානයක්.මෙමගින් ආහාර රුචිය නියාමනය කරන අතර ආහාර අපද්‍රව්‍ය සහ විවිධ බැක්ටීරියා වලින් බඩවැල් පිරිසිදු කරනවා.

නිරෝගී සමක් පවත්වා ගෙන යාමට උපකාරී වෙයි

නිල් කටරොලු තේ වල අඩංගු ෆ්ලේවනොයිඩ් කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරමින් සමේ ප්‍රත්‍යස්ථතාවය වර්ධනය කරගැනීමට සහ පවත්වා ගැනීමටද උපකාරී වනවා.සමෙහි වර්ණය ඒකාකාරී ලෙස පවත්වාගෙන යාමටත් , අඳුරු ලප කැළැල් ඉවත්කර ගැනීමටත් , සමෙහි තෙතමනය ආරක්ෂා කර ගැනීමටත් මෙම නිල් කටරොළු තේ පානය මගින් ඔබට හැකියාව ලැබෙනවා

හිස කෙස් වර්ධනය උත්තේජනය කරයි

නිල් කටරොළු තේ වල අඩංගු ඇන්තොසියානින් , හිසෙහි රුධිර සංසරණය වැඩි කරන සංයෝගයක් වන අතර එමගින් හිස්කබලේ රුධිර ප්‍රවාහය වැඩි කරමින් නිරෝගී හිස්කබලක් පවත්වා ගෙන යාමටද ,හිසකෙස් අභ්‍යන්තරයෙන් ශක්තිමත් කිරීමට ද සහාය වනවා. ඒ වගේම හිසකෙස් වලට නිරෝගී කලු පැහැයක්ද ලබා දීමට මෙන්ම අකලට හිස කෙස් සුදු වීම වැළැක්වීමට ද මෙම තේ පානය මගින් හැකියාව ලැබෙනවා.

මොළයේ සෞඛ්‍ය ශක්තිමත් කරයි

ඉන්දියානු ආයුර්වේද ඖෂධීය විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට සියවස් ගණනාවක් පුරාවට ම මොලය ආශ්‍රිත අහිතකර රෝග තත්වයන් සමනය කිරීමට නිල් කටරොලු තේ යොදාගෙන තිබෙනවා.මතකය වැඩි දියුණු කිරීමට , කාංසාව සහ මානසික අවපීඩන තත්වයන් පාලනය කිරීමට , මෙන්ම මොළයේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කිරීමටත් නිල් කටරොළු තේ වලට හැකියාව තියෙනවා. මතකය වැඩිදියුණු කරන සහ මොලයේ සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන ඇසිටිල්කොලීන් නැමති ක්‍රියාකාරී සංයෝගය නිල් කටරොලු වල අඩංගු වන නිසා මෙම හිතකර බලපෑම් ඇති වන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ

ඇස් පෙනීම වැඩි දියුණු කරයි

නිල් කටරොලු මලෙහි ඇන්තොසියානින් නම් ප්‍රතිඔක්සිකාරකය අඩංගු වන අතර එය ඇස්වලට අවශ්‍ය රුධිර ගමනාගමනය වැඩි කරනවා.මෙය ග්ලුකෝමාවට ප්‍රතිකාර කිරීම, දෘෂ්ටි විතානයට හානි වීම, නොපැහැදිලි පෙනීම සහ වෙහෙසට පත් ඇස් සඳහා ප්‍රතිකාර කිරීමට උපකාරී වන අතරම රාත්‍රී දර්ශනයද වැඩිදියුණු කරනවා.

ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය වෙයි

නිල් කටරොළු තේ පානය ආහාර ජීරණ පද්ධතියේ විවිධ රෝග තත්ත්වයන් පාලනය කිරීම සඳහා ද යොදා ගන්නවා.මෙම තේ වල අඩංගු ප්‍රති ගිනි අවුලුවන ගුණාංග මගින් ආමාශයේ මාංශ පේශීන් ශක්තිමත් කරන අතර ඔක්කාරය සහ අජීරණය වැනි තත්වයන් ඇති වීම ද බොහෝ දුරට පාලනය කරනවා.ඊට අමතරව නිල් කටරොළු වල විෂබීජ නාශක ගුණ අඩංගු වන අතර ඒවා මගින් හානිකර බැක්ටීරියා වර්ධනය වීම වළක්වනවා.

දියවැඩියා විරෝධී ගුණ

මෙම තේ පානය දියවැඩියා රෝගීන් සඳහා විශ්මය ජනක පානයක් වන අතර එය රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට උපකාරී වනවා.ඊට අමතරව මෙමගින් ආහාර වලින් අතිරික්ත ග්ලූකෝස් ශරීරයට අවශෝෂණය වීම වලක්වන අතර එය රුධිරයේ සීනි මට්ටම පාලනය වීමට හේතුවකි.

නිල් කටරොළු කියන්නේ අපේ රටේ බොහෝ ප්‍රදේශවල දකින්නට පුළුවන් වගේම ඉතා පහසුවෙන් සොයාගන්නට පුළුවන් මල් වර්ගයක්.ඒ නිසා ඔබට සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබා දෙන මේ තේ පානය සකස් කරගන්නට ඔබට අපහසු වෙන එකක් නැහැ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top