මේ පණිව්ඩය මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන්ට.
මගී ප්‍රවාහනයට සම්බන්ධ රියදුරන් දෙසැම්බර් 31 වැනිදාට පෙර ''පොදු ප්‍රවාහන බලපත්‍රය'' ලබාගැනීම අනිවාර්ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අම්පාරේ පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ එම බලපත්‍රය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බවත් ඒ අනුව මෙම වසර අවසානයේදී පොදු ප්‍රවාහන රියදුරන් අනිවාර්යයෙන්ම එම බලපත්‍රය ලබා ගත යුතු බවයි.