වත්මන් රජය යටතේ ආගමික අධ්‍යාපනයට මෙන්ම සෞන්දර්යය විෂයන්ද කිසිදු අයුරකින් කප්පාදු කිරීමක් නොකරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
එමෙන්ම 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 06 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩම තුළින් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලු දරුවන්ට ලබා දීමට අපේක්‍ෂා කරන බවද ප්‍රකාශ කෙරුණා.
ඉන්පසුව තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙන බවද ප්‍රකාශ කෙරුණා.
බුද්ධ සාසන කාර්ය සාධක බලකාය සාමාජිකයින් වන රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ත්‍රිකුණාමලයේ ආනන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ඇතුලු ගිහි පැවිදි සාමාජිකයින් සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මෙනෙවිය පැවැත්වූ සාකච්ඡාවකදී මෙම අදහස් පළ වුණා.
බුද්ධ ධර්මය විෂය ඉගැන්වීමේ ගුරුවරුන්ගේ හිඟය පිළිබඳවත් එහිදී අවධානය යොමු වී තිබෙනවා.
අදාළ ගැටලුවට පිළියමක් ලෙස අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කළේ මෙම දිනවල සියලු පළාත් ආවරණය වන පරිදි ගුරුවරුන්ගේ තොරතුරු රැස්කරමින් සිටින බවයි.
ඉන් අනතුරුව විධිමත් සැලස්මකට අනුව ගුරුවරුන් බඳවා ගැනීම හා අනුයුක්ත කිරීම මගින් ගුරු තුලනය කිරීම සිදු කරන බවද අධ්‍යාපන, උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් පැවසුවා.