පසුගිය දින කීපය තුළ මහත් ආන්දෝලනයකට වගේම කතාබහට ලක් වූ මේ ශ්‍රී ලාංකිකයාව රැගෙන ආවේ ඒ් රටේ ඉන්න අපේ තනාපති කාර්යාලයේ නිළධාරිනියක්.
කටුනායකට එන්නට පෙර ඔවුන්ට තවත් පැය හතක පමණ කාලයක් ඩුබායි ගුවන් තොටුපළේ ඉන්නත් සිදු වුණා. ඒ් ඊළඟ ගුවන් යානය එනතුරු. ඒ්ත් මේ කාලය තානාපති කාර්යාල නිළධාරිනියට නම් එතරම් සුබදායී වුුණේ නැහැ. ඒ් අර පුද්ගලයා නිරන්තරයෙන්ම දුම්වැටි ඉල්ලා ඇයට කරදර කළ නිසා.
ඔහුගේ මේ හැසිරීම අදාල නිළධාරිනියට මහත් හිසරදයක් වුණා. අවසානයේදී ඔහුව පාලනය කර ගැනීමට වුවමනා වූ නිසාම ඇය ඩොලර් 62ක් ගෙවා දුම්වැටි බන්ඩලයක් මිලදී ගෙන ඔහුට දී තිබුණා. ඒ් අදාල කඩ සාප්පුවේ සිගරැට් පැකැට්ටුවක්වත් විකුණන්නේ නැති නිසා. ඔහු තානාපති කාර්යාලයේ සිටි දවසසේදීද මේ අකාරයෙන්ම සිගරැට් ඉල්ලා කරදර කළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා කියනවා. ඒ් විතරක් නෙමෙයි, කීප වතාවක් කාර්යාලයෙන් පිටවීමට උත්සහා කර තිබුණා.
"අපේ කාර්යාලය තියෙන්නේ උස තට්ටු ගොඩනැගිල්ලක. ඉතින් මේ වගේ අය ගැන අපි ඇහැ ගහගෙනම ඉන්න වෙනවා. බැරි වෙලාවත් මානසික මට්ටම අවුල් වෙලා බිමට පැන්නොත් අපි වැටෙන්නේ ලොකු අමාරුවක. මේ වගේ මත්පැන් හා දුම්වැටිවලට ඇබ්බැහි වූ චරිත අපිට වරින් වර මුණ ගැහිල තියෙනවා. මෙහාට ආවට පසු ඔවුන් බොනවා විතරක් නෙමෙයි, කෝලාහල පවා ඇති කර ගන්නවා. ලංකාවේ විදියට හැසිරෙන්න පටන් ගන්නවා. මෙයින් සිදුවන්නේ අපේ රටට සිදුවන්නේ ලොකු හානියක්. ලංකාවට යවන්න හදන අවස්ථාවලදීත් ඔවුන් අපි එක්ක වාද ඇති කර ගන්නනවා.
ඊශ්‍රායල්වල තියෙනවා ලංකාවේ කසිප්පුවලටත් වඩා මිල අඩු නරක මත්පැන් වර්ගයක්. මේක තමයි අපේ හුගාක් දෙනා බොන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ්වා බීල තමයි ප්‍රශ්න ඇති කර ගන්නේ.
නමුත් ඊශ්‍රායල් ජාතිකයෝ එහෙම නැහැ. ඒ් අය ඒ්වා බොනවා, මහා සෙනග මැද්දේ ඉන්නවා. සංගීත සංදර්ශන පැවැත්වෙන අවස්ථාවලදී පවා බීලා නටනවා. නමුත් ප්‍රශ්න මුකුත්ම නැහැ. ඒ් අය හැසිරෙන්න දන්නවා. රටේ නීතියට ගරු කරනවා.
මේ රටේ හැම කෙනෙක් ළඟම ඒ් අයගේ ආරක්ෂාවට ආයුධ ළඟ තබා ගන්න පුළුවන්. පිස්තෝලයක් හරි ළඟ තියෙනවා. නමුත් ඔවුනොවුන් අතර මරා ගැනීම් නැහැ. බලන්න හැදියාව. මේවා අපේ අය ළඟ නැහැනේ.
මේ නිසාම දැන් මෙහාට එන අයගේ වෛද්‍ය වාර්තා ගැන පෙරටත් වඩා අවධානයට යොමු කරන්න සිදුවෙනවා."