Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
ඔයත් මකර ලග්න හිමියෙක්ද? මේ සතිය ඔබට කොහොමද බලන්න? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න...

- ඔයත් මකර ලග්න හිමියෙක්ද? මේ සතිය ඔබට කොහොමද බලන්න? ලග්නයෙන් ලග්නය පලාපල මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,244 Views

මේ කියන්න යන්නේ අලුත් සතිය ඔබට කොහොමද කියලා...

මේෂ – යුගදිවියේ සාමකාමී බව
සඳු ගමන් ගන්නේ 6, 7, 8 යන භාවයන් හරහාය. මේ සතියේ ඔබගේ ග්‍රහචාරය අනුව සුබ අසුබ මිශ්‍රව දෙයාකාරයෙන්ම ලබා දෙනු ඇත. ඒ නිසා වැඩි උත්සාහයක් ගත යුත්තේ සුබඵල වැඩි කර ගැනීමටයි. සතුරන් පරාජය කරන්නටත් ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලබන්නටත් හැකිවේ. යුග ජීවිතය සාමකාමී වේ. සාමාජීය පොදු වැඩවලට උපකාර කරන්නට සිදු වනු ඇත. අනතුරු අසනීපවලට ද ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් වැඩ කරන්න. අපල අවම වීමට බුදුන්ට පැන් වීදුරුවක් පූජා කරන්න.
සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – නිල්, රතු / සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා

වෘෂභ – ආර්ථිකයේ ශක්තිමත් බව
සඳු ගමන් ගන්නේ 5, 6, 7 යන භාවයන් මතිනි. දරුවන්ගේ අධ්‍යාපනික දියුණුව වෙනත් යහපත් අරමුණු සපල වන වාසනාවන්ත සතියකි. පුණ්‍ය කටයුත්තකට සහභාගිවන්නට ඉඩකඩ සැලසේ. රැකී රක්ෂා වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමිවන සහ ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙන්වයි. දුර ගමන් විදෙස් ගමන් ඉල්ලුම් කර තිබුණේ නම් ඒවා ඉටුවන ලකුණු ඇත. අපල අඩු වීමට පොදු වාහනයකදී නම් තමා සිටින අසුන ප්‍රදානය කරන්න. දුර්වල අයට උපකාර කරන්න.
සුබ අංක – 5, 6 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – දේපළ ගැටලු විසඳේ
සඳු ගමන් ගන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. මවගේ උදවු උපකාර ලබන අතර පදිංචි ස්ථානයේ ඉඩකඩම් දේපළ ගැටලු නිරාකරණය කර ගනු ලබන සතියකි. එම ස්ථානයේ දියුණුවට අදාළ වැඩ ආරම්භ කරයි. රැකියා ලාභ, ආර්ථිකය ශක්තිමත් වෙයි. ගෘහ ජීවිතය තුළ ගැටලු ඇති නොවේ. එහෙත් අවසාන දින දෙක අසනීප මතුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. අපල අවම වීමට තිරිසන් සතුනට පක්ෂීන්ට ආහාර ජලය දෙන්න.
සුබ අංක – 3, 5 / සුබ වර්ණ – කොළ, කහ / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කටක – අතමිට මුදල් ගැවසේ
සඳු ගමන් ගන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. ගෘහ ජීවිතය, රැකියාව, සතුට සෞභාග්‍යය රැඳුණු එකක් වන සතියකි. සොයුරු දම් දූදරු මාපිය ඇසුර වර්ධනය වේ. අතමිට මිල මුදල් ගැවසෙන උසස් උගත් මිතුරන් මුණ ගැසෙන බවක් ද පෙනෙන්නට ඇත. පදිංචි ස්ථානයේ දරුවන්ගේ දියුණුවට අදාළ වන යම් කරුණකට අත ගසන්නට හැකිවේ. අපල අවම වීමට නැතිබැරි අයට උපකාර කරන්න.
සුබ අංක -2, 7, 9/ සුබ වර්ණ – සුදු, කහ / සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – ගෘහ ජීවිතයේ ගැටලු විසඳේ
සඳු ගමන් ගන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. ඔබ කරන කියන රැකී රක්ෂාවලින් හෝ ලැබෙන්නට තිබී මෙතෙක් නොලැබුණු ධනයක් හෝ ලැබෙන්නට ඇති ඉඩකඩ බොහෝය. ගෘහ ජීවිතයේ, පදිංචි ස්ථානයේ වාසස්ථානයේ ගැටලු විසඳේ. මවගේ උපකාරය ද ලැබේ. සහජ හැකියාවන් තුළින් යම් ආදායම් මාර්ගයක් ගොඩනඟා ගත හැකිය. උනන්දු වන්න. අපල අවම වීමට පිළිකා රෝගීයෙකුට උපකාරයක් කරන්න.
සුබ අංක – 1, 4, 5 / සුබ වර්ණ – රතු, තැඹිලි / සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – සහජ දක්ෂතා මතුවේ
සඳු ගමන් ගන්නේ ලග්නය 2, 3 යන භාවයන් මතිනි. ඔබට ගරුත්වයක් පිළිගැනීමක් ලැබෙන කටයුතුවල නියැළීමට අවස්ථා මතු කෙරේ. උසස් දැනුම් තේරුම් ඇති අය මුණගැසේ. අතමිට මිල මුදල් හිඟ නොවී පවතින අතර වචනයේ ආශීර්වාදය තමා කරා හිමිවේ. සහජ දස්කම් මතුවන ඒවායින් පල ප්‍රයෝජන ගත හැකි ස්වයං රැකියාවලට සම්බන්ධ වේ. ධෛර්යවත්ව කටයුතු කරන්නටත් සොයුරු උපකාර ලබන්නටත් හැකිවේ. අපල අවම වීමට වෙල් මාළුන්ට ආහාර දෙන්න.
සුබ අංක – 3, 5, 7 / සුබ වර්ණ – කොළ, සුදු / සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා – අන්‍යයන්ගේ උපකාර
සඳු ගමන් ගන්නේ 12 ලග්නය 2 වැන්න හරහාය. ආරම්භය ගැටලු සහගත විය හැකිය. පාඩුවක් නීතිමය ගැටලුවක් හෝ දුර ගමනක් යෙදීමට ඉඩ ඇත. ඉන් පසු කාලය අයහපත් නොවේ. සාමාන්‍ය පරිදි තම වැඩ කටයුතු කරගනිමින් යම් ධනයක් උපයා සපයා ගැනීමට උනන්දු වේ. වචනයේ බලයෙන් අන්‍යයන්ගේ උපකාර ලැබෙයි. ප්‍රසාදය ලබයි. අපල අවම වීමට වකුගඩු රෝගීන්ට උපකාර කරන්න.
සුබ අංක – 7 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා, අඟහරුවාදා

වෘශ්චික – දරුවන්ගේ ජයග්‍රහණ
සඳු ගමන් කරන්නේ 11, 12 ලග්නය යන භාවයන් මතිනි. ඔබට මේ සතිය තුළ කුමන අන්දමේ හෝ යහපත් ආර්ථික තත්ත්වයක් පවත්වා ගැනීමට හැකි වනු ඇත. හිතවතුන්ගෙන් ඥාතීන්ගෙන් ප්‍රභූන්ගෙන් ආධාර උපකාර ද හිමිවේ. දරුවන්ගේ සියලු යහපත් අරමුණු සපල වීමේ වැඩි ඉඩක් පවතියි. ඔවුන්ගේ ජයග්‍රහණ පෙන්නුම් කරයි. අපල අවම වීමට තරුණ දුවා දරුවනට යහපත් කටයුතුවලට උදව් කරන්න.
සුබ අංක – 2, 7, 9 / සුබ වර්ණ – රතු, තැඹිලි/ සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

ධනු – දුර ගමන් යෙදේ
සඳු ගමන් ගන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියාව පිළිබඳව ඇවිදිලි වැඩ යෙදේ. සමහර විට බොහෝ දුර ගමන් යෙදිය හැකි අතර ජලය සම්බන්ධ රැකියාවන්ට යොමුවේ. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් කාර්යබහුල වේ. බුද්ධියෙන් කරන කටයුතු සාර්ථකත්වයට පත්වේ. ගෘහ ජීවිතය වාසනාවන්තය. විදේශවල සිටි හිතමිතුරන් පැමිණීමට ඉඩ තිබේ. නව නිවාස දේපළ පිළිබඳ සිහින සැබෑවේ. අපල අවම වීමට කුසගින්නේ සිටින පුද්ගලයකුට හෝ සතකුට ආහාර වේලක් දෙන්න.
සුබ අංක – 3, 5, 6 / සුබ වර්ණ – කහ, කොළ, තැඹිලි / සුබ දවස් – බ්‍රහස්පතින්දා, බදාදා

මකර – පුණ්‍ය සිතුවිලි මතු වේ
සඳු ගමන් ගන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. සැනසිලිදායක සතියක් වන අතර පුණ්‍ය සිතුවිලි නිසා මුහුණ කට ප්‍රියමනාප බවක් පිළිබිඹු වේ. මෛත්‍රී කරුණාව පෙරදැරි කරගෙන සෑම අයෙක් කෙරෙහිම සමාන ළෙන්ගතු ස්වභාවයක් දක්වයි. ගෘහ ජීවිතය, රැකියා ආර්ථිකය ශක්තිමත් වේ. දරුවන්ගේ දියුණුව සැලසේ. අපල අවම වීමට වස් ධර්ම දේශනාවලට සවන් දෙන්න.
සුබ අංක – 6, 8, 9 / සුබ වර්ණ – නිල් / සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

කුම්භ – හදිසි ධන ලාභ
සඳු ගමන් ගන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය කනගාටුදායක පුවත් අසන්නට ඉඩ ඇත. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු විදෙස් ගමන් සපල වේ.
අවිවේකය, අසනීප ගති පෙන්නුම් කරයි. පදිංචි ස්ථානයේ දියුණුවද රැකියාවේ සුබදායී වෙනස්වීම් සතිය අවසානයේ සිදුවිය හැකිය. හදිසි ධන ලාභ ද ඇත. අපල අවම වීමට රෝගීන්ට සත්කාර කරන්න.
සුබ අංක – 2, 3, 7 / සුබ වර්ණ – රතු, සුදු / සුබ දවස් – අඟහරුවාදා, සිකුරාදා

මීන – වන්දනා ගමන්වලට ඉඩ
සඳු ගමන් ගන්නේ 7, 8, 9 යන භාවයන් මතිනි. වෙළෙඳ ව්‍යාපාර රැකියා අංශ දියුණු කරගැනීමට මේ සතියේ උනන්දු වන්න. නව මුහුණුවරකින් ව්‍යාපාර ආරම්භ කරන්න. විදෙස් ගමන් වන්දනා ගමන්වලට ඉඩ ප්‍රස්තා යෙදේ. දරුවන්ගේ උසස් අධ්‍යාපනයට වැඩි වියදමක් දරන්නට සිදුවන අතර ගෘහ ජීවිතය තුළ ගැටලු මතුවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. අපල අවම වීමට බෝධි පූජා තබන්න.
සුබ අංක – 4, 9 / සුබ වර්ණ – කහ, සුදු / සුබ දවස් – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top