Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
මේ අමාරුකම් තියෙනවා නම්, මෙන්න කරන්න ඕන දේ.. මේ දවස්වල බහුල , රෝගයක් ගැන හෙළිදරව්වක්..

- මේ අමාරුකම් තියෙනවා නම්, මෙන්න කරන්න ඕන දේ.. මේ දවස්වල බහුල , රෝගයක් ගැන හෙළිදරව්වක්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

932 Views

ඔබේ ශරීරයේ තියෙන සෑම අවයවයක්ම එයට ආවේණික වූ කර්තව්‍යයක් ශරීරය වෙනුවෙන් ඉටු කරනවා. 

යම් හේතුවක් නිසා එවැනි අවයවයක ක්‍රියාකාරීත්වය අඩාළ වුනොත් එය ඔබේ මුළු ශරීරයම ක්‍රියාකාරීත්වය කෙරෙහි මෙන්ම ජීවිත හානියක් ඇති කිරීමේ තත්ත්වයක් කෙරෙහි පවා වර්ධනය වෙන්නට පුළුවන්. අපිට ඇතිවන යම් යම් රෝග ලක්ෂණ හරහා මෙවැනි තත්ත්වයන් කල්තියාම හඳුන්වා ගන්නට හැකියාව තියෙනවා.ඒ නිසා ඔබේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වී ඇති බවට හැඟවෙන ලක්ෂණ ගැනයි අද අපි ඔබට තොරතුරු කියන්න සූදානම් වෙන්නේ.

ඔබේ වකුගඩු මඟින් ඔබේ රුධිරය පෙරා ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඔබේ මුත්‍රා හරහා ශරීරයෙන් ඉවත් කරවනවා. මේ ක්‍රියාවලිය නිසියාකාරව සිද්ධ නොවෙන විට වකුගඩු අකර්මණ්‍ය වීම සිදු වෙනවා. වකුගඩු වල සෞඛ්‍යය කෙරෙහි බලපාන සාධක කිහිපයක්ම තිබෙනවා.

එනම් ,
සමහර නිදන්ගත රෝග
පාරිසරික දූෂණයන් වලට නිරාවරණය වීම
විජලනය
වකුගඩු වලට ප්‍රමාණවත් තරම් රුධිරය ප්‍රවාහය නොවීම
මත්ද්‍රව්‍ය සහ මත් පැන් අධික ලෙස භාවිතය
වකුගඩු දුර්වල වී ඇති බවට හැඟවෙන ලක්ෂණ මොනවාද ?
මුත්‍රා පිළිබඳව ගැටලු

නිරෝගී වකුගඩු මඟින් මුත්‍රා නිපදවීම සඳහා රුධිරය පෙරීම සිදු කරනවා.වකුගඩු හොඳින් ක්‍රියා නොකරන විට නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය දැනෙන්නට පටන් ගන්නවා.ඊට අමතරව මුත්‍රා වල පැහැයේ සහ ස්වභාවයේ වෙනස්කම්ද දැකිය හැකි වනවා. මීට අමතරව මුත්‍රා සමඟ රුධිරය පිටවීම ද වකුගඩු වල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වී ඇති බවට පෙන්නුම් කෙරෙන ලක්ෂණයක්. නිරෝගී වකුගඩු සාමාන්‍යයෙන් මුත්‍රා නිපදවීමේදී රුධිර සෛල ශරීරයේ තබා ගන්නවා.නමුත් වකුගඩු පෙරහන් වලට හානි වූ විට මෙම රුධිර සෛල මුත්‍රා තුළට කාන්දු වනවා.එවිට මුත්‍රා සමඟ රුධිරය පිටවීම සිදු වෙනවා.

තෙහෙට්ටුව සහ අධික වෙහෙසකර බවක් දැනීම

වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වී ඔබේ රුධිරයේ විෂ ද්‍රව්‍ය රැඳී තිබෙන විට ඔබට එදිනෙදා ක්‍රියාවල නිරත වීමට තරම් ශක්තිමත් බවක් නොදැනීම, අවධානය යොමු කිරීමට අපහසු වීම සහ සුළු ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් පසුවත් අධික වෙහෙසක් දැනීම සිදුවෙනවා වගේම වඩා වෙහෙසකර ක්‍රියාකාරකම්වල නිරත වීමටත් ඔබට නොහැකි වෙනවා.වකුගඩු අකර්මණ්‍යතාවය වර්ධනය වන විට මේ රෝග ලක්ෂණය පෙන්නුම් කිරීමද වැඩි වනවා.මෙය එතරම් විශේෂිත නොවන රෝග ලක්ෂණයක් නිසා බොහෝ දෙනා නොසලකා හැරියත් ඇත්ත වශයෙන්ම මෙය අවධානය යොමු කළ යුතු ම ලක්ෂණයක්.

ඇස්වටා ඉදිමීම

මුත්‍රා වල ප්‍රෝටීන් පැවතීම වකුගඩු පෙරහන් වලට හානි වී ඇති බවට පෙන්නුම් කෙරෙන පූර්ව ලක්ෂණයක් වන අතර එසේ පෙරහන් වලට හානි වීම මගින් ප්‍රෝටීන් මුත්‍රා වලට කාන්දු වෙනවා.ඒ ආකාරයට ඔබේ වකුගඩු ශරීරයේ ප්‍රෝටීන් විශාල ප්‍රමාණයක් මුත්‍රා සමඟ කාන්දුවීම නිසා ඇස්වටා ඉදිමීම සිදු වනවා. ඊට අමතරව ශරීරයේ එකතු වන අමතර තරලයන් වකුගඩු මඟින් ඉවත් කිරීම සිදු නොවන නිසාද ඇස් වටා සහ මුහුණ ඉදිමීමේ තත්ත්වයන් ඇතිවනවා

වළලූකර සහ පාද ඉදිමීම

ඔබේ වළලූකර සහ පාද වල ඉදිමීම හෘද රෝග හෝ අක්මා රෝග වැනි බරපතළ ගැටලු පිලිබඳව අනතුරු ඇඟවීමක් විය හැකි වුණත් දුර්වල වකුගඩු වල ක්‍රියාකාරීත්වය ඔබේ රුධිරයේ අඩංගු සෝඩියම් වල අසමතුලිතතාවයට හේතු විය හැකි අතර එය ඔබේ පාදවල සහ වළලුකර ඉදිමීම වැනි තත්වයන් වලට සෘජු බලපෑමක් එල්ල කරනවා

බඩේ අමාරුව, ඔක්කාරය සහ වමනය

ඔබේ රුධිරයේ දැඩි ලෙස අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය එකතු වී තිබීම නිසා ඔබට නිතර ඔක්කාරය සහ වමනය ඇති වීමේ හැකියාව තියෙනවා.ඒ වගේම ඔබට ආහාරවල රසයේ වෙනසක් දැනීම ද , ලෝහ වැනි රසක් දැනීම ද සිදු වන නිසා ඔබේ ආහාර රුචියද ක්‍රමයෙන් අඩුවී ගොස් ඔක්කාරය සහ වමනය වැනි තත්වයන් ඇති කරවනවා.ඉන් පසුව ඇතිවන ප්‍රතිඵලයක් ලෙස බර අඩු වීම ද සිදු වනවා.

නින්ද පිළිබඳව ගැටලු

වකුගඩු වල ක්‍රියාකාරීත්වය නිසිලෙස සිදු නොවන විට ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය මුත්‍රා හරහා පිටවෙනවාට වඩා රුධිරයේ රැඳී තිබෙනවා. මෙය ඔබේ නින්දට බාධා කිරීම් සිදු වනවා. ඉන් පසුව අධික තෙහෙට්ටුවක් දැනීම සහ මානසික ආතතිය වර්ධනය වීම වැනි තත්ත්වයන් කෙරෙහි ද මේ තත්ත්වය දිව යනවා.

සම වියලීම සහ කැසීම

නිරෝගී වකුගඩු බොහෝ වැදගත් කාර්යයන් ඉටු කරනවා.ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීම , අමතර තරල ඉවත් කිරීම , රතු රුධිර සෛල සෑදීමට උපකාරී වීම , සහ ඔබේ රුධිරය නිවැරදි ඛනිජ ලවණ කර ගැනීමත් වකුගඩු මඟින් සිදු කරනවා.නමුත් යම් හේතුවක් නිසා ඔබේ වකුගඩු දුර්වල වී ඔබේ රුධිරයේ ඛනිජ සහ පෝශ්‍ය පදාර්ථ වල නිවැරදි සමතුලිතතාවය තබා ගැනීමට සහ පවත්වාගෙන යාමට නොහැකි වූ විට වගේම විශ ද්‍රව්‍ය රුධිරයේ රැඳී තිබීම යන හේතු නිසා සම වියළීමේ තත්ත්වයන් ඇතිවී කැසීම් වැනි තත්ත්වයන් දක්වාද වර්ධනය වෙනවා

හුස්ම ගැනීමේ අපහසුතා

හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවීම වකුගඩු වලට ආකාර දෙකකින් සම්බන්ධ වෙනවා.පළමුව ශරීරයේ අමතර තරලයන් පෙනහළු තුළ ගොඩනැගීමත් , දෙවනුව රක්තහීනතාවය ( ඔක්සිජන් රැගෙන යන රතු රුධිර සෛලවල හිඟයක් ) ඇති වීම වැනි තත්ත්වයන් නිසාත් වකුගඩු දුර්වල වීම ඔබට ගැනීමේ අපහසුතාවයන් ඇති කරවනවා.

මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරනවානම් ඒවා කෙරෙහි අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත්. ඕනෑම රෝග තත්ත්වයක් මුල් අවධියේ දී හඳුනා ගැනීම මගින් ප්‍රතිකාර කිරීමට පහසු වීම සහ සුවකර ගැනීමට පහසු වන නිසා වකුගඩු වැනි වැදගත් අවයවයක අකර්මණ්‍යතාවයක් නිසා ඇති විය හැකි මෙවැනි රෝග ලක්ෂණ නොසලකා හැරිය යුතු නැහැ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top