Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
20
දුනිත් වීරයෙක්.. එදා වගේම අදත්.. දුනිත්ගේ ක්‍රිකට් ජීවිතේ කතාන්දරය මෙන්න...

- දුනිත් වීරයෙක්.. එදා වගේම අදත්.. දුනිත්ගේ ක්‍රිකට් ජීවිතේ කතාන්දරය මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

826 Views

දුනිත් වෙල්ලාලගේ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණු සුවිශේෂී දායාදයක්. ඔහුගේ ක්‍රිකට් ගමන ආරම්භයේ සිටම සුවිශේෂී දක්ෂතා පෙන්වූවෙක්.


ඔහුගේ සුවිශේෂී දක්ෂතා, නොසැලෙන කැපවීම සහ නායකත්ව ගුණාංග නිසාම ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථිර සාමාජිකයෙක් වීමට හැකිවුණා.

ඒ නිසාම ඔහුගේ කතාව ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් දැනගත යුතුම කතාවක්.

දුනිත් නෙත්මික වෙල්ලාලගේ 2003 ජනවාරි 9 වන දින උපත ලැබුවේ දෙදහසෙන් පසු පරපුරේ දක්ෂ තරුණයෙක් ලෙසයි.

ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ පළමු පියවර තැබුවේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්. වයස අවුරුදු 10 ක් තරම් බාල වියේදී ඔහු විද්‍යාලයේ 13න් පහළ C කණ්ඩායමට ක්‍රීඩා කළා.

අවුරුද්දක් ගත වෙද්දී 13න් පහළ A කණ්ඩායමට එක්වූ ඔහු, කඩුලු 57ක් දවා ගනිමින් තම දක්ෂතා විදහා දැක්වුවා. එම වාරයේ හොඳම පන්දු යවන්නා, හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ අවසන් තරගයේ වීරයා සම්මාන දිනා ගැනීමට ඔහු සමත් වුණා. ඒ අතර විශේෂම දෙයක් වුණේ 2014 දී 13න් පහළ ශූරයෝ බවට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල පත්වීම.

ඒත් එය ආරම්භයක් පමණක් වුණා. ඔහුගේ කතාවේ ඊළඟ අදියරේදී දුනිත් වයස අවුරුදු 12 දී, 15න් පහළ කණ්ඩායමට එක්වෙමින් කඩුලු 53ක් ලබා ගත්තා. ඒ වගේම අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් තරග සඳහා කොළඹ සහ බස්නාහිර පළාත් කණ්ඩායම් නියෝජනය කිරීමටද, ශ්‍රී ලංකා 14න් පහළ කණ්ඩායමට තේරීපත්වීමටද ඔහුට අවස්ථාව ලැබුණා.

2017 දී ඔහු කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට ඇතුළත් වුණේ ඔහුගේ කතාවේ ඉතුරු කොටස තවත් ජයග්‍රාහී කරමින්.

මේ කතාව අතරතුර දුනිත් තම නායකත්ව ගුණාංග ඔප්නැංවූ ආකාරය සහ ඔහු ප්‍රදර්ශනය කළ සුවිශේෂී දක්ෂතා ගැනත් වෙනම කතා කළ යුතුයි.

වයස අවුරුදු 15 දී, මැලේසියාවේ පැවති Tuanku Ja’afar කුසලාන 15න් පහළ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් ඔහු තම නායකත්ව හැකියාවන් පෙන්වූවා.

එම වසරේම ශාන්ත ජෝශප් විද්‍යාලයට අන්තර් පාසල් 19න් පහළ දෙදින ක්‍රිකට් ශූරතාවය දිනා දීමටද ඔහු ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළා.

ඊට පස්සේ තවත් කඩඉමක් සනිටුහන් කරමින් දුනිත්ට ඉන්දීය සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම් සමඟ පැවති තරග සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමටද අවස්ථාව ලැබුණා. මේ අතර ශාන්ත ජෝශප් විද්‍යාලයට පිට පිට දෙවන වරටත් 19න් පහළ දෙදින ක්‍රිකට් ශූරතාවය දිනා දීමට ඔහු 2019 දී දායක වුණා.

2020 දීත් මුරලි-වාස් කුසලානය දිනා ගැනීමට ශාන්ත ජෝශප් විද්‍යාලයට උපකාර කළ දුනිත්, 23න් පහළ අන්තර් සමාජ තරගාවලියේදී ලංකන් ක්‍රිකට් සමාජය නියෝජනය කළා.
දුනිත්ගේ නායකත්වය යටතේ ශාන්ත ජෝශප් විද්‍යාලය 2021 දී 19න් පහළ පළමු පෙළ Tier A ශූරතාවය දිනාගත්තා.

ඊට පස්සේ බංග්ලාදේශ සහ එංගලන්ත 19න් පහළ කණ්ඩායම් සමඟ පැවති තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින්, තරගාවලි දෙකේදීම වැඩිම කඩුලුලාභියා වීමට ඔහු සමත් වුණා.

ලෝක කුසලානයක් තමයි දුනිත් ජාතික කණ්ඩායමට පිවිසෙන මඟ නිර්මාණය කළේ. 2021 දී ඩුබායිහි පැවති 19න් පහළ ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරගය දක්වා මෙහෙයවීමට දුනිත්ට හැකි වුණා. මෙයත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සලකුණුගත අවස්ථා අතරට එකතු වන බව සිහිපත් කළ යුතුයි.

මේ අදියරේදී තමයි දුනිත් කියන වීරයාව ඇත්තටම රටම හඳුනගන්න හේතුව සකස් වුණේ. 2022 පැවති 19න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගය දක්වා ගෙන යාමට ඔහු සමත් වුණා. එම තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා වීමටත්, හත්වැනි වැඩිම ලකුණු ලාභියා වීමටත් ඔහුට හැකි වුණා. ඒ දක්ෂතාවය ගැන ක්‍රිකට් ගැන උනන්දුවක් නැති හැමෝමත් කතා වුණා.

ලෝක කුසලානයෙන් පස්සේ නැවතත් දේශීය තලයේදී ඔහු National Super League තරගාවලියේ යාපනය කණ්ඩායම නියෝජනය කරමින් කඩුලු 9ක් ලබා ගත්තා. යාපනය කණ්ඩායම එම ශූරතාවය දිනා ගත්තා.

ඒ විතරක් නෙවෙයි මේ සමස්ත කාලය ඇතුළේ පාසල් ක්‍රීඩාවේ ඔහු පුදුමාකාර ක්‍රීඩකයෙක් වෙලා හිටියා. පිට පිට දෙවන වරටත් 19න් පහළ පළමු පෙළ Tier A ශූරතාවය දිනා ගැනීමට ශාන්ත ජෝශප් විද්‍යාලයට නායකත්වය ලබා දුන්නා.

ඊළඟ අදියරේදී එංගලන්තයේ සංචාරය කළ ශ්‍රී ලංකා නැගී එන සංචිතයට එක්වෙමින් එම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද ඔහු පත් වුණා. ඔහු ජීවිතයේ ලබපු පෙළින් පෙළ ජයග්‍රහණ එකකට එකක් දෙවෙනි නොවන බව පැහැදිලියි.

මේ සියලු දක්ෂතා නිසාම අවසානයේ, ඔහු ඇතුළු ඔහුට ආදරය කළ අය බලාපොරොත්තුවෙන් සිටි මොහොත එළඹුණා. කෙටි කලකින් දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට කැඳවනු ලැබුවා. ඔහුට ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගැනීමට ලැබුණේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේදී.

ඉන්පසු මේ මොහොත දක්වා දුනිත්ගේ කතාව පිළිබඳ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන් විතරක් නෙවෙයි ලෝකවාසී ක්‍රිකට් රසිකයනුත් දැනුවත්. වෙනදාටත් වඩා මේ මොහොතේ ඒ හැමෝගෙම අවධානය නොබිඳුණු නොසැලුණු දුනිත් වෙල්ලාලගේ නම් දක්ෂ ශ්‍රී ලාංකිකයා දෙස යොමු වී තිබෙනවා.

එම නිසාම මේ මොහොතේ දුනිත්ගේ අතීතය මෙතෙක් පැහැදිලි කතාන්දරයක් යැයි කීම සාධාරණයි. ඔහුගේ වර්තමාන සහ අනාගත කතාව තවදුරටත් ලියැවෙමින් පවතිනවා. එය ලියන්නේ දුනිත්..! ඒ වෙනුවෙන් ඔහුට ශක්තියක් වෙන්න සිටින ශ්‍රී ලාංකික හදවත් මිලියන විස්සකටත් වැඩියි.

රටක් ලෙස අපි සැම ඔහු දෙස බලා සිටින්නේ හැමදාමත් ආදරයෙන් ගෞරවයෙන්..!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top