ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ගාල්ලේ කරන්දෙණිය පදිංචි බොළඳ හකුරු මේනියල් මහතා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි මහතා පවසනවා.
එතුමාගේ නිජ භූමිය වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 95A අගුළුගල්ල ග්‍රාම නිලධාරි වසමය.
පැරණි ජාතික හැඳුනුම්පතට අනුව මේනියෙල් මහතා 1915 ජුනි මාසෙ හතර වැනිදා මෙලොව උපත ලබා ඇති අතර ඔහු දැන් අවුරුදු 110ක් වයසැති ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි.
ඔහු ලිවීමට කියවීමට හැකියාව ඇති, 5 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූවෙක්.
මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියාගේ නීරෝගිමත් දිවිපෙවෙතට හේතු වන්නේ වස විසෙන් තොර පෝෂණීය ආහාර රටාවකට හිමිකම් කියන ගමේ ඕනෑම නිෙවසක, පිරිතකට දානයකට නැතුවම බැරි අයෙක් බවත් ප්‍රදේශවාසීහු පවසති.
ඔහු වයස අවුරුදු අනූ පහක් වෙන තුරුම ගිහි පිරිත් සජ්ඣායනාවන්ට සහභාගි වුණු බව පවසන ඒ මහතා පාන්දරින්ම වත්ත පිටියේ වැඩට ගොස් කැත්ත උදැල්ල සමඟ හරි හරියට සමීප වූෙවක් බවයි පවුලේ සමීපතමයින් සඳහන් කළේ.
මේනියෙල් මහතා දරුවන් නව දෙනෙක්ගේ පියෙකි.
''වයස් ගත වුණත් කිසිදු ලෙඩක් දුකක් නොමැතිව නිරෝගිමත්ව සිය ජීවිතය ගත කරන්න ඔහුට පුළුවන් වෙලා. සරල දිවි පෙවෙත එයට හේතුවයි...'' ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ සියවස් දීමනාවේ සාඩම්බර හිමිකරුවෙක් වන මේනියෙල් මහතාගේ බිරිය මෙලොවින් සමු ගත්තත් දරු මුනුබුරන්ගේ නොමඳ ආදර සංග්‍රහ විඳිමින් ඔහු සැපසේ ජීවත් වෙන බව සඳහක් කළ යුතුව ඇත.