Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
01
මේ විසල් ලෝකය ඉදිවන්නේ නුඹටයි.. නුඹ වෙනුවෙන් ඒ ලොව සෑදූ ඔවුන් රැකගනිමු.. ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි..

- මේ විසල් ලෝකය ඉදිවන්නේ නුඹටයි.. නුඹ වෙනුවෙන් ඒ ලොව සෑදූ ඔවුන් රැකගනිමු.. ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

138 Views

අද ඔක්තෝබර් පළමුවැනිදා.. ලෝකයටම විශේෂ වුණු දවසක්.. 


මේ වැඩිහිටි පරපුර වගේම ළමා පරපුරට වෙන්වුණු මේ දවස ඇත්තෙන්ම සුවිශේෂී. "ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට" තේමාව යටතේ ලෝක ළමා දිනයත් "පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු" තේමාවෙන් ලෝක වැඩිහිටි දිනයත් අද සමරනු ලබනවා.

මේ අතර, ළමා සහ වැඩිහිටි ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සහ සුබසිද්ධීන් වෙනුවෙන් පූර්ණ වශයෙන් රජය කැපවෙමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අදට යෙදෙන ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් ජනාධිපතිවරයා සදහන් කළේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ යහපැවැත්ම වෙනුවෙන් රජය කටයුතු කරන බවයි.

දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම, ඔවුන්ගේ සිනහව මෙන්ම ප්‍රීතිය ජාතියේ බලාපොරොත්තුව බවත්, වැඩිහිටියන් මෙරට ප්‍රගමණය වෙනුවෙන් ලබා දුන් සහය ද ගෞරවයෙන් සිහිපත් කරන බව ජනාධිපතිවරයා සදහන් කළා.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, රටේ ජීවය ළමා පරපුර බවයි. එමෙන්ම දරුවන් වෙනුවෙන් සුවිශේෂ වගකීමක් රජයට පවතින බව ද ඇය සදහන් කළා.

එමෙන්ම, වැඩිහිටි ප්‍රජාවගේ නිරෝගී සුවය මෙන්ම ආරක්ෂාව ද තම ප්‍රාර්ථනය බවත් ඔවුන්ගේ මානසික යහපැවැත්ම මෙන්ම සෞඛ්‍ය පිළිබදව මෙන්ම ගෞරවනීය සමාජ වටපිටාවක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුබ පැතුම් එක්කරමින් සදහන් කළේ ජාත්‍යන්තර ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වසරේ එක ම දිනයක පැවැත්වීම අතිශයින් ම අර්ථාන්විත සැමරුමක් බවයි. එම දිනයේදී ළමයින්ගේ සහ වැඩිහිටියන්ගේ සුබ සිද්ධිය උදෙසා අප කළ යුතු දේ පිළිබදව පුළුල් සංවාදයකට යා යුතු බව ද විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ තවදුරටත් දැක්වෙනවා.

මේ අතර ලෝක ළමා දිනය සමරන අද වනවිට දරුවන් අතර පවතින විවිධ ගැටලු සහගත තත්වයන් රැසක් දක්නට ලැබෙනවා. විවිධ මානසික තත්වයන්, කායික ගැටලු මෙන්ම අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතය නිසා දරුවන් මුහුණදෙන අභියෝගය ද අති මහත්. විශේෂයෙන් නව යොවුන් වියේ දරුවන් මෙහිදී වැඩි අවධානමකට මුහුණ දී සිටිනවා.

මේ අතර වැඩිහිටියන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අද වැඩිහිටි දින සැමරුම වෙනුවෙන් එළිදැක්වෙන්නේ 2040 වනවිට මෙරට ජනගහනයෙන් 4 න් එකක් වැඩිහිටියන් බවට පත්වන පසුබිමකයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top