ලෝක ළමා දිනය දා වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අවසර ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්දන රාජපක්ෂ පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ලෝක ළමා දිනයට සමගාමීව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන වැඩසටහන් පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින්.
එම අවස්ථාවට අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ “ආදරයෙන් සුරකින්න අපට ලොව දිනාගන්න ” යන තේමාව යටතේ ලෝක ළමා දිනය සැමරීමට ජාතික සත්වෝද්‍යානය ද සූදානම් වෙමින් සිටින බවයි.
ඒ අනුව දෙහිවල සත්වෝද්‍යානය, පින්වල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානයට සහ රිදියගම සෆාරි උද්‍යානය යන උපායතන වයස අවුරුදු 12න් පහළ ළමුන් ඇතුළත් කර ගැනීම නොමිලේ සිදු කරන බවයි ඒ මහතා කියා සිටියේ.
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සියලුම උපායතනවල ලෝක ළමා දිනය සැමරීම උත්සවාකාරයෙන් සිදුකරනු ලබන අතර ඒ සෑම ආයතනයකම දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන්ද සූදානම් කර තිබෙන බවද එහි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා.