අගමැතිනියගේ තාත්තා මහනුවර බාන්ස් රත්වත්තේ දිසාව. අම්මා මහවෙලතැන්නේ වලව්වේ රොසලින් මහවෙලතැන්නේ කුමාරිහාමි. හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණිය ලෙස සිරිමාවෝ රත්වත්තේ මැතිනිය උපත ලැබුවා.
රත්වත්තේ පවුලේ අනිත් අය තමයි බාන්ස්, පැට්ට්‍රීසියා, මැකී, සීවලී සහ ක්ලිෆ්ඩ් රත්වත්තේ යන අය. ඇගේ පියා ආණ්ඩුකරණ කටයුතුවල නිරත වුණා. මව ආයුර්වේද වෙදකම් කළා.
සිරිමාවෝ මැතිනිය මුලින්ම බලංගොඩ පහළ බාලාංශයේ ඉගෙනුම ලැබූ අතර පසුව රත්නපුරයේ පර්ගියුසන් උසස් පාසලේ හා කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ඉගෙනීම ලැබුවා. ඇය ඉතා චාම් ජීවිතයක් ගත කළ රාජ්‍ය නායිකාවක්.