Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
27
පාසැල් පෙළ පොතට මෙන්ම වේදිකාවටත් ගිය 'බරවාකුඹුකේ සියදෝරිස්' ගේ වික්‍රමය ...

- පාසැල් පෙළ පොතට මෙන්ම වේදිකාවටත් ගිය 'බරවාකුඹුකේ සියදෝරිස්' ගේ වික්‍රමය ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5 Views

බරවකුඹුකේ සියදෝරිස්ට දැන් වයස අවුරුදු 94යි.


කාටත් අමතක වුණු උස්වැව ඉදන් බරවකුඹුකට ගොස් වාරි ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්ගේ පවා පටි රෝල් කළ සියදෝරිගේ වික්‍රමය.
පාසැල් පෙළ පොතට මෙන්ම වේදිකාවටත් ගිය ළමුන් හා රට්ටු නොදුටු බරවකුඹුකේ සියදෝරිස් අද ලෙඩින්.


‘බරවාකුඹුකේ සියදෝරිස්” මුළු ලොවක් හඳුනාගත් අපූරු වීරයෙකි. ඔහු වාරි ඉංජිනේරුවන්ට පවා ඉටුකළ නොහැකි යැයි පවසා අතහැර දැමූ මුඩු බිමක් සරු බිමක් බවට පත් කරමින් අක්කර 100කට වැඩි බිමක් අස්වැද්දිමට ඇලක් කපා ජලය ගෙනා අපූරු ගොවි මහතෙකි.

පාඨක ඉල්ලීම මත පසුගිය දින යළිත් අප ඔහු සොයා ඔහුගේ නිවසට ගියා. අද වන විට ඔහු අසනීපව එක්තැන්ව සිටියි. මහා මෙහෙවරක් කළත් අද ඔහු සිය දරුවන්ගේ පිහිටෙන් ජිවිතය ගෙන යයි.

ඇතැමෙක් සිතුවේ ‘සියදෝරිස් චරිතය” ප්‍රබන්ධයක් බවයි

මේ අපූරු ගොවි මහතාගේ වීරක්‍රියාව පිළිබදව 10 වැනි ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍ය පොතේ 10 වැනි පාඩම ලෙස පාසැල් පෙළ පොතට එක් කර තිබූ නමුත් කිසිවෙකුත් ඔහු හැබැහින් දැක තිබුණේ නැත.

ඇතැමෙක් සිතුවේ ‘සියදෝරිස් චරිතය” ප්‍රබන්ධයක් බවයි.එවන් තත්ත්වයක් තුළ අප ඔහු සොයා ගොස් රටටම ඔහු පිළිබඳව හෙළිදරව් කිරිමත් සමඟ වර්තමාන තරුණ පරපුර අතර මෙන්ම බොහෝ නිලධාරින්ගේද ඇස් ඇරවිමට එය සමත් වුණා.

චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය යටතේ බරවකුඹුක,අබේසේකරගම ඉඩම් ලබා පැමිණි සියළුම දෙනාට එදා අත් වුයේ අවාසනාවන්ත ඉරණමක්. ඒ චන්ද්‍රිකා වැවෙන් පැමිණි මහ ඇලේ ජලකඳ මෙම ඉඩම්වලටත් වඩා පහළින් ගමන් කිරිමයි. මේ හේතුව නිසාම එවකට සිටි වාරි ඉංජිනේරුවන් පවා මෙම ගමට ජලය සැපයිමට නොහැකි බව දිගින් දිගටම සනාථ කරන්නට වුණා. මේ නිසාම සරු බිමක් මුඩු බිමක් බවටත්, ගොවි පරපුරක් කුලීකාරයන් බවටත් පත්වුණා. නිළධාරීන්ගේ නොසැලකිල්ල නිසාම රත්තරන් පොළොවක් යකඩ පොළොවක් බවට පත්ව තිබුණා. ඉඩම් ලබා පැමිණි ගොවියෝ ද තමන්ට ලැබුණු ඉඩම් කැලෑවදින්නට දි අල්ලපු ගමේ ඉඩම්වලට කුළියට ගොස් කියක් හරි හොයාගෙන ජිවිතය ගැටගහගන්නට වුණා.

සියදෝරිස්ට දැන් වයස අවුරුදු 94ක්

බරවකුඹුක අබේසේකරගම පදිංචි සමරප්පුලිගේ සියදෝරිස් නොහොත් බරවකුඹුකේ සියදෝරිස්ට දැන් වයස අවුරුදු 94ක්. සියදෝරිස්ගේ උපන් ගම උස්වැව මැටිගත්වලයි. සහෝදර සහෝදරියන් 08 දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා වුයේ සියදෝරිය. ඉතාමත් කටුක දිවියක් ගෙවූ සියදෝරිස් ඇතුළු පවුලේ උදවියට ඉඩමකට කියා තිබුණේ අක්කර කාලකටත් වඩා අඩු බිම් ප්‍රමාණයක් පමණි. පවුලේ සාමාජිකයින් 08 දෙනාට ගොවිතැනක් කරගෙන ජිවත් වීමට තරම්වත් එම ඉඩම ප්‍රමාණවත් වුණේ නැහැ.

සියදෝරිස්ගේ ගමේ පිහිටි ඉඩම්වලින් හතරෙන් තුනක්ම අයිතිව තිබුණේ ගමේ පන්සලට හා බළපුළුවන්කාර පවුල් කිහිපයකටයි. අන් සියළුම දෙනා ගමේ පදිංචිව සිටියේ කුඩා ඉඩම් කැබලිවලයි. පාසැල් අධ්‍යානයත් හරිහැටියට නිමා කර ගැනිමට නොහැකි වු සියදෝරිස් තමන්ට වයස අවුරුදු 25දී පමණ දොන් පේලිගේ චාර්ලිනා සමග විවාහ වුණා.

පවුලේ සාමාජිකයින් වැඩි වීමත් සියළුම දෙනාට අක්කර කාලකටත් වඩා අඩු පුංචි ඉඩමේ ජීවත් වීමට බැරි නිසාත් දිනක් සියදෝරිස් හම්බන්තොට කච්චේරියට ගියේ තමන්ට ඉඩමක් ලබා දෙන්නැයි ඉල්ලීමටයි.

එදින ඉඩම් කච්චේරියට ගිය සියදෝරිස්ගෙන් ලියමන් කිහිපයකටම අත්සන් ලබා ගත් නිලධාරීන් පසුව දැනුම් දෙන්නම් කියා සියදෝරිස් පිටත් කර යැවිණි.‍

මාස කිහිපයක් ගතවීම නිසා සියදෝරිස් බිරිය සමඟ ද පැවසුවේ ‘ආණ්ඩුවේ කන්තෝරුවෙන් ලියමනක් එනකම් බලාගෙන හිටියොත් අපි පරාදයි. ඒ නිසා හෙටම යන්න ඕනේ කච්චේරියට අයේමත්’ කියායි.

‘මෙන්න බන් උඹට ආණ්ඩුවේ කන්තෝරුවකින් ලියුමක් ඇවිත්’

එසේ කියු සියදෝරිස් පසුදින උදෑසන පිටත් වුයේ කච්චේරියට යන්නටයි. සිය නිවසේ සිට උස්වැව දෙසට යමින් සිටි සියදෝරිස්ට පියුම් මහතා ලියමනක් ගෙනත් දුන්නේ ‘මෙන්න බන් උඹට ආණ්ඩුවේ කන්තෝරුවකින් ලියුමක් ඇවිත්’ කියමින්. අකුරු සාස්තරේ හරියට නොදත් සියදෝරිස් ඔහු ලවාම එය පරීක්ෂා කරගන්නට කටයුතු කර තිබුණා.

එහි සඳහන්ව තිබුණේ තමන්ට බරවකුඹුක අබේසේකර ගමින් ඉඩම් ලැබි ඇති බවයි. ලියමනේ තිබූ කරුණ ඇසූ සියදෝරිස්ගේ සතුට ඉහවහා ගියා. වහා කකුල ඉක්මන් කර ඉඩම් කච්චේරියට ගිය සියදෝරිස් සියල්ල සැකහැර දැනගත්තා. එහිදී ඉඩම් කච්චේරියේ නිලධාරින් තමන්ට කුඹුරු අක්කර 03ක් හා ගොඩින් අක්කර 02ක් හිමිව ඇති බව පැවසුවා.

ඉන්නේ කොහිද කියාවත් අමතක වු සියදෝරිස් “අක්කර කාලෙන් කාලකටවත් හිමි කමක් නොලැබුණු මට අක්කර 05ක් ලැබුණා “ යැයි කෑ ගසා කියන්නට වුණාලු.

ඉහවහාගිය සතුටින් නිවසට ගිය සියදෝරිස් තම ඥාතීන්ටද මේ ගැන කීවා. සියදෝරිස්ගේ පවුලේ කිසිවෙකුටත් මේ තරම් ලොකු ඉඩමක් නොතිබිණි. සියළුම දෙනාට මෙය හීනයක් වගේ වුණා. ආයේ දවසක්වත් පරක්කු නොකර සියදෝරිස් සිය බිරිය සමඟ පහුවදාම බඩු මුට්ටු ටික ලොරියක පටවාගෙන අබේසේකරගමට ගිය‍ා. ඒ වන විට සියදෝරිස්ට වයස අවුරුදු 27ක් පමණයි. තමන්ට ලැබුණු ඉඩමට පැමිණි සියදෝරිස්, බිරිය සමඟ පැල්කොටයක්ද අටවාගෙන එහි පදිංචි වුණා. තමන්ට ලැබුණු ඉඩම වටා සතුටින් එහා මෙහා ඇවිද යන ගමන් සියදෝරිස් බිරියට කීවේ ‘මෙය රත්තරන් පොළොවක්” කියායි. කෙසේ නමුත් වැඩිකල් යන්නටත් මත්තෙන් රත්තරන් පොළොවක් කියා හැඳින්වු බිම යකඩ පොලොවක් යැයි සියදෝරිස්ම කියන්නට වුණා. ඒ මෙම ඉඩම් සඳහා වතුර නොලැබිම නිසයි.

නිවසේ වු ඇඳක් මත වැතිරී සිටි සියදෝරිස්ට දැන් වයස 94ක්. දරු මුණුබුරන්ගේ පිහිටෙන් තමන්ගේ වැඩ පල කරගන්නා සියදෝරිස් එදා අතීත කතාව අපත් සමඟ කීවේ විටෙක සතුටු වෙමිනුත් තවත් වරෙක කණගාටුවෙනුත්ය.

‘අපිට ඉඩම් ලැබුණේ චන්ද්‍රිකාවැව ව්‍යාපෘතිය යටතේයි. ඒ 1958 දීයි. මමත් එක්ක තව පවුල් 38ක් මේ ගමට පදිංචියට අවා. එක් පවුලකට අක්කර 05ක වෙන්න ලැබුණා.

අපි ඉඩම් ලැබිලා ආව පවුල් 38ම වතුර නැති නිසා අපිට වගාවක් කරන්න විදියක් තිබුණේ නෑ

අපි එනකොට මේ මුකලානේ හිටියේ අලි කොටි වලස්සු විතරයි. කොහොම නමුත් අපි ඇවිත් කැලෑ කපලා කියලා වගා කරන්න සූදානම් වුනත් අපිට වතුර ලැබෙන්න විදියක් තිබුණේ නෑ. චන්ද්‍රිකාවැවෙන් එන මහ ඇල ඒ වනවිටත් පිහිටලා තිබුණේ අපේ ඉඩම්වලටත් වඩා ගොඩාක් පහතින්. ඒ කාලේ තිබුනේ ගංගා නිම්න සංවර්ධන ව්‍යාපෘතිය කියලා එකක්. පස්සෙදි ඔය මහවැලිය කියලා එකක් ආවේ. අපි ඉඩම් ලැබිලා ආව පවුල් 38ම වතුර නැති නිසා අපිට වගාවක් කරන්න විදියක් තිබුණේ නෑ. මාස් කන්නයට වැස්ස බලලා මොනවා හරි ගොඩ භෝගයක් දමා ගත්තොත් විතරයි. ඒ හැරුණම අපි සියළුම දෙනාට වුනේ ඉඩකඩම් තියාගෙන අහල පහළ ඉඩම්වල කුළියට යන්න විතරයි.

මට මේක රුස්සන්නේම නැති නිසා මම නිකන් හිටියේ නෑ. මම දවස ගානේ ආණ්ඩුවේ කන්තෝරුවල ඉන්න ලොකු ලොකු මහත්තුරුන්ට මේ දුක් ගැනවිල්ල කියලා පෙත්සම් ලිවුවා. මම අපේ මේ ඉඩම්වලට වතුර දෙන්න කියලා ලියපු පෙත්සම් තැපැල් කරන්න වියදම් වෙච්ච මුදල් ප්‍රමාණය මාසයක් කුළියට ගිහින් හම්බ කළ මුදලටත් වඩා වැඩියි.

“මේ ඉඩම් දමලා ගහලා කොහොට හරි යමු”

කොහොම හරි මගේ පෙත්සම්වලට විවිධ නිලධාරින් වගේම ඉංජිනේරු මහත්වරු ගමට ආවා. ඒ ආව හැම කෙනාම කිව්වේ මේක කරන්න බැරි වැඩක් කියායි. ගමට ආව නිලධාරීන් අපේ බලාපොරොත්තු සුන් වෙන විදිහට කතා කරලා දමලා ගහලා ගියා. අපි වසර 07කට ආසන්න කාලයක් මේ විදියට දුෂ්කර ජිවිතයක් ගෙවුවා. බොන්න හා වෙනත් වැඩවලට වතුර ටිකක් ගේන්න කිලෝ මීටර් හය හතක් පාපැදිවලින් වලවේ ගඟට යන්න සිදු වුණා.

“මේ ඉඩම් දමලා ගහලා කොහොට හරි යමු” කියලා බිරිඳ නිතරම මට කිවුවා. ඒත් ඒ වෙලාවේ මම කිව්වේ මේ ඉඩම්වල තියෙන රත්තරන් යට ගිහිල්ලා .බොරළු මතු වෙලා තියෙන්නේ කියලා. මේක රත්තරන් පොළොවක්. අපි බලමු මේ පොළොවේ රත්තරන් මතු කර ගන්න කියායි.

මේ වෙනකොට මගේ බිරිඳත් අබේසේකර වෙද ගෙදර වැඩට යනවා.

ඉතින් වෙද ගෙදරින් හාල් පොල් ටිකක් එළවලු ටිකක් අපිට දින දෙක තුනකට සැරයක් ලැබෙනවා. එදා පෝය දවසක්. වෙන යන්න කුළී වැඩකුත් තිබුණේ නෑ. මම උදැල්ලත් කර තියාගෙන ඒ අසල තියෙන රොටවැවට ගියා. එහි ගිහින් අපේ ඉඩම් දිහා බලනකොට මහ දුරකුත් නෑ වගේ මට පෙනුණේ.

මම යන්නේ කොහෙද උදැල්ලත් මගේ කරේ තිබුණා

රොටවැව දිගේ ඇවිදගෙන ගිය මට දකින්න ලැබුණේ රොටවැවේ පිටවානෙන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගලාගෙන යන මහා වතුර කඳක්. මට හිතුණා මේ වතුර ටික අපේ ඉඩම්වලට ගෙනියන්න තිබුණ නම් හොදයි කියලා. මම ඇස් මට්ටමට රොටවැවවේ පිටවානේ සිට අපේ ඉඩම් දෙසට බැලුවා. ඒ කාලේ උදැල්ල කියන්නේ මගේ ශරීරයේ කොටසක් වෙලා තිබුණේ. මම යන්නේ කොහෙද උදැල්ලත් මගේ කරේ තිබුණා” යැයි සියදෝරිස් සිනාසෙමින් කීවා.

රොටවැව පිටවානේ ඉදන් ඉඩම් දෙස බැලූ සියදොරිස්ට සිතේ කෙටූ විදුලියක් මෙන් රොටවැවේ පිටවානෙන් අපතේ යන ජලකඳ සිය ඉඩම් දෙසට ගෙනියන්නට අදහසක් පහළ වුණා. පිටවානේ සිට ඉඩම දෙස බැලූ විට හැතැක්ම බාගෙකට වැඩිය දුරක් පෙනෙන්නට නොමැත. සියදෝරිස් තමන් අත තිබු උදැල්ලෙන් පිට වානේ සිට මඟ ලකුණු කරමින් සිය ඉඩම් දෙසට ගියා. තැන තැන කැපුවා. වතුර ගෙනියන්න පුළුවන් ඇලක් කැපීමට සියදෝරිස් මඟක් ලකුණු කළා. රොටවැවේ පිටවානේ සිට මඟක් ලකුණු කරමින් ඉඩමට පැමිණි සියදෝරිස් යළිත් වැව දෙස හැරි බැලුවා.

.“මට වරදින්න විදියක් නෑ. මට ඕන විදියට තමයි පොළොව පිහිටලා තියෙන්නේ“

මේ වන විට සියදෝරිසගේ බිරිඳත් ඉඩමට පැමිණි තිබුණා.“මට වරදින්න විදියක් නෑ. මට ඕන විදියට තමයි පොළොව පිහිටලා තියෙන්නේ“ යැයි සියදෝරිස් තමන්ටම කියාගත්තා. ඒ වන විටත් ඉඩමට පැමිණ සිටි බිරියටද මෙය ඇසුණි.

“මොකක්...ඔළුව නරක් වේගෙන එනවද?“ බිරිය සියදෝරිස්ගෙන් ඇසුවා.

“ඔළුව නරක් වේවි තව කලක් මෙහෙම හිටියොත්” සියදෝරිස් සිනාසෙමින් බිරිඳට කීවා.

“ඇලට උඩින් අපේ ඉඩම් පිහිටලා තියෙන නිසා මහ ඇලෙන් වතුර ගන්න බැ අපේ ඉඩම් වලට. අනික ලොක්කන්ට ඕනි කමක් නෑ අපිට වතුර අරගෙන දෙන්න. උන්නැහේලට ඕනේ නෑ මේක කරන්න. වතුර ඕනේ අපිට. ඒක අපිම කරගන්න ඕනේ” සියදෝරිස් උස් හඬින් බිරියට කිවා.

“දැන් ඉතින් ඔය මොකද්ද කරන්න යන්නේ?” සියදෝරිගේ බිරිය විමසුවා.

“වෙන මොකක් කරන්නද.ඇලක් කපන්න හදන්නේ” ඔහු කිව්වා.

රොටවැවේ පිටවානේ සිට ඇලක් ලකුණු කළ සියදොරිස් එදින රාත්‍රියේ අසල්වැසියන්ටද මේ ගැන කිව්වා. එහිදී බොහෝ දෙනෙකු කීවේ,

“අනේ පලයන් සියදෝරිස් පිස්සු කතා නොකර. ඕකට ගත කරන්න අපිට වේලාවක් නැහැ. අපිට වැඩ තියෙනවා” යනුවෙන්.

එතැන් සිට සියදෝරිස් යළිත් අප සමඟ මේ අපූරු කතාව මෙලෙස විස්තර කළා.

“ගොන් බඳින කණුවක් බං උඹ“

“මට ඕනි වුණේ කුළී වැඩෙන් නිදහස් වෙලා මගේම කියලා කුඹුරක් කරගෙන ඉන්න. පහුවෙනිදා උදේ මං උදැල්ලත් අලවංගුවත් අරගෙන ගිහින් පෙරදින මම ලකුණු කළ මාර්ගය කැපුවා. එතනින් යන එන අය මට “ගොන් බඳින කණුවක් බං උඹ“ කියා බැන්නා.

මම ඒ එකක්වත් ගණන් ගත්තේ නැතිව ඇල කැපිම කලා. ඒ වෙලාවේ හම්බන්තොට හිටපු මහ ලේකම්තුමා මෙතනට ඇවිත් කිවුවා සියදෝරිස් මෙක නවත්තන්න කියලා. මේ විදියට ඇලවල් කපන්න දෙන්න බෑ. මම තමුන්ට විර්ද්ධව නිතිය ක්‍රියාත්මක කරනවා කියලා මට මහා ගෝරනාඩුවක් දැම්මා.

“අපතේ යන වතුර ටිකක් ගන්න එක වරදක් නෙමෙයිනේ. ඒ නිසා ඔබතුමාට කැමති දෙයක් කරගන්න” කියලා මම මගේ පාඩුවේ ඇල කැපුවා. නිතර නිතර නිලධාරින් ඇවිත් මට විවිධ හිරහැර කරන්න හැදුවා. මම ඒ එකකටවත් බය වුණේ නෑ. මම කිව්වා මහ උළුගෙදර ගියත් කමක් නෑ මම මේ වැඩේ නවත්වන්නේ නෑ කියලා. ආව මහත්තුරුන්ටත් එහෙම කීවා. දවසක් පො‍ලෝසියේ ලොකු මහත්තයෙක් ආවා. මාව අරගෙන යන්න කියලා. ඒ මහත්තයා මේක දැකලා පුදුම වුණා. මාස තුනකට ආසන්න කාලයක් මම ඇල කැපුවා.

‘මේකෙන් වතුර ඒවිද දන්නේ නෑ නේද”

අතරමගදි මට සහායට දෙන්නෙක් ආවා. මම කොහොම හරි රොටවැවේ පිටවානේ ඉඳන් ඉඩමට යනකම් ඇලක් කැපුවා. පිටවානෙන් පිටවන වතුර හා කැපූ ඇල එකට යා වන තැන එකට සම්බන්ධ කරන දිනයේ මම සියළුම දෙනාට එන්නැයි කිවුවා. ඒ වෙලාවෙත් එතැනට ආව බොහෝ දෙනෙක් කිවුවේ ‘මේකෙන් වතුර ඒවිද දන්නේ නෑ නේද” කියලයි.

“සියදෝරිස් අයියා දින්නා“

මම ඇල එකට සම්බන්ධ කරනකොට ජලය හෙමි හෙමින් ඇල දිගේ ගලාගෙන ගිහින් ඉඩම් වලට වතුර වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ ඒක දැක්ක බොහෝ දෙනෙක් “සියදෝරිස් අයියා දින්නා“ යනුවෙන් කැ මොර දුන්නා. ඒ වෙලාවේදි මම හැමෝටම ඇහෙන්න කිව්වේ “සියදෝරිස් දින්නා නෙමෙයි බොලවු අපි සියළුම දෙනා දිනුවා“ කියලයි.

“රන් පවුම් දෙන්න වටින වැඩක් මේ කරලා තියෙන්නේ”

සියදෝරිස්ගේ මේ වික්‍රමය දැනගත් ගමේ ජනපද නිලධාරීවරයා වු ගාමිණි ජී. පුංචිහේවා මහතා ද එතැනට ආවා.ඔහුගේ පැමිණීම දුටු ඇතැමෙක් කියන්නට වුයේ මේ කළ වැඩේට සියදෝරිස්ට හිරකූඩුවේ ලගින්න වේවිද දන්නේ නෑ කියායි. කෙසේ වෙතත් සියදෝරිස් අසලට පැමිණි ජනපද නිලධාරියා සියදෝරිස්ගේ දෑත සිඹ “රන් පවුම් දෙන්න වටින වැඩක් මේ කරලා තියෙන්නේ” යැයි ප්‍රශංසා කරන්නට වුණා.

‘බරවකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය”

එදා සියදෝරිස්ගේ වීරක්‍රියාව ‘බරවකුඹුකේ සියදෝරිස් ව්‍යාපාරය” නමින් ප්‍රකට වුණා. එදා සියදෝරිස් කුඩාවට කැපු ඇල ගම්මුන් සියළුමදෙනා එක්ව හාරා යළි අඩි තුනක් දක්වා පළලට සංවර්ධනය කෙරුණා. ජනපද නිලධාරීයා විසින් ඒ සදහා අවශ්‍ය පහසුකම් සැපයුවා. සියළු දෙනාගේ ආශිර්වාදය නැතුව වුණත් සියදෝරිස්ගේ උත්සාහය නිසා අක්කර 100කට වැඩි බිම් ප්‍රමාණයක් යල - මහ කන්න දෙකේ වගා කෙරුණා. අවසානයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම වි අස්වැන්නක් ලබා ගත් කුඹුරුයාය බවටද මෙය පත්වුණා. එදා පවුල් 38ක් සදහා සෙත සළසමින් ජලය සැපයූ ඇල මාර්ගය අද වන විට පවුල් 70කට වැඩි ප්‍රමාණයකට සෙත සළසමින් තිබෙනවා.

එදා මහ පොලොව සමඟ හරි හරියට ඔට්ටු වු සියදෝරිස් අද වන විට වයෝවෘද්ධව සිටිනවා. වෙනදා මෙන් උදැල්ල සමඟ ඔට්ටු වෙන්නට තරම් වාරුවක් සියදෝරිස්ට නෑ.

“ඔබට ලෝකයේ ප්‍රියතම හඬ කුමද්ද?” යැයි එදා මෙන් අදද ඔහුගෙන් කවරෙකු හෝ ඇසුවොත්, ඔහුගේ පිළිතුර වූයේ මෙයයි.

“මට තියෙන මිහිරිම හඬ තමයි අන්න අර ඇලේ වතුර බහින හඬ”

“මට තියෙන මිහිරිම හඬ තමයි අන්න අර ඇලේ වතුර බහින හඬ”

සියදෝරිස්ගේ මේ අපූරු වික්‍රමය ගැන පාසැල් පෙළ පොතේ සඳහන්ව තිබුණත් කිසිවෙකුත් සියදෝරිස් පිළිබදව හඳුනන්නේද නැත. අහල පහල ටික දෙනකු හැරුණු කොට කිසිවකුත් අදටත් සියදෝරිස් දැක කතාබහ කර හෝ පාඩමට අදාළවවත් පාසැල් මට්ටමින් හෝ පැමිණ සියදෝරිස් සමඟ කතාබස් කර නැත. සිංහල විෂය උගන්වන ගුරුවරුන් කිහිප දෙනෙකුගෙන්ම අප මේ කතාව පිළිබදව මෙන්ම කතා නායකයා පිළිබඳවද විමසුවෙමු. එහෙත් ඒ හැමෝගෙම පිළිතුර වුයේ “සියදෝරිස් කියා කෙනෙක් ඉන්නවාද?” කියායි.

සියදෝරිස්ටත් හොරා ඔහුගේ වීරක්‍රියාව පාසල් පෙළ පොතට එද්දී සියදෝරිස්ගේ කතාව වේදිකා නාට්‍යයක් ලෙසද කළ එළි දැක්වුණා. ඒ දෙනගම සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද විශේෂාංගයක් යටතේ ජගත් මුතුකුමාරණ මහතා විසින් මෙම අපූරු චරිතය නාට්‍යක් බවට පත් කරමින්. සියදෝරිස් සොයා යන ගමනේදී අපට එම්.ජී.කරුණාදාස මහතා දැක් වු සහාය මෙහිදී අතිශයෙන්ම අගය කළ යුතුයි. ඒ ඔහු නොසිටින්නට අපටද සියදෝරිස් සොයාගත නොහැකි වන නිසායි. එදා මහා වික්‍රමයක් කළ සියදෝරිස් අද දරුවන්ගෙ සහායෙන් ජිවිතයේ සැදෑ සමය ගත කරමින් සිටී.

පළාතක් අස්වද්දන්න කටයුතු කළ මේ අපූරු චරිතය අද සියලු දෙනාටම අමතකව ගොසින්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top