එංගලන්තයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය විසින් ඊජිප්තු මදුරුවාගේ (Aedes aegypti) සහකොටි මදුරුවාගේ (Aedes albopictus) බිත්තර මෙලෙස සොයාගත් බවයි එරට වාර්තා පවසන්නේ.
නිවර්තන කලාපීය මාරක රෝග පතුරන මෙම මදුරු විශේෂයන්ට ඩෙංගු උණ (dengue fever), චිකුන්ගුන්යා (chikungunya) සහ සිකා වෛරස් (Zika viruses) යන රෝග රැගෙන යාමට හැකියාව පවතිනවා.
වසර පහක අධීක්ෂණයකින් පසුව, එංගලන්තයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියවිසින්2023 දී පළමු වරට ඊජිප්තු මදුරු බිත්තරහීත්‍රෝ ගුවන්තොටුපළ අසල භාණ්ඩ ගබඩා පහසුකමකදීසොයා ගෙන තිබුණා.
ඊට පසු වසරේ එනම් 2024 සේවා ස්ථානයක් අසලින්කොටි මදුරු බිත්තර හමු වී තිබෙනවා.
2020 සිට 2025 දක්වා කාලය තුළ එංගලන්තයේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සියේ පර්යේෂකයන් දිවයින පුරා මුහුදු වරායන්, ගුවන් තොටුපළවල් සහ මහාමාර්ගවල ප්‍රවාහන මධ්‍යස්ථානවල විශේෂිත කෘමි උගුල් ස්ථාපනය කර තිබෙනවා.
මීට පෙර ඊජිප්තු මදුරුවා සහ කොටි මදුරුවා අප්‍රිකාවේ සහ ආසියාවේ උපනිවර්තන කලාපවලට පමණක් සීමා වී තිබුණා.
කෙසේ වෙතත්, රෝග වාහක මෙම පීඩාකාරී සතුන් දැන් ඔවුන්ගේ ස්වදේශික භූමියෙන් ඔබ්බට ව්‍යාප්ත වී ඇති අතර, කොටි මදුරුවන් දකුණු හා මධ්‍යම යුරෝපයේ ජනගහනයන් ස්ථාපිත කර තිබීම පිළිබඳ අවධානය යොමුව ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
වර්තමාන සාක්ෂිවලින් පෙනී යන්නේ මෙම සිදුවීම්සීමිත ආක්‍රමණබවත්, කොටි මදුරුවා හෝ ඊජිප්තු මදුරුවා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත වී නොමැති බවයි.
කෙසේ වෙතත්, උණුසුම් වෙමින් පවතින දේශගුණය සහ වැඩි වැඩියෙන් මෘදු වන ශීත කාලගුණයහේතුවෙන් මෙම ආක්‍රමණශීලී විශේෂයන් බ්‍රිතාන්‍යයේ ස්ථාපිත වීමේ අවදානමක් පවතින බවට විශේෂඥයෝ කනස්සල්ල පළ කරනවා.
ලිවර්පූල් විශ්ව විද්‍යාලයේආක්‍රමණශීලී මදුරුවන් ව්‍යාප්ත වීම පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය සිරිල් කැමිනේඩ් ප්‍රකාශ කළේ, “මෙම විශේෂයන්ගේ පැවැත්ම අනාගතය සඳහා අනතුරු ඇඟවීමක්.මන්ද දේශගුණික විපර්යාස තත්ත්වයන් එක්සත් රාජධානිය තුළ විශේෂ දෙකටම වඩාත් සුදුසු වෙනවා”.
මෙයජර්මනිය, ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය වැනි රටවලින් මෝටර් රථවල හෝ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන්වල මදුරුවන් කිහිප දෙනෙකු ඒම නිසා සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.
ග්ලාස්ගෝව් විශ්ව විද්‍යාලයේබෝවන රෝග පරිසර විද්‍යාඥයෙකු වන මහාචාර්ය හෙදර් ෆර්ගියුසන් පවසන පරිදි, එංගලන්තයේ කොටි මදුරුවාහඳුනා ගැනීම වැදගත් වන නමුත් එයක්ෂණික මහජන සෞඛ්‍ය අවදානමක්නොවිය හැකියි.
මෙම මදුරු විශේෂය අසල්වැසි යුරෝපීය රටවල් කිහිපයක සිටින අතර පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ බොහෝ ප්‍රදේශවලට වේගයෙන් ව්‍යාප්ත වී තිබෙන බව ද සඳහන්.
මහාචාර්ය ෆර්ගියුසන් තවදුරටත් කියා සිටියේ, වෛරස් සම්ප්‍රේෂණය වීමට නම්, මදුරුවන් සිටීම පමණක් ප්‍රමාණවත් නොවනබවයි.
වෛරස්වලට මදුරුවන් තුළ නොනැසී පැවතීමට හා ව්‍යාප්තිය වැඩි කිරීමට ඉඩ සැලසීමට තරම් උෂ්ණත්වය ඉහළ විය යුතු බවත් හෙතෙම කියාසිටියා.
මෑත කාලීන රසායනාගාර සාක්ෂිවලින් පෙනී යන්නේ ඩෙංගු උණ පුළුල් ලෙස පැතිරීමට නම් සති කිහිපයක් සඳහා28-30°C ට වැඩි තිරසාර උෂ්ණත්වයක්අවශ්‍ය වන බවයි.
මේ අනුව, මෙම මදුරුවන්ගේ පැමිණීම මුලින් පෙනෙන තරම් බරපතල ගැටලුවක් නොවන බව පැවසෙනවා.
ආචාර්ය ස්ට්‍රෝඩ්පවසන්නේ මෙයවසංගත අවදානමක්නොව අනාගතයේදී ඇතිවිය හැකිදේශීයකරණය වූ රෝග පැතිරවීම්සම්බන්ධ අවදානමක් බවයි.