Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
04
මහින්දගේ වෙඩි නොවදින මෝටර් රථයත් භාරදෙයි ... ඒ ගැන ඇසෙන පුවත මෙන්න ...

- මහින්දගේ වෙඩි නොවදින මෝටර් රථයත් භාරදෙයි ... ඒ ගැන ඇසෙන පුවත මෙන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

568 Views

මෙරට පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ආරක්ෂකයින්ට රජයෙන් ලබා දී තිබූ සියලුම වාහන මේ වන විට යළි භාර දීම නිසා රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු වීඇති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ්‍ ගමගේ සඳහන් කරනවා.


ලබන සතියේදී මේ සම්බන්ධයෙන් ලිඛිතව පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දනුම්දීමට තීරණය කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබා දී තිබූ වෙඩි නොවදින මෝටර් රථයද රජයට භාර දීමට ඊයේ(03)කටයුතු කළ බවයි නීතිඥ මනෝජ්‍ ගමගේ සඳහන් කරන්නේ.


ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ට ගමන් කිරීමට ලබා දී තිබූ සියලු රථද මේ වන විට ආපසු රජයට භාරගෙන ඇති බවයි.

ඒ අනුව මේ වන විට ආරක්ෂකයින්ට ගමන් කිරීම සඳහා කිසිදු රථයක් නැතැයිද මනෝඡ් ගමගේ පෙන්වා දෙනවා.

ගිනි අවි සහිත ආරක්ෂකයන්ට පෞද්ගලික රථවල ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත් එම තත්ත්වය මත මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය යම් අනතුරුදායක තත්ත්වයකට පත්වී තිබෙන බවත් ඔහු පැවසුවා.

මහින්ද රාජපක්ෂ මහතා බැලීමට විශාල වශයෙන් පිරිස් තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණෙන බවත් ඊට අමතරව ඵ් මහතාට විවිධ උත්සව සඳහා ආරාධනා ලැබෙන බවත් මේ තත්ත්වයන් සලකා බලා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන බවත් මනෝජ්‍ ගමගේ සඳහන් කරනවා.

ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ලබා දුන් ජනාධිපතිවරයාට මෙවැනි ඉරණමක් අත්වීම ඉතාම කණගාටුදායක බවත් එම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කිරීම සියලුම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බවත් මනෝජ් ‍ගමගේ සඳහන් කරනවා

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව මේ ආකාරයට අඩු කරන්නේ කාගේ වුවමනාවට දැයි කියා බරපතළ ප්‍රශ්නයක් රට හමුවේ මතු වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ පිළිබඳව ලබන සතියේ ලිඛිතව අදාළ අංශ වෙත දැනුම් දෙන බවත් නීතිඥ මනෝජ් ගමගේ තවදුරටත් කියා සිටියා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top