ආදරය කියන්නේ මේ ලෝකේ මොන තරම් ප්‍රබල දෙයක්ද..? මෙය අසාමාන්‍ය දුක්බර ආදර කතාවක් නොවේ. එහි තවත් සැඟවුණු බොහෝ දේ තිබෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
වසර 52ක් විවාහ දිවියේ අවාසනාවන්ත අවසානයක් ගැනයි මේ කියන්න යන්නේ. බ්‍රිතාන්‍ය යුවලක් කන්දකින් පැන සියදිවි නසාගත් සංවේදී පුවතක් ගැන තොරතුරක් වාර්තා වුණේ සමාජ මාධ්‍ය ඇසුරෙන්.
නිතරම යොවුන් ආදර සබඳතා මෙලෙස සියදිවි නසාගැනීමේ පුවත් ලොව පුරා මැවුවට මෙවැනි ආදර කතා අසන්නට වන්නෙ ඉතාම කලාතුරකිනි බව මීට ආරම්භයක් ගැනීමේදීම ඔබටත් හිතෙනවා ඇති.
80 වැනි වියේ පසුවන David සහ 74 වියේ පසුවන Susan වසර 52ක් එක්ව සෙනෙහසින් තම යුග දිවිය ගෙවූවේ දුක සහ සතුට දෙකටම එක්ව මුහුණදෙමිනි. දරු මල්ලො නොමැති නිදහස් කුරුලු ජෝඩුවක් සේ ජීවිතයේ සැඳෑ සමය කරා පැමිණි ඔවුන්ගේ ජීවිතය හදිසියේම වෙනස් වෙලා. කුලී රථ රියදුරෙකු ලෙස පෙර සේවය කල Davidට අස්ථි පිළිකාවක් ඇති බව දැනගන්නට ලැබුනේ දෙදෙනාටම මහත් කම්පනයක් සහ දුකක් ගෙන දෙමින්ය.
රෝගී තත්වය නිසා වේදනාවෙන් සිටි වයසක David හට ජීවිතය ගැන වැඩි බලාපොරොත්‍තුවක් නොලැබුන නිසා රෝගය නිසා වේදනාවෙන් සිටියත් තම බිරිඳ සමග තව තවත් විනෝදයෙන් වැඩි කාලයක් ගත කරන්නට සිතුවේ නැවත ඔහුට එයට අවස්ථාව නොලැබෙන බව සිහිවන නිසයි. නමුත් ඔහු විඳින අධික වේදනාව Susanට දරාගත නොහැකිව ඇයද විඳවමින් ජීවත් වෙලා.
ඉතා ක්‍රියාශීලී උද්‍යෝග්මත් David දුර්වල දුක්බර පුද්ගලයෙකු වුනේ රෝගය නිසා බවත්, දිනක් David සහ Susan තම නිවසින් අත් අල්ලාගෙන පිටත් වුණා... ඒ ආදරයෙන් ගමන්කල ජීවිතයේ අවසන් ගමනයි.
තම නීතිඥයා හට ලියුමක් තබා තියා ඔවුන් මේ ගමන ගිහින් තියෙන්නේ ඉතාමත් සතුටෙන් කියලා තමයි මේ සිද්ධිය ගැන කතා කරන බොහෝ දෙනා කියන්නේ. ඒ ලියුමේ සටහන් වෙලා තිබුණේ මෙන්න මෙවැන්නක්..
"අපේ මරණයෙන් ඔබට කම්පනයක් ඇතිවේනම් එයට සමාවන්න , සූසන්ට මාත් සමග එන්න ඕනෙ කිව්වා "
ඔවුන් දෙපල Whitby කඳු මුදුන්ට ඇවිද ගොස් ඇත්තේ එක්ව ගෙවන අවසන් මොහොත ගෙවන්නටයි. අඩි 180ක් උස Whitby කන්දෙන් පහලට අත් අල්ලාගෙන පැනීමෙන් එම දෙපල දිවියට සමුදුන්නා..
සමාජමාධ්‍යයේ පළවුණු ලිපියක් ඇසුරෙන්..