ඔහුගේ කළවයස හරි නිසා කසාදයක් කරලා දෙන්න බොහෝ දෙනා මහසි වුණා.
මව්පියන්ගේ හිතට සහනයක් දෙමින් පුතු සොයාගත් අනාගත සහකාරිය පුතුගේ සේසත රැගෙන පලා ගිය පුවතක් ගැනයි මේ ඇසෙන්නේ.
සිද්ධිය වාර්තා වෙන්නේ ඈත ගම්බද පෙදෙසකින්.
පුතු පවුලේ වැඩිමලායි. රජයේ රැකියාවක නියැළෙන කඩවසම් පෙනුමැති අයෙවූ මොහුගේ කල දශාව ඉක්ම යන බැවින් හා මව්පිය දෙදෙනා රෝගී වන නිසා ගෙදර තනි නොතනියට මනාලියක ගෙන එන ලෙසට පවුලේ උදවිය නිතර නිතර ඔහුට ඇවිටිලි කළා.
මඟුල් කපුවන්ට පවා එම කාර්යය කර දෙන ලෙසට බාර දී තිබුණා.
ඒ අනුව මඟුල් කපුවන්, හිතවතුන් කොතෙක් යෝජනා ගෙනාවත් ඒ සියල්ලට ඔහු අකමැතිය. ඔවුනගේ කුමන හෝ අඩුවක් පෙන්වා දී ඔහු ඒවා ප්රතික්ෂේප කළ අවස්ථා එමටය.
මේ තත්වය හමුවේ වියපත් මව්පිය දෙදෙනා පසු වුණේ දැඩි කනස්සල්ලෙනි. එය පුතු ද දැන සිටියත් සුදුස්සකු නොමැති තැන හිත ගිය සහකාරියක දෙසට ඔහුගේ නෙත ගැටුණා.
ඒ නිවාඩුවට ගෙදර ඇවිදින් බස් රථයක අහම්බෙන් ගමනක් යන අතරවාරයේදීයි.
ඔහුගේ අසුනේම තරුණියක වාඩි වුණා. ඇයට ඔහු කතා කළා.
" නංගි ජොබ් එකක් කරනවාද?"
"ඔව් මං ටීචර් කෙනෙක්"
" කොහේද වැඩ කරන්නේ?"
" ඉස්සරහින් හමුවෙන පාසලේ ප්රාථමිකයේ මං උගන්වනවා."
" කොහේද ඉන්නේ? "
" මම බස් එකට නැගපු තැනම ඇති අතුරු පාරේ හැරෙන තැනම ඇති ගෙදර."
"ඔයා මැරි කරලද?"
" අපෝ නෑ. තව හිතලවත් නෑ."
" මම කැමතියි ඔයා බඳින්න. මොකද කියන්නේ?"
" හා.. එහෙමද? එහෙනම් ගෙදර අම්මලාගෙන් අහන්න ඕනෑ, ඔයා එන්න ගෙදර." ඇය කීවා.
ඔහු ඇයට සමීප විය. ඔහු ඇයගේ අත අල්ලා ගත්තා. පිරිමැද්දා. ඇය ද සහයෝගය දුන්නා. ඔහු මුද්ද ගැලෙව්වා. ඇයට දී ඇයගේ අතින් එය ඔහුගේ අතට දා ගත්තා. පසුව ඇය එම මුද්ද ගලවා ගත්තා. ඔහුට ඇයගේ අතට දමන්නට කීවා. ඔහුත් එය එලෙසම කෙරුවා. නියමයි. කිරලා මැනලා දැම්මා වගේයි.
" ඒක ආයේ ගලවන්න එපා. ඔහොම තිබියදෙන්. ඔයා අපේ ගෙදර එන්න. මං කැමතියි නම් ගෙදරින් ප්රශ්නයක් නෑ." ඇය කීවා. ඔහු ඇයට සමු දුන්නා. ඇය පාසල ඉදිරිපිටින් බැස්සා. ඔහුගේ පවුම් බාගයක පමණ රන් මුද්ද ඇයගේ අතේයි. ඔහු ඇයට වශී වූවාක් මෙනි. එය ඇයටම දී නොපමාව එන බව පවසා ඔහුත් ඇයට යන්නට ඉඩ දුන්නා. ඔහු තම ගමන ගොස් ගෙදරට ආවා.
පියාට, මවට මෙන්ම පවුලේ හැමෝටම සහකාරියක හමු වූ පුවත සැල කර සිටියා. මව්පියන්ට ද නිම් හිමි නැති සතුටක්. තම පුතු වැඩට යන්නට මත්තෙන් ඇයගේ ගෙවල් බලන්නට යාමට සැරසුණා.
තම නිවෙසට නුදුරු ගමක ඇති එම ඉසව්ව ඔවුහු සොයා ගියා. එවැනි නමක් ඇති පියකු හෝ ගුරුවරියක හතර දිග්භාගයක නැත. පසුව එකී පාසල සොයා ගියද, ඇය එහිද නැත.
වහසි බස්වලට පුතු අසු වී රන් මුදුවට ද කෙළවාගෙන ඇති බව වටහාගත් පියා ඇතුළු පිරිස වාහනයට නොදුටු මනාලියක වෙනුවෙන් හයර් එක ගෙවා හිස් අතින් ආපසු ගෙදරට ආවා.
" හා.. එහෙමද? එහෙනම් ගෙදර අම්මලාගෙන් අහන්න ඕනෑ, ඔයා එන්න ගෙදර. " ඇය කීවා.
ඔහු ඇයට සමීප විය. ඔහු ඇයගේ අත අල්ලා ගත්තා. පිරිමැද්දා. ඇය ද සහයෝගය දුන්නා. ඔහු මුද්ද ගැලෙව්වා. ඇයට දී ඇයගේ අතින් එය ඔහුගේ අතට දා ගත්තා.
පසුව ඇය එම මුද්ද ගලවා ගත්තා. ඔහුට ඇයගේ අතට දමන්නට කීවා. ඔහුත් එය එලෙසම කෙරුවා. නියමයි. කිරලා මැනලා දැම්මා වගේයි.
" ඒක ආයේ ගලවන්න එපා. ඔහොම තිබියදෙන්. ඔයා අපේ ගෙදර එන්න. මං කැමතියි නම් ගෙදරින් ප්රශ්නයක් නෑ" ඇය කීවාය. ඔහු ඇයට සමු දුන්නේය. ඇය පාසල ඉදිරිපිටින් බැස්සා. ඔහුගේ පවුම් බාගයක පමණ රන් මුද්ද ඇයගේ අතේය. ඔහු ඇයට වශී වූවාක් මෙනි. එය ඇයටම දී නොපමාව එන බව පවසා ඔහුත් ඇයට යන්නට ඉඩ දුන්නා. ඔහු තම ගමන ගොස් ගෙදරට ආවා.
පියාට, මවට මෙන්ම පවුලේ හැමෝටම සහකාරියක හමු වූ පුවත සැලකර සිටියා. මව්පියන්ටද නිමි හිමි නැති සතුටකි. තම පුතු වැඩට යන්නට මත්තෙන් ඇයගේ ගෙවල් බලන්නට යාමට සැරසුණි.
තම නිවෙසට නුදුරු ගමක ඇති එම ඉසව්ව ඔවුහු සොයා ගියා. එවැනි නමක් ඇති පියකු හෝ ගුරුවරියක හතර දිග්භාගයක නැත. පසුව එකී පාසල සොයා ගියද, ඇය එහිද නැත.
වහසි බස්වලට පුතු අසුවී රන් මුදුවට අහිමිකරගෙන ඇති බව වටහාගත් පියා ඇතුළු පිරිස වාහනයට නොදුටු මනාලියක වෙනුවෙන් හයර් එක ගෙවා හිස් අතින් ආපසු ගෙදරට ආවාලු.