සෙව්වන්දිට රටින් පිට වෙන්න ඒ අවස්ථාව ලබා දුන්නේ කවුද.? අන්න ඒ ගැන ඇසෙන තවත් එක් ආන්දෝලනාත්මක කතාවක් තමයි මේ.
අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේ මුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා යොදා ගත් බෝට්ටුව පොලිස් භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.
යාපනය අරාළි තුඩුව මුහුදු තීරයේ තිබී එම බෝට්ටුව පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
බෝට්ටු සපයා ඉෂාරා සෙව්වන්දිව ඉන්දියාවට පලා යාම සඳහා මඟ සැලසූ අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තාට අයත් එම බෝට්ටුව පිරියන්කා නමින් හඳුන්වන අතර බෝට්ටුව අශ්ව බල 400 එන්ජිමකින් යුක්ත එකක්.
ආනන්දන් නමැති එම පුද්ගලයාගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහජීව උණ්ඩද සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තාගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම ගිනි අවිය ජීව උණ්ඩ සහ බෝට්ටුව සොයා ගැනීමට සමත්වී තිබෙනවා.
කොළඹ නුවර මාර්ගයේ තිහාරිය ඕගොඩපොළ ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් අන්තෝනි පිල්ලේ ආනන්දන් නැමැති සැකකරු පැය 72ක කාලයකට රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ පෙන්වාදීම මත එම ගිනි අවි සහජීව උණ්ඩ ඉෂාරා සෙව්වන්දී ට ඉන්දියාවට පලායාම සඳහා යොදාගත් බෝට්ටුව මෙසේ සොයාගෙන තිබෙනවා.
මෙම සැකකරු ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලායාමට දැනට විදෙස් ගතව සිටින මොහොමත් රිස්වි නොහොත් සිලෝන් බායි යන පුද්ගලයාගේ උපදෙස් මත බෝට්ටු පහසුකම් ලබා දුන් බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.
ඉෂාරා සිව්වන්දී නමැති සැකකාරියගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඇයට බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙන් ඉකුත් මැයි මස 8 වෙනි දින ඉන්දියාවට පලායාමට අවශ්‍ය කටයුතු සිදු කර දුන් පුද්ගලයා වන සැකකාර අන්තෝනිපිල්ලේ ආනන්දන් නැමැත්තාගේ උපදෙස් මත එසේ විදේශ ගතවන තෙක් එම මස 06 වැනි දින දක්වා කිලිනොච්චිය උදේ නගර් බටහිර නිවසක අත්අඩංගුවට ගත් පෙරුමාල් සත්තකේෂන් නමැත්තා නවාතැන් පහසුකම් සපයා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න,කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ
උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකු හෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංග සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබනවා.
එමෙන්ම, ඉෂාරා සෙව්වන්දිට රටින් පළා යෑමට උපකාර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන ජාවාරම්කරුවෙකු වන ආනන්දන් නමැත්තාට ඊයේ රැදවුම් නියෝග ලබාගැනීමටයි කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගනු ලැබුවේ.
මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් නිර්මල ප්‍රසංග හෙවත් බැකෝ සමන් නැමැත්තාට අයත් සුඛෝපභෝගී බස් රථ 02 ක් ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයට ගනු ලැබුවා. රුපියල් කෝටි 8 කට ආසන්න වටිනාකමක් සහිත එම බස් රථවලින් එකක් සංචාරකයින් ප්‍රවාහනය කරන සුඛෝපභෝගී බස් රථයක් වන අතර එය සොයාගෙන ඇත්තේ කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේදීයි.
අනෙක් බස් රථය මොණරාගල - කොළඹ අතර මගී ධාවනය සදහා එක්කර තිබූ අතර, එය කොළඹදී පොලිස් භාරයට ගැණුනා.